~ ~ සිහළ පුතුණි ~ ~











උතුමනි අගාරික අනගාරික අපගේ
සිහිවෙයි ඔබේ කියුමන් ලක සැම සිතගේ
සිහිඋන නමුත් බිහිකර ඇති දුදනන්ගේ
නැලවෙන සිතට පණදෙන මග නොමැත හැගේ

යටකර සිතේ දම් සිතුවිලි මුදලකට
වටකර තිබේ කම්සැප නෙක දුකින් සිට
වටකුරු ලොවේ තතු නොසොයා ඉදන් සිට
විදවන හරිය ටික දොහොකින් පෙනේ මට


සුද්දන් අපට දුන් ගැට දැන් ලෙහන්නට
සිතුවත් පරක්කුයී සොහොයුර නැණින් සිට
කලකදි සිතුව නම් මේ ගැන නැණින් සිට
වෙන්නෙම නොමැත මේවැනිදේ සිරිලකට

සුද්දන් සිහලදිව වනසා දමන්නට
අවිආයුධද මත්වතුරත් උරුක් කොට
පටවා එවුවේ මුලදී පින්කදක් කොට
එනමුත් එයින් අද සිරිලක යටත්කොට

ඇති බව පෙනෙනමුදු හෙලදිව වැසියො හට
නොමැති හඩක් නැගුමට උන් සැමට කට
සිතගේ ගැහෙන මිසදිටුකම් අහක් කොට
එනු මැන හනික සුරකිනු අප මෙරට සෙට

හෙලදිව හෙලකමට නමගිය නොගිය අය
මුලසුන ගන්න පමණක් රටකරවතිය
අඩපන වනවිටදි සැමසත සතර පය
සිහිවෙයි මොවුන් කළ ගොන්කම් සිතගකය

ඇස් දෙක තියෙද්දිත් නොබලා ඉන්න එපා
හිස් මොළතියෙද්දිත් නොසිතා ඉන්න එපා
සුද්දන් දිනක සිහලුන් හැම බිමට කපා
හෙලනා විටද තව ඉන්නේ සිනහ පපා

මොළයක් තියෙද්දිත් නැතිලෙස ඉන්න හැම
පැලයක් සිටෙව්වද ඔබ හැම උපන් බිම
නැතිනම් එයද මහ විපතකි සිහලකම
නැගිටිනු සිතනු කොතැනද හෙළනැණිනි තම

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::