සැනසුම සොයන නිවැරදි මග සොයනු මැන.
සැනසුම සොයන නිවැරදි මග සොයනු මැන
වැනසෙන දේ දුකයි නොතිරයී සිතනු මැන
යහ මග ගියොත් නිවැරදි මග නැණින් දැන
සැනසුම මිසක දුකදුලු නැත සියලු තැන
සතුටක් සොයා නොමගට ඔබ යන්න එපා
එවිටදි විපත ඔබ හමුවේ දිලෙති සිපා
සන්සාරයේ ඇති දුකදුලු නැණින් කපා
වනසනු පිණිස සැරසෙනු ඔබ මනස දපා
ආදරයේ පහස සොයා රාගයේ ඇලලෙන්න එපා
සන්සාරයේ ඇවිද ඇවිද දුකදුලු විදවන්න එපා
නිවැරදි මග සොයන් මිසක් වැරදිම මග යන්න එපා
ඔබ හට ඔබ මිසක් තවෙකෙකු ඇත සිතනු එපා
සන්සාරයේ ඇවිද ඇවිද දුකදුලු විදවන්න එපා
නිවැරදි මග සොයන් මිසක් වැරදිම මග යන්න එපා
ඔබ හට ඔබ මිසක් තවෙකෙකු ඇත සිතනු එපා
ඔබ හට පිහිට ඔබ හැර වෙන කෙනෙකු නැත
ඒ ගැන සිතුම ඔබ හට අද කළ හැකිද
නොසිතුව නමුදු එය සැබැවකි මෙමනු සිත
වෙනවා වෙනස් එනිසා එය සිතනු සත
ඔබ හට පිහිට ඔබ හැර ලොව වෙන කවුද
යනුවෙන් සිතුම ඔබ හට අද කළ හැකිද
එලෙසින් සිතුවිල්ල ඔබ අද නොසිතුවද
ඔබමයි ඔබේ ලොව එලික්ල එකම සද
දුකදුලු රෑදුන විට සතුටක් සිතන අප
ඇයි ඒ දුකට හැතුව ගැන නොසිත සිප
විදවන සසරෙ ඉපදී නිති සසර කප
නැසුමට වෙහෙස ගමු අදවත් මෝහ අප
යනුවෙන් සිතුම ඔබ හට අද කළ හැකිද
එලෙසින් සිතුවිල්ල ඔබ අද නොසිතුවද
ඔබමයි ඔබේ ලොව එලික්ල එකම සද
දුකදුලු රෑදුන විට සතුටක් සිතන අප
ඇයි ඒ දුකට හැතුව ගැන නොසිත සිප
විදවන සසරෙ ඉපදී නිති සසර කප
නැසුමට වෙහෙස ගමු අදවත් මෝහ අප
Comments
Post a Comment