ලෝකයම අදුරු වූ මං පෙතක් තුළ

ලෝකයම අදුරු වූ මං පෙතක් තුළ ඇවිද යන විට ඔබ පමණක් හෝ එලිය ඇති සොදුරු මාවතක් තුළ මැනවින් පිය මනින්නට වෙර දරන්නේ නම් ඒ ඔබ යන මග තුළ ඔබ මානසිකව වින්දනය කරන ලද සැනසීම දෙස බලා අන්‍යයන්ද ඒ මග අනුගමනය කරන්නට පෙළබෙනු ඇත. ඒ මන්දයත්? ගතානුගතිකත්වය අද දිවි ගෙවන්නාවූ බොහෝ පිරිසක් අනුගමනය කරන නිසාවෙනි. හැබැයි ඔබ ගමන් ගන්නා මාර්ගය අන්‍යයන්ට දැනෙන්නට අනුගමනය කළ යුතුමය.

අප උපත ලද්දේ විශවයේ යථාර්තාවබෝදය ලබමින් මැරි මැරී උපදිමින් දුක් විදන්නට නොවේ යන වග ඔබ නිතරම සිහියෙහි තබගෙන කටයුතු කළ යුතුය. එහෙත් ඒ අවබෝධය ලබන්නට ඔබ කෙතරම් වෙහෙසක් දරනවාද? ඔබ හැම මොහොතක සිද්ද කරනුයේ පසිදුරන් පිනවමින් ජීවත්වන කාල පරාසය සතුටින් හෝ දුකින් නිම කර දැමීමට නොවේද? ඒ තුළින් අපි තව තවත් මේ සසර කතරේ ඇවිද යන්නට මාවතක් නිර්මාණය කර ගනු මිසක් විවර කරගත් මාවත් වැසීමක් සිදු නොකරයී.

සිදුහත් කුමාරයාට කොපමණ නම් වස්තු සම්භාරයක් මෙන්ම සැප සම්පත්තියක් වින්දනය කර මියැදෙන්නට ඉඩ ප්‍රස්ථාවක් තිබුණාද? එහෙත් උන්වහන්සේ සිදු කළේ කුමක්ද? මුලු මහත් ලෝක සත්වයාම මහලු වෙමින්, ජරාවට පත් වෙමින්, මැරෙමින් දිවි ගෙවන්නා වූ දිවියේ සැනසීමක් සොයා ගන්නට කෙතරම් වෙහෙසුනාද? ඒ වෙහෙසීම තුළින් කෙතරම් ජීවිත ප්‍රමාණයක් සැනසුනාද? එහෙත් සිදුහත් කුමාරයාද ස්වකීය සක්විති සැප සම්පත් තුළින් පසිදුරන් පිනවමින් දිවි ගෙවා මිය ගියා නම් අප මේ අසන එකදු යහපත් කරුණක් හෝ අසන්නට ලැබෙති දැයී ඔබගේ මනසින් ඔබම මොහොතක් සිත බලන්න. එසේ සිතා අපද මුලු මහත් විශ්වයෙම යථාර්තය අවබොධ කරලන්නට කටයුතු කරමු අද පටන්.

Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::