නොමියෙනා බව සිතාගෙන අප

නොමියෙනා බව සිතාගෙන අප
සැරිසරා යන දිවියෙ හැම තැන
තිබෙන රාගයෙ ගින්න අවුලන
සියලු සොහොයුරු සිත් සතන් හැම
අවදි කරගෙන මනසකින් ඔබ
විදු පහන් සිල දල්වමින් සිට
නොදුටුවොත් මේ සසර මන්පෙත
විදින්නට වේ රුදුරු දුකදුලු.
හිමි වීම අහිමි වීමක් අයුරින් සේම
අහිමි වීම හිමි වීමක් අයුරෙනුත්
දකින්නට හැකිනම් යම් සිතකට ඔබ

රාගයෙන් ලතෙත් වූ ආලයෙන් බැදෙන්න
එය ඔබට යම් මොහොතක සිතට
සැනසිල්ලක් ගෙන දේවී
එහෙත් ඒ සියල්ල අහිමි වූ සද
මුලු මහත් විශ්වයම අපිය වේවී
එවිට ඔබ මුලු ලෝකයේම සැබෑ යථාර්තය
දකින්නේ නම් මැනවි

Comments

Popular posts from this blog

පොපියන චමත්කාරය විඳින සිංහලයා

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න