Sunday, March 25, 2012

රහමෙරෙන් මත් වෙලා

රහමෙරෙන් මත් වෙලා 
මෝහයෙන් තෙත් වෙලා 
කාමයට ගිජු වෙලා නිතිරර දු ගිනි සිබින 
සූදුවේ පැටලිලා පිරිහුමේ දොරට යන 
ප්‍රේමයේ නාමයෙන්
මරුගේ තුරුළටම යන 

ලැජ්ජාව වියැකිලා 
දුරාචාරයේ සැරිසරන 
ම්විපියො වෙතට නිති 
නොසලකා වෙනත යන 
මව්පියන් ගුණය නිති 
නොදකිනා මිනිසුනේ 
මිරිගුවක් නැමති ඒ 
කම් සැපය පස දුවන 
මිරිගුවක් නැමති ඒ 
ධනය පසු දිව යනෙන 
ලෝකයා මගේ නෙතු 
අභියසදි හඩන දින 
කිමද ඔබ හඩන්නේ 
මෙමා හට කියනු මැන


දුක්ගිනි නොබොන්නට මන්පෙත් සැලැස්සූ
ලැව්ගිනි වගේ     කම්සැප    නොම ඇවිස්සූ
සත්ගුණ    දහම   හද     මැදුරෙහි    ගැවිස්සූ
යහ ගුණ   දැනුම    ඇති    හින්දලු    මිනිස්සූ
 

නිසල වූ සසර විල 
සසල කරමින් 
දිවිය ගෙවමින් 
ඇවිද යන්නට 
උත්සුකම වනු මැනවි 
සුමිතුරේ.
එසේ වුවහොත් 
සැවොම සතහට 
මෙසසරින් මිදෙන්නට 
හැකිම වනු ඇත.
සිතින් සිතා 
නුවණින් විමසා ඔබම සුසිතන 
සියලු කටයුතු 
කරනු මැනවි 
මේ සසර ගමනේ
එසේ නොවුනොත් 
අනිසි ප්‍රතිඵල විදින්නට සිදුම වේ.

No comments:

Post a Comment