Wednesday, March 14, 2012

ජිවිතය පටන් ගන්න නම් බාධකයක් තිබිය යුතුයි

සංසාරය නැමති සාගරයේ ඒ මේ අත පිහිනමින් සිටින අප සැවොම ඉන් එතෙර වන්නට කෙතරම් වෙහෙසක් දරන්නේදැයි අපගේ මනසින් විමසන කල්හි සුදුසු පිළිතුරක් ලද හැකිය. එහෙත් ඒ වෙහෙස අපගේ ජීවිතය කෙතරම් සාර්ථකව නිර්මාණය කරන්නේද? කෙතරම් නිර්මාණය කරන්නේද ?අප අපගෙන්ම විමසා නැණසින් වටහා ගෙන මේ ගමන නිවැරදිව ගමන් කරන්නට වෙහෙස විය යුත්තේ  මන්ද යත්? අපගේ ගමන් මග තුළ නොයෙකුත් බාධක හමුෙවි සැලෙන්නට සිදුවන නිසාවෙනි. බොහෝ පිරිසක් තමන් යන ගමන් මග තුළ කවර හෝ ගැටළුවක් පැන නැගෙන සෑම මොහොතකම සිදු කරන එකම කාර්යය කුමක්ද? ගැටළුව සමීපයට වී මම මේ ගැටළුව නිරාකරණය කර ගන්නේ කෙසේදැයි විමසන එකද? එසේත් නැතිනම් ඒ ගැටළුව හමුෙවි නොයෙක් සන්තාපයට පත් වී තව තවත් තමන්ගේ මනසේ ක්‍රියාකාරකම අඩපණ කරන එකද? අප එවැනි තත්වයකට මුහුණ පා තිඛෙන්නේ ඇයි? එයට හේතුව කුමක්ද? 


මේ සියල්ලටම හේතු සාධකයන් අප සතුව ඇත. එහෙත් ඒ හේතු සාධක සිය නැණසින් පණ පොවා මනසින් ක්‍රියාවෙහි යොදවන්නට තරම් නැණස මෙහෙයවන්නට උත්සාහ නොකරයි. අප තවමත් අවිද්‍යාව නමැති අඳුරු ගුහාවක් තුළ හිඳ කටයුතු කරනවා යැයි සිතෙන්නේ ඒ නිසාය. අප තව තවත් එයම දැනගෙන කටයුතු කරනු මිසක් එයට වඩා හාත්පසින්ම වෙනස් වූ ගමන් මගක් තුළද? නැහැ නේද? බුදුන් වහන්සේ විසින් ඒ බව මැනවින් දේශනා කර ඇත.

අප්පකා තේ මනුස්සේසු  -  යේ ජනා පාර ගාමිනො
අතායං ඉතරා පජා          -  තීරමේවානු  ධාවතී  

මේ සංසාර සාගරයෙන් එතෙරට යන්නේ බොහොම ස්වල්පයකි. අප සියල්ලෝම මේ සංසාරය නමැති සාගරයේ පරතෙර දෙස බලා සුසුම් හෙලන්නෝය.
එය එසේ වන්නේ කවර හේතුවක් නිසාදැයි විමසිය හැකි දියුණු සාමකාමී මනසක් මෙන්ම නැණසක් තිබියදීත් එයට අනුකූලව කටයුතු නොකරන නිසා බොහෝ දුක්විඳ ලබා ගත් මේ මනුෂ්‍ය ජීවිතය වනසාලන්නට බොහෝ පිරිසක් පෙළඹී ඇත. මේ විනාශයෙන් මුදවා ගන්නට නම් අප කුමක් කළ යුතුද?

