රාගයෙන් මත් වෙලා

රාගයෙන් මත් වෙලා
මෝහයෙන් තෙත් වෙලා
ආලයක් නැමති ඒ
රුදුරු මරු අබියසෙහි හිද
සොදුරු හැගුමින් රෑගුම් පාමින්
හදද බොලද කර
සිතද සසල කර

සසර දික් කර
විදින දුක් ගිනි
අපමණය මේ ලොවේ
ආදරේ පෙන්නමින්
රාගයෙ ඇලලෙමින්

මෝහයේ මාවතට පියමනින මග
පෙන්නමින් මිරිගුවක් සදිසි ඒ
උමතු බව ඇති කරන
ජීවිතේ යථා තතු
පෙන්වන්න නොසිතාම
ගෙවන මේ ජීවිතේ
සොදුරු පැති පමණක්ම
පෙන්වමින් පිය නගන
ගෙවන මේ නෙත් දෙකට
පෙන්වන්න සැබෑ තතු
පමණක්ම හැමදාම
එවිට හැකි වෙයි විදගන්න

හැමදාම සතුට රජයන
මනසක්ම සහ තොසින්
මිනිස් දිවියේ සතුට රැදුනේ
මනස නිරවුල් වූව විටදී
එහෙත් එය අද වැරදි අයුරින්
වටහගෙන අප ගතකරන ජීවිතේ
කිමද දුකදුලු මෙන්ම තුටු සිත්
මවන්නේ යන වග
සිතන්නේ නම් මදක් ඔබ
එයම ඔබගේ දිවියෙ
නියම සැනසුම
සොයා යන මාවතට
මනා ආලෝකයෙන් යුතු මාවතක් වනු ඇතිය.

රුදුරු මාවත් සොදුරු කරමින් ගෙවන්නට මේ ජීවිතේ
මෝහයේ කටු පදුරු සිදලා සොයනු මැන විදු මාවතක්
එවිට ඔබගේ නෙතට සරිලන සොදුරු මාවත

 නියම අයුරින් දකින්නට හැකිම වනු ඇත.

Popular posts from this blog

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