Saturday, March 24, 2012

අත මිට ඇති දාට කවුරුත් ලගම ඇත.

අත මිට ඇති දාට  කවුරුත්     ලගම ඇත
රූ සපු ඇතිදාට එය තව    දෙගුණ වෙත
මේ හැම නැතිදාට ලෝසත එරෙහි වෙත
එවිටදි මෙමනු ලෝකය නම් අපිය වෙත
උන්නත් හැඩට සලුපිලි    හැද සතුටින්නෙ
කලකදි මෙකය වැහැරී එය වියැකෙන්නෙ
එකලදි තරුණකල කළ    දේ සිහිවන්නෙ
එවිටදි මෙකල සිටි     අය නෑ සලකන්න
අටලෝ දහම ලොව   ඇති අනියතේ පැති
පෙන්වා දෙතත්  පස්ලෝ සුර කරේ වෙති
කිමදැයි මෙයට හේතුව    මම හැදින ගති
මිසදිටු මගක    සැමදෙන පිය නගයි නිති
මිතුරෙකු නොමැත ලෝකය තුළ ගුණය ඇති
එනමුදු හතුරො    සිටිනව      අව ගුණය ඇති
ඔබ හට පිහිට ඔබ   මිස    වෙන කවුරු නැති
යනුවෙන් බුදුන්      විටකදි     දම් දෙසා ඇති
රාගයෙ ගින්නකින් ඇවිලෙන      මිනිස් කැල
සොයමින්     යනව රගය      නිවනා    පතුල
එනමුත් කිසිදු මොහොතක එය නොදුටු කල
දුක් වී    තැවෙති   සිතමින්    මේ   අනිසි ඵල
සතුරන්   නිතර අප  ලග     කැරකෙන      හින්දා
මිතුරන් විලස    නොම   ගනු  මැන  උන්  බන්දා
උනොතින් එහෙම කලහොත් ලොව නව නින්දා
බන්දා     වසන්නට    සිදුවෙයී      දුක්     කැන්දා
හිරු දුටු පින්න සැනෙකින් ලොව වියැකෙන්වා
රුව දුටු නෙතට රාගයෙ       ගිනි  ඇවිලෙනවා
රසදුන්     නෙතග    තැවරුවමුදු   වියැකෙනවා
එය දැන නොදැන වියතුන් මෙන් හිනැහෙනවා
ගිනිගෙන දැවෙන   සිත් සනසන     විටදි   නිති
සොමිගෙන සැවොම නැසෙනා හැටි සිතේ ඇති
එනමුදු  එගැන   මෙතනදි    කිව   ඵලක්   නැති
එනිසා   එයම   ඔවදන්   ලෙස      ගනිනු    ඇති
ලෝකය ගෝලයකි එය නිති      කැරකෙනවා
එය ගැන නොසිතු මුත් නිතියෙන් එය වෙනවා
එලෙසම මෙ අප උපතින් පසු     වියැකෙනවා
එය දැන ගෙවන    කාලය    ගෙවයුතු වෙනවා
නොවෙනස් මිතුරු දම් ලෝකයෙ කොහෙද අනේ
එහෙමත් කෙනෙක් ඇත් නම් ඒ    තමන්     අනේ
නොවනස්   පිතුරු    දම්     වවමින්    සසර   වනේ
ඇවිදින්නට   නොයා    වනසමු    කෙළෙස්   වනේ
කාලය රනට  උපමා කොට ලැබුව    බල
දන්නේ නිතර  වැඩපලවල යෙදෙන කල
මාලය සදිසි හිමිදෙසු දම්  නොදුටු     කල
කාලය මොකක්දැයී නොසිතයි මනු දුබල
ඉන්නව ඉන්නවට   මිතුරන්  මෙමනු  ලොව
එනමුදු බුදුන් කළ නොගටනු  මෙමනු ලොව
මෙකලදි  ඉන්න   සැම   සිතගින්   දුබල  බව
දැනගෙන  සිටියහොත්   යහපති මිනිස් ලොව