නිවැරදි සතුට යනු කුමක්ද?


සතුට යනු තමන්ට මුලින්ම මැනවින් සිදුකොට නිමා කරන්නට නොහැකි යැයි අරඹන ලද කටයුත්තක් මැනවින් සිදුකිරීමෙන් පසුව ලබන මානසික සැනසීමයි. එය අප තථාගත බුදුපියාණන් වහන්සේ විසින් මුළු මහත් ලෝකයටම මැනවින් පසක් කර දෙන ලදී.
    


සත්හට වන නියා දුක නැහැ     කෙලවරක
එනමුත් ඒ දුක නැතිකළ       යුතුමයි දිනක
නැතිනම් වේ අප සැමදා      ගිනියම් පැසක
දැවි දැවි පුපුරු ගහමින්          විඳවයි පවක
    
සම්බුදු පියාණන් වහන්සේ විසින්  බුද්ධත්වය පසක් කර ගත් මොහොතේ උන් වහන්සේගේ මනසට කොතරම් නම් නිර්ව්‍යාජ සතුටක් දැනුනාද? ඒ සතුට උන් වහන්සේ මුළු මහත් ලෝකයාටම ප්‍රකාශ කරන ලද්දේ කෙසේදැයි අප දනිමු. එහෙත් අපද ඒ ආකාරයෙන්ම සතුටුවන අවස්ථා බොහෝ ඇත. නමුත් ඒ අවස්ථාවන් තුළදී අප කරන්නේ කුමක්ද යන වග මැනවින් විමසා බැලිය යුතු කාලය එළඹ ඇත. අප ඒ අවස්ථාවන් තුළදී කරන එකම දේ ගැන විමසා බලමු.
    
බොහෝ පිරිසක් තමන්ගේ රැකියාවේ උසස් වීමක් ලැබුන අවස්ථාවන් තුළදී ඒ සතුට වෙනුවෙන් නොයෙකුත් ආකාරයෙන් විනෝද සාද පවත්වමින් මත් වතුර පරිහරණය කරමින් සතුට ප්‍රකාශ කරයි. එහෙත් එය නිර්ව්‍යාජ සතුටක්ද? එසේත් නැතිනම් ව්‍යාජ සතුටක්ද? එය ව්‍යාජ සතුටකි. ඒ තුළින් නිමාකොට අවසානයේදී තමන් විමසා බැලූවහොත් මේ සිද්ධ කල දේ තුලින් ලැබුන තෘප්තිය කුමක්දැයි එතනදී තමන්ගේ මුළු ජීවිතයම එපා වී යන තත්වයට සහ තමන්ගේ    උසස් වීමද එපාවී යන තත්වයට දුකක් දැනෙයි. ඒ මන්දයත් තමන්ගේ මහන්සියෙන් බොහෝ කාලයක් සොයා සපයාගන්නා ලද ධනයත් වියදම් වී ඇත. එසේත් නැතිනම් තමන්ගේ ගේ දොර නොයෙක් අයුරින් අපිරිසිදු වී, බොහෝ බඩු මුට්ටු ප්‍රමාණයක් විනාශ වී ඇත. එය ඒ අයුරින් සිදුවූයේ අප විසින් නොකළ යුතු දෙයක් ඒ මොහොතේදී කළ යුතුදෙයක් ලෙස අනුගමනය කළ නිසා නොෙවිද? එය එසේ යැයි අපගේ නැණස පිළිගන්නට තරම් ශක්තියක් නැත. එහෙත් අප ඒ නිසාම එය පිළිගන්නට හැකි නැණසක් මෙන්ම මනසක්ද නිර්මාණය කළ යුතුව ඇත. එසේම අපට සතුටක් ලැබුණු අවස්ථාවකදී ඒ සතුට සැමරිය යුත්තේ කවරාකාරයෙන්ද යන වග ඒ නිර්මාණය තුළින් අපට වටහාගත හැකි විය යුතුයි.
 
