ඔබ සතු නිවැරදි චින්තන ශක්තිය

ඔබ සතු නිවැරදි චින්තන ශක්තිය දුර්වල කරනු වස් මත් ද්‍රව්‍ය ලක්දිවට ගෙන්වන ලදි. එහෙත් එය වටහා ගන්නට නොහැකි මොඩයින්  වැනි ලක්දිව මිනිස් සන්හතියම එයින් ඇතිවන අන්තගාමි තත්වය මැනවින් දැනහැදින එයම සිදු කරමින් ස්වකීය මානසිකත්වය හා නැණස දුර්වල කර ගෙන නොයෙකුත් දුරාචාරයන්ට නතුව කටයුතු කරමින් ස්වකීය විමුක්තිය දුර්මුක්තියක් බවට පත් කරගෙන ඇත. එයට වගකිව යුත්තේ ඔබම බව ඔබේ නැනසින් හා මනසින් මැනවින් වටහාගෙන කටයුතු කරන තාක්කල් ඔබට විදින්නට සිදු වන්නේ මන්ද මානසිකත්වයෙන් යුතු උන්මත්තකයෙකුම අයුරින් මිසක් යහපත් මානසිකත්වයකින් යුතු පුද්ගලයෙකු අයුරින් නම් නොවෙ. ඔබට යහපත් චින්තන ශක්තියක් ඔබේ උත්පත්තියෙන්ම හිමිවී ඇත. එහෙත් අද මේ වන විට ඒ චින්තන ශක්තිය විනාශයට පත් වී ඇත. ඒ කවරාකාරයෙන්ද යන වග අප මෙ අයුරින් විමසා බලමු.


යහපත අයහපත කිමදැයි දැන හැදින
කටයුතු කරන කළ විදවයි සතුට මන
යහපත හැදින නොමගට නිති හිස නමන
මිනිසට උරුම වැනසුම මිස වෙන කුමන

අපායට බියෙන් මත්දිය නොබිව් මට
උපායෙන් පොවා යලි මා ගෙන සතුට
පපාදර සිටින සුරතල් කුමරු සෙට
කපා දැමු බැවින් විය සතුරන්ට යට

මෙවැනි අදහස් ගලාගෙන එන්නේ කුමක් නිසාද? ඔබ නොමගට ඇදෙන බව දැන කම්පාවන අපගේ හදවත් නිසාම නොවේද?

ඔබ සැබෑ බෞද්ධයෙක්ද? එසේ නම් ඔබ ඔබගෙ මනසින් විමසන්න මේ කරුණු 5ට අනුව ඔබ ජීවත් වනවාද යන වග?

1. අන්‍යය ප්‍රාණයක් තොර කීරීමෙහි නිරතද?
2. අන්‍යන් සතු වූවක් පැහැර ගැනීමෙහි නිරතද?
3. කාමය වරදවා හැසිරීමෙහි නිරතද?(සිත,කය,වචනය )
4. බොරු කීමෙහි නිරතද?
5. අප්‍රමාදයට හේතුවන මධ්‍යසාර පරිහරණයෙහි නිරතද?

මේ කටයුතු තුළ ඔබ සුලුවෙන් හෝ නියැලෙන්නේ නම් ඔබ බෞද්ධයෙක් නොවන්නේය.


ඔබ මේ සියල්ලෙන්ම වෙන් වී ඔඅබගෙ දිවි පැවැත්ම සුරකිනු වස් යම් රෑකියාවක නිරතව කටයුතු කරන්නේද? අන්න එතනදි ඔබ සැබෑ බෞද්ධයෙක් හා ධාර්මික වත්පිලිවෙත් මාලාවක් අනුගමනය කරන්නෙකු යැයි අපට නම් කළ හැකිය.

ඔබ ඔබට හෝ මේ විශ්වයට බොරුවක් කළ නොහැක. එසේ බොරුවක් කර්න්නේ නම් එහි ඵලයද විදවන්නට සිදුවන්නේද ඔබටමය. එය මේ අයුරින් දේශිතය.

" කම්මස්සකා මානව සත්තා කම්මයෝනි, කම්ම බන්දු, කම්ම පටිසරණා, යන්කම්මන් කරිස්සාමී කළ්‍යානන්වා පාපකන්වා තස්සදායාදෝ භවිස්සාමී....."

"මානව සත්වයා විසින් ක්‍රියාව ස්වකීය උත්ප්වත්තිස්ථාන කොට ඇත, එකම නෑයාද කොට ඇත, එකම පිළිසරණ කොට ඇත, යමෙක් යම් ක්‍රියාවක් සිදු කරයිද එය යහපතක් හෝ අයහපතක් වේවා එය තමන් විසින්ම විදින්නට සිදු වනු ඇත."

මෙය විශ්ව සම්මත ධර්මතාවයකි. එය මැනවින් නැණසින් දැන හැදින කටයුතු කරනතාක් කල් අප සියල්ලන්ටම යහපත් මානසික ප්‍රතිපදාවකින් යුතු දිවිපෙවෙතක් ගෙවිය හැකිය. එසේ නොවනතාක් කල් ඔබ උමතුවූ පුද්ගලයෙකුම අයුරින් දිවි ගෙවනු ඇත. එවැනි පුහුදුන් පුද්ගලයන් මේ ලෝකය තුල දැනුදු මහපොළොවටද බරක්ව දිවි ගෙවනු ඇත.

Komentar

  1. "මෙය විශ්ව සම්මත ධර්මතාවයකි."

    මෙම විශ්ව සම්මත ධර්මතාවය වටහා දීමට උත්සාහ කරන පූජ්‍ය මැදිරිගිරියේ සෝමානන්ද හාමුදුරුවන්ට පින්.

    BalasHapus

Posting Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::