ජීවිතේ ඇති සොදුරු අභිමන්

ජීවිතේ ඇති සොදුරු අභිමන්
දකින මේ ජීවිත වලට
යම්දිනක ගැටලුවක් පැමිණි සද
එයින් මිදෙන්නට වන්නේ
උමතු වූවෙකි ලෙසින්මය ලොව
පටාචාරා,කිසාගෝතමි වැනියවුන් ලොව
ආලයෙන් මත් වෙලා
මොහයෙන් තෙත්වෙලා
ජීවිතේ ඇති යථා තතු
පෙර දිනක දුටුවා නම්
එවැනි දුදසුන් නොමැවෙනු ඇත.
එහෙත් එය නොදුටුම නිසා
පසුව මහා දුක් ගිනි පැසක



තැවුනේය දුකකින්ම.
එහෙත් දිනිදුන් දෙසුව දම් පද
වටහාගෙන එකලදි උන් සැනසුනී.
නමුදු මෙකළදි මොවුන් වැලපෙන
විටදි සැනසෙන මගක් පෙන්වන දිනිදු
කොතැනද වැඩ සිටින්නේ?
ලොවේ සැනසුම සොයා යනු මිස
භවේ කෙළවර සොයා යන්නට
වෙහෙස වෙන අය කොහෙද මේ ලොව
දිවි ගෙවන්නේ?
ජීවිතේ ඇති සොදුරු මාවත
ඇතත් එය තාවකාලික
සැනසුමෙන් යුතු මාවතක් බව
සිතා දිවි මග
නියම ආලෝකයෙන් යුතු
මන්පෙතක් වෙත පිය මනින්නේ නම් යහපති..

Comments

Popular posts from this blog

පොපියන චමත්කාරය විඳින සිංහලයා

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::