Thursday, March 15, 2012

සුන්දර අයුරින් ගෙවන්නට තිබෙන ජීවිතේ

සුන්දර අයුරින් ගෙවන්නට තිබෙන ජීවන මන්පෙත තුළ අසුන්දර වූ මහත් විඩාබරව ඇවිද යන්නට සිදුවන මංපෙත්ද මුන ගැසෙනු ඇත. ඒ මංපෙත් ඔබෙ මුව අබියස හිදිමින් ඔබව ඒ මාර්ගය තුළ ඇවිදවන්නට කිසිදු උත්සාහයක් ඔබ සතු මනස තුළ කිසිදු මොහොතක ඇති කරනවාද? නැහැ එය කිසිදු මොහොතක කිසිදු අයුරින් සිදු නොකරන්නක් සේම සිදු නොවන්නක් බව අප මැනවින් සිතිය යුතුයී. එසේම අපට යන්නට දිගු ගමනක් ඇති බව සිතා කෙතරම් දුෂ්කර මාර්ගයක් තුල උවත් පෙරට නොසැලී යන්නට වෙර දරන්නේ නම් එහි අවසානයේදී මනා සැනසීමක් ලද හැකිය.


ජීවිතය සුන්දරයී මලක් මෙන් සුපිපෙන විට. එහෙත් ඒ මල සුපිපෙන්නට අවැසි සුදුසු පාරිසරික වටපිටාවක් තිබිය යුතුය. එසේ නොමැති නම් කිසිදු මලක් හෝ පැලයක් කිසිදු ස්ථානයක් මැනවින් රෝපනය නොවනු ඇත. ලෝකයේ සාර්ථකත්වයට පැමින ඇති බොහෝ පිරිසක් ඔවුන්ගේ සාර්ථකත්වයට හේතුව විමසන කල්හි එකහෙලාම ප්‍රකාශ කරන්නේ කුමක්ද? මම මට යායුතු යැයී අරමුණු කළ ස්තානයට එළඹෙනතුරු නිවැරදිව මා සතු මනස හා නැණස මෙහෙයවීමී.
ඒ තුළින් මා මාගේ සාර්තකත්වයට් පැමිණියෙමි. ලෝකය වටකුරු වුවත් ඒ ලෝකය තුළ දිවි ගෙවන්නා වූ බොහෝ පිරිසක් උඩු කුරු වන්නටම වෙර දරා එහි සාර්ථකත්වය දැක ඇත්තෙ නොසැලෙන අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කල නිසාවෙනි .

No comments:

Post a Comment