අප මෙසේ සිතා බලමු. අපගේ අධ්‍යාපනයේ හෝ රැකියා අවස්ථාෙවි හෝ යම් කඩ ඉමක් පසුකර තුටුවන මොහොතක ඒ ගැන නැණස මෙහෙයවා මනසින් නිර්ව්‍යාජත්වයෙන් යුතු සතුටක් ගොඩනගා එදිනම තවත් එවැනිම ජීවිතයේ සොඳුරු කඩඉමක් පසුකරන්නට පියවරක් ඔසවන්නට සිතුවොත් නරකද? ඒ මන්ද යත් සියලූ දෙනා පියෙන් පිය තබා ඉහළට යා යුතු මිසක් පියෙන් පිය ඉදිරියට ගොස් එක පියක නැවතී සිට වටපිට බලා සිරි නරඹන්නට ගියහොත් අපගේ පසුපසින් එන උදවිය අපව පසුකර ඉදිරියට යන්නට හෝ අපව විනාශ කොට පස්සට ඇද දමා ඉදිරියට යන්නට හෝ සැරසෙනු ඇත. ඒ නිසාම අප සියල්ල නැණසින් දැන හඳුනාගෙන මනසින් මෙහෙයවිය යුතුව ඇත. එවිට අප සියලූම දෙනාගේ මනුෂ්‍යය ජීවිතය සාර්ථක කර ගැනීමේ හැකියාව තව තවත් වැඩි දියුණු  වනු ඇත. එහෙත් අප අපගේ නැණසට කිසිදු උදව්වක් උපකාරයක් ජීවන චර්යාව තුලින් සිදු නොකරන්නේ නම් අපගේ මනස හෝ නැණස තුළ කිසිදු අරමුණක් දළුලන්නේ නැත. ඒ සියල්ලටම පළමුව අප අපගේ චර්යා පද්ධතියේ සැබෑ වෙනසක් සිදුකර ගත යුතුයි. එතනදී අප සියලූම දෙනාට නිර්ව්‍යාජත්වයෙන් යුතු සැබෑ මානසික තෘප්තියක් ලැබිය හැක. සත්හට විදින්නට සිදුවන දුක ගැන නැණසින් දැන හැදින කටයුතු නොකරන තාක්කල් කිසිදු මොහොතක තමන් විදින දුකේ නිමාවක් දැකිය නොහැක. එසේ නම් අප සියල්ලෝම පළමුව අපගේ චර්යා පද්ධතිය තුළ තිඛෙන වැරදි හැසිරීම් මොනවාද? නිවැරදි හැසිරීම් මොනවාද? යන්න හඳුනා ගත යුතුයි. මේ නිවැරදි හැසිරීම් තුලින් සහ වැරදි හැසිරීම් තුලින් තමන්ට කවර නම් සැනසීමක් ලැබිය හැකිද? මේ ආදී වශයෙන් අප සිතා බැලිය යුතුයි. එවිට සැබවින්ම තමන්ගේ මනස තුළ තමන් කළ යුතුදෑ මෙන්ම නොකළ යුතුදෑ ද, මනස තුළ මැනවින් නිර්මාණය කළ යුතු යමක්ද, ඒ තුළ අපව මෙහෙය වන්නට අපගේ නැණස තුලින් මනස මෙහෙයවා කටයුතු සියල්ල මැනවින් සිදු කරවන්නේ අපගේ මුළු ජීවිතයම ආලෝකමත් කරමිනි. නොදැනීම නිසා අප සියලූම දෙනා ඉපදුන නිසාවෙන් බොහෝ කාල පරාසයක් අපගේ විමුක්තිය වෙනුවෙන් නොකළ යුතු කුමක්දැයි මැනවින් වටහාගත නොහැකිව ඔබමොබ හැසිරෙන්නේ මන්ද යත්? ඔවුන්ට කිසිවෙකුගේ කිසිදු නිවැරදි උපදේශයක් නොලැඛෙන නිසාමද? නැත. ඔහුට ඔහු සතු දැනුම පරිහරණය කරගන්නට අවැසි අවබෝධයක් ඔහු සතුව නොමැති නිසාවෙනි. එසේ නම් අප සියලූම දෙනා සෑම මොහොතකම සැබෑ සැනසීමක් සොයන්නට හා විඳින්නට පළමුව කළ යුතු කුමක්ද? මැනවින් නුවණින් විමසීමම නොවේද?  ඒ මන්ද යත් අප සතුව සියලූම දැනුම මැනවින් ඒකරාශී වී තිඛෙන බැවිනි. ලොව්තුරා බුදුපියාණන් වහන්සේට වෙන කිසිවෙකු විසින් ඔබ අනුගමනය කළ යුතු මෙන්න මේ පිලිවෙත යැයි හෙළිකර දුන්නාද? නැහැ උන් වහන්සේද ඒ සියල්ලම තනිවම සොයා ස්වකීය නැණසින්ම අවබෝධ කර ගන්නා ලදී. ඒ උන් වහන්සේගේ නොසැලෙන අධිෂ්ඨානයේ බලය නිසා ඇති වුනු ප්‍රඥාෙවි මනා දියුණුව නිසා මිසක් වෙන කිසිවක් නිසා නොෙවි. එසේ නම් අපද කළ යුත්තේ නිවැරදි ක්‍රියා පටිපාටියක් තුලින් නැණසේ සහ මනසේ මනා ක්‍රියාකාරිත්වයක් ඇති කිරීමම නොවේද? ඒ තුලින් සැබෑ සිනසීමක් ලද හැකිය.

Komentar

  1. ඉතාම වැදගත් වටිනා අදහස් වලින් යුක්ත සියළුම දෙනාට වැදගත් වන හරවත් ලිපියකි..
    බොහොමත්ම පින්...
    තෙරැවන්සරණයි ..!

    BalasHapus

Posting Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::