මොහොතක් සිතන්න....

ඔබ සතුව ඇත්තේ උපතේ පටන් මේ පංචස්කන්දය පමනී. එය ඊට වඩා වැදගත් වස්තුවක් අයුරින් ලෙල දෙන්නට නම් ඔබගෙ මනස හා නැණස මැනවින් රෝපනය කළ පුද්ගලයෙකු අයුරින් නිමැවෙන්නට වෙර දරන්න. ඔබ උපදින මොහොතේ ලබා ගත් ශාරීරික අවයව වලට වඩා දැනුමක් ඔබ මේ මොහොත වෙනකොට ලබා ඇත්නම් ඒ ඔබගෙ උත්සාහය මතයී. එසේ නම් ඔබ නැවත නැවතත් ඔබෙ සිතින් සිතන පතන සියල්ලම ලැබ ගන්නට වෙරදරන්න. යමක් කරන්න ප්ලෑන් කරන්න. එය ඒ අයුරින්ම සිදු කරමි යැයි සිතන්න. ඒ තුලින් ඔබෙ සියලුම බලාපොරොත්තු සපල කරගත හැකිම වනු ඇත. ලෝකයේ දිවි ගෙවන්නාවූ අප සියල්ලෝම එන විට ගෙනා දෙයක් නැත. ඇත්තේ මේ ලෝකයට පැමින සිදුකර ගත් දේම පමණි. එය ඔබේ මනසින් හා නැණසින් සිතා කටයුතු කරන්නට මේ සුදුසු කාලයයී. අප මේ පරිහරනය කරන සියලුම බඩුබාහිරාදිය තෙවෙකෙකු විසින් ඔහුගේ මනසින් හා නැණසින් ක්‍රියාත්මක වීමතුලින් සිදු කරන ලදි. එසේ නම් ඒ සියල්ලම මුල් කරගෙන අපට අපගෙ දිවිය සාර්ථකව නිමවාගන්නට නොහැකිද?මේ ගැන මොහොතක් සිතා කටයුතු කරන්න.

Comments

Popular posts from this blog

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