අපට හමුවන සෑම බාධකයක්ම හමුෙවි සුසුම් හෙලමින් සිටින්නේ යමෙක්ද? ඔහු එතනින් ඉදිරියට කිසිදු පියවරක් නොතබනු ඇත. එහෙත් ඔහු ඒ අවස්ථාව තුළදී ප්‍රඥාෙවි දියුණුව වනාහි නොසැලෙන අධිෂ්ඨානයයි යන්න සිතා මා මෙතන නොනැවතී කෙලෙසක හෝ මින් ඉදිරියට ගමන් කළ යුතු යැයි සිහියට නගා ගෙන ඒ අනුව කටයුතු කරන්නේ නම් ඔහුගේ මුළු ජීවිතයම බාධකයන් ජය ගන්නා අයුරින් නිර්මාණය කර ගත හැකිය. සසර සයුර සැඩ පහරේ අඳුරු දිවිමග පසක් කරමින් මුළු මහත් ලෝක සත්වයාටම ප්‍රඥාෙවි ආලෝකය පෙන්වන්නට දහම් ආලෝකය සොයාලන්නට සිදුහත් කුමරුන් කෙතරම් වෙහෙසක් ගත්තාද? වනගත වී අන් අයගේ පිහිටක් ඇතුවද බුදුබව ලබා ගත්තේ? නැහැ. උන් වහන්සේ ස්වකීය වීර්යෙන් යුතුව තනිවම එය අවබෝධ කර ගන්නට යෙදුනේ මෙය තමන් තනිවම යා යුතු ගමනක් බැවිනි. එසේම ඒ සොයා ගත් දහම තුලින් කෙතරම් සත්වයින් පිරිසකගේ දිවියට ආලෝකයක් උදා කළාද? ඒ තුලින් කෙතරම් පිරිසක් සැනසුනාද? ඒ නිසාම කෙතරම් පිරිසක් බුදුන් වහන්සේට නින්දා අපහාස කරන්නට පෙළඹුනාද? බුදුන් වැඩි මගට මහා ගල්කුළු මෙන්ම දුණුවායන් යවා උන් වහන්සේ ඝාතනය කරන්නට කෙතරම් පිරිසක් උත්සාහ දැරුවාදැයි අප සියලූම දෙනා දන්නා කරුණකි. එසේම ඒ සියල්ලකටම උන් වහන්සේ නොසැලී මුහුණ දුන්නේ නොසැලෙන අධිෂ්ඨානයෙන් යුතුව නැණ පහන දැල්වූ නිසාවෙන් නොවේද? අපද අපගේ දිවිය තුළට එන සියලූම බාධකයන් හමුවේ දිවිය සරසා ගැනීමේ අරමුනින් ඒ බාධක ජය ගන්නට උත්සහ දරනවාද? එසේත් නැතිනම් ස්වකීය ජීවිතය වනසාගන්නට තරම් අමනයෙකු නොවිය යුතුයි. දිවිය බබලන සැනසුම ලැබී තුටුවන දිවිමගක් සකසා ගන්නට අවැසි මංපෙත් හෙලි  කරන්නට අවැසි මූලික අඩිතාලම තමන් විසින්ම නිවැරදිව නිර්මාණය කළ යුතුව ඇත. ගැටලූවක් හමුවේ අප සියලූම දෙනා මනා සැලසුම්කාරි අරමුණු වලින් පරිපූර්ණ විය යුතුයී.

සැනසීම අරමුණු කරගනිමින් නොයෙකුත් කාර්යන් තුල නියැලෙන අපට ඒ කාර්යන් මැනවින් නිමා කර ගත නොහැකි තත්වයෙන් යුතු ගැටලූ වලට මුහුණ පාන්නට සිදුවෙයි.එහෙත් ඒ ගැටලූ හමුවේ නොසැලී ඉදිරියට යා යුතුයී. ඒ බාධකය දෙස බලමින් වැලපෙන්නට කට යුතු කරන්නේ නම් එය තමන්ගේ දිවියේ සැනසීමට මහත් උපකාරයක් වනු ඇත. පුංචි අවධියේ අප දණගාමන් ඇවිදින විට බිම ඇද වැටෙනු ඇත. එහෙත් ඒ වැටුනු අවස්ථා තුලදී අප ඒ අයුරින්ම සිටින්නේද? නැහැ වහා ගොඩ නැගෙන්නටම උත්සහ දරයි. ඒ  උත්සහයේ සාර්ථකත්වය මත අප අද ශක්තිමත් වියතෙකු අයුරින් හා දුබලයෙකු අයුරින් ගොඩ නැගී ඇත.

No comments:

Post a Comment