Saturday, March 10, 2012

නොමැතිය දෙමාපිය හදවත් ඇරුනේ


ගහකොළ අහස නිල් නෙතු අග      ගැටුනමුද
 මව්පියො කරපු වරදින් මම          මෙතන අද.
 ඒ ගැන සිතුනමුදු කිරිකැටි                බිලිදු හද.
නොමැතිය දෙමාපිය හදවත්        ඇරුනෙ අද.


වෙනස්වන ලෝකයක් තුළ දිවිගෙවන්නා වූ අප සියලුම දෙනා කිසිදු මොහොතක නොවෙනස්වන්නේ යැයි සිතින් මවාගත් මායා ලෝකයක් තුළ එහෙ මෙහෙ අතගාමින් අන්ද මන්දව ඇවිදිති. ඒ ඇවිදිම තුළ ඔවුනොවුන්ට කිසිදු අවබෝධයක් ලබාගත නොහැකි වන්නේ ගතානුගතික මානසිකත්වයක නියැලෙන නිසාවෙන් බව ඔවුන් කිසිදු මොහොතක පිළිනොගනී. එය පිලිගන්නා දවසට ඔබ යායුතු දුක්ඛිත අන්ත අසරණ තත්වයට පත්වී හමාරය. නිදහස් හා නිවහල් මානසිකත්වයක් ඔබගේ අනාගතය වෙනුවෙන් ඔබට නිමවාගත යුතු නම් එය ඔබ විසින්ම තනිවම නිමවා ගත යුතුවා මිසක් ඔබ අසල ඇති තවෙකෙකු තුළින් එය නිමවාගත නොහැකිවනු ඇත.


ඔබ ජීවත්වන්නේ මේ මුලු විශ්වය තුළ බොහොම සීමිත කාලපරාසයකි. එහෙත් ඔබ ඒ සීමිත කාලපරාසය මහා ලොකු කාල පරාසයක් යැයී සිතින් මවාගත් අන්ධානුකරනයෙන් යුතු හොද සහ නරක යන ප්‍රතිපදාවන් රාශියක් අනුගමනය කරයී. එහෙත් ඒ ප්‍රතිපදාවන් තුළින් ඔබ ලබන සැනසීම කෙතරම් සතුටුදායකද? එමෙන්ම දුක්ඛිතදායකද යන වග මේ රූපය දෙස බලන විට මැනවින් වටහාගත හැකිය. සුන්දර වූ ලෝකය තුළ අප සියල්ලෝම නිතරම උත්සහ කරන්නේ සුන්දර දසුන් මවන්නටම පමණි. එහෙත් ඒ සීමිත පිරිසකි. තව බොහෝ පිරිසක් ඒ සුන්දර ලෝකය තුළ අසුන්දර දසුන් මවන්නට වෙහෙසෙති. එයට හේතුව කුමක්ද? ඔවුනොවුන්ගේ මානසිකත්වය තුළ ඇති අනවබෝධයෙන් යුතු හැසිරීම් රටාවම නොවෙද? එයමයී. අපි ඔවුන්ව ඒ අයුරින් සිරගතකොට දඩුවම් දෙනු මිසක් ඔවුන් ඒ තත්වයට පත්වන්නට හේතුව කුමක්දැයී කිසිදු මොහොතක නොවිමසයී. එය විමසා බලන්නේ නම් අපට මෙවැනි පුද්ගලයන් නැවත මේ ලෝකය තුළ නිර්මාණය නොවෙන්නට ඉමහත් සේවයක් සිදු කරන්නට හැකියාව ඇත.

මෙවැනි පුද්ගලයන් සිරගතකොට තබා නැවත ඔවුන් නිදහස් කරයී. එතකොට ඔවුන් නැවතද අනුගමනය කරන්නේ එවැනිම සෘණාත්මක සන්කල්පයන්ගෙන් යුතු මානසික ප්‍රතිපදාවක්ම නොවේද? එයමයී. ඒ නිසා ඔබ සිදුකළ යුත්තේ වරදක් කල පුදගලයා ඒ වරද ඔහුට කිය කියා තව තවත් මානසික තාඩන පිඩන මැදට නතුකීරීම නොවේ. එය මග හැරවීමට යම් ක්‍රියාපටිපාටියක් අනුගමනය කරන්නට හුරුකිරීමයී. එසේ නොවුනු සද මදක් කුලප්පු වී ඇති ඇතෙකුට තවත් ප්‍රතිපහාරයක් දියත් කල පසු ඌ තවත් මුලින් කලාටත් වඩා මහත් විනාශයක් සිදු කරයී. එලෙසමය සිරගතකොට නැවත නිදහස ලබන පුහුදුන් පුද්ගලයාද?

අප සියල්ලෝම උපතින් උම්මත්තකයෝ වෙමු. ඒ උමතු භාවය දුරුවන්නේ ඔබ යම්තාක් දුරට හෝ අධ්‍යාපනයක් ලැබූ පසුවය. එසේ නම් ඒ අවබෝධයෙන් ඔබ ඔබට මෙනම රටටත් මුලු මහත් විශ්වයටත් යම සේවයක් සිදු කරන්නට වෙර දරන්න. එවිට ඔබ සතු උමතු භාවය තුරන් වීදු පහන දැල් වෙනු ඇත. එසේ නොවුනු සද ඔබ ලැබූ අධ්‍යාපනය ගැනද නොතකා මහත් භීෂනකාරී පුද්ගලයෙකු අයුරින් කටයුතු කරන්නටම ඔබගේ චින්තන ශක්තිය මුවහත් කරන්නේ නම් එය හේතු කොටගෙනම ඔබගේ විනාශයද සිදු කරන්නට අවැසි වටපිටාවක්ද ඉබේටම නිමැවෙන්නේ ඔබ විසින්ම කරන ලද වැරදි ක්‍රියා ක්‍රියා කලාපයන්ගේ ප්‍රතිඵලයක් වශයෙනි.

No comments:

Post a Comment