ඔබට අහිමි වූයේ ශාරීරික අවයව පමණි

ඔබට අහිමිවූවේ ශාරීරික අවයව පමණි. ඔබ සතුව මානස හා නැනස ඔබට අවැසි අයුරින් කටයුතු කලහැකි අයුරින් පිහිටා ඇත. එය ඔබ උපයෝගී කරගනිමින් මනා දිවියක් වෙතට යන්න වෙර දරන්න. ඔබට අහිමි වූ සියල්ල නැවත ඒ උත්සහය තුළින් ලදහැකි බව තරයේම ඔබේ සිතතුළ ගැබ්කර තබන්න. ඒ තුළම දිවි හසුරවන්න. එය ඔබට යහපතකම සිදුකරනු ඇත. ඔබ සිතන්නේ යමක්ද? පතන්නේ යමක්ද? එය ඉටු කර ගන්නට ඔබ අනුගමනය කරන්නේ කවර නම් ක්‍රියාමාර්ගයක්ද? ඔබ උපතින්ම මේ තත්වයන් තුළ සිටින්නේ යැයී සිතන්න.


01. ඔබ උපතින්ම අන්ධයෙකි
02. උපතින්ම ගොළුවෙකි
03. උපතින්ම අතපය නැත්තෙකි
04. උපතින්ම දිලින්දෙකි
05. උපතින්ම බිහිරෙකි


මේ ආදී නොයෙක් නානාප්‍රකාර ව්‍යාදීන් මේ ලෝකය තුළ ඇත. ඒ කවර හෝ රෝගයකට ඔබ ලක් වූවායැයි සිතන්න. එවිට ඔබ එයින් මිදෙන්නට කවර නම් ක්‍රියාමාර්ගයක් අනුගමනය කරනවාද යන්නද ඔබ සිතන්න. ඔබ දැන් උපතින් අන්ධයෙක් නම් තමන් මෙලොවට දායද කළ මවුපියන්වද දැක ගන්නට වරම් නැති පුද්ගලයෙකි. තමන්ගේ සහෝදරයන්වද හදුනන්නේ නැත. ලෝකයේ ස්වභාවයද නොපෙනෙ, කාත් කවුරුත් රෑපකායෙන් දැක හදුනා ගන්නට කිසිදු අවකාශයක් නොමැති වනු අැත. මේවැනි අවස්ථාවක ඔබ කවර නම් කටයුත්තක් සිදු කරන්නට පෙළෙඹන්නේද? සමහරෙක් සියදිවි නසාගන්නට වෙර දරයී. සමහරෙක් ඔහේ එක තැනකට වී දෙමාපියන් දෙන බත්පත ගිල දමමින් නිදන්නට හුරු වෙයී. එසෙත් නැත්නම් සමහරෙක් මනා නොසැලෙන අදිස්ඨානයෙන් යුතුව කටයුතු කර නොපෙනෙන දෑසක් ඇතත් විද්‍යාවේ ආලෝකයෙන් ඒ දෙනෙත් ආලෝකමත් කරන්නට වෙරදරයී. එසේම ඒ උත්සහය මල් ඵලද ගැන්වෙයී. අප කළයුත්තේද එයම්යී.

ඔබට ශාරීරික අපහසුතාවයන් ඇතැයී සිතා ඔබ මන්ද මානසිකත්වයෙන් යුතුව පසෙකට වී වැලපෙන්නේ නම් එය ඔබගේ දිවියේ සැනසීමට එකම මාර්ගය නොවෙ. එය මේ උදාහරණයෙන් දතයුතුය. කුඩා අවදියේ ඔබ යහනට වී හඩා වැලපෙනවිට ඔබ හුරතල් කරන්නට බොහෝ අය සිටී. එහෙත් ඔබ වැඩිමහල් අවදියට පත්ව යහනට වී ඉකිගසා හඩන විට නලවන්නට හෝ සනසන්නට කවරෙකුවත් ඔබ අසල රෑදෙනවද?

නැහැ කවරෙකුවත් නැත. එසේ නම් ඔබට ඔබේ අතපය ශක්තිමත් වෙනතුරු විශ්වයම ඔබ අසලට වී සිටී. එහෙත් ඔබ ශක්තිමත් පුද්ගලයෙකු අයුරින් ගොඩනැගෙන්නට මනා අඩිතාලමක් දමාගතයුතු අවදියේදි ඔබ අසල කිසිවෙකුත් නැත. එය ඔබට තනියම ගොඩනැගෙන්නට ඉඩ හැරීමක් මිස ඔබ මානසිකව වට්ටන්න කරන ක්‍රියාවක් නම් නොවේ. ජීවිෙත්ට ලැබෙන හැම බාධකයක්ම ඔබේ දිවියේ අලුත් පිටුවක් පෙරලන්නට වීරියක් කරගන්නට ඔබ වෙර දරන්න. එහෙත් අද සමජය තුළ දිවි ගෙවන්නවුන් කටයුතු කරන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් වූ මාර්ගයන්ම බව අප දනිමු.

මෙය ඔබ සිතන්න. වෙරලට එන රළපෙල තුළ කෙතරම් මනහර දර්ශනයක් ගැබ්ව ඇතිද? එසේම ඒ රළ වැදී මහා ගල්කුලු පවා කොරල් පර බවට මුහුදු පතුළේ නිර්මානය කර ඇත. එහෙත් ඒ රළ වැදෙන විට ඒ මාහා ගල්කුලු ඒ අත්දැකීමට කෙතරම් යහපත් මානසිකත්වයකින් පත්වන්නට ඇත්ද? අපගේ දිවියට ගැටලු එනවට අප අකමැතිවාසේම ඒ ගල්කුලුද සිතන්නට ඇත. එහෙත් අනතුරුව සියල්ලන්ගේම නෙත් හා මන පිනවන දසුනක් වූ පසු කෙතරම් සතුටක් ජනිතවන්නට ඇතිද?

අපද අපගේ දිවිය වෙතට එන මුලින් සදහන් කරන ලද හැම බාධකයක්ම පැමිණෙන්නේ අපගේ දිවියට මහත් අර්ථයක් ගෙනදී මනුස්ස ජීවිතය තුළ මහත් අගයක් පෙනවන්නට මිසක් වෙන කිසිවකට නම් නොවන බව සිතන්න. ඔබ ඔබේ අත, පය, ඇස, කණ, මුහුණ ආදි නොයෙකුත් අන්ගයන් විකල වූ පමණින් හෝ අහිමි වූ පමණින් එය මුල් කරගෙන ඔබ සතු සුන්දර මුලු මහත් දිවියම අසුන්දර ලෝකයක් තුළ් අතරමං කර පසෙකට වී සුසුම් හෙලන්නට නම් වෙර දැරන්නේපා. එය ඔබගේ මුලුමහත් ජීවිතකාලයම ශාපයක් වනු ඇත. එය සිහිවන හැම මොහොතකම ඔබගේ මානසිකත්වයට අයහපත් සිටුවිල්ලක් ගෙනදෙනු ඇත. වෙනස්වන ලෝකය තුළ ඔබද වෙනස්වන පුද්ගලයෙකු අයුරින් ජීවත්වෙමින් ඒ වෙනස්වන කාඅලය තුළ නිවැරදිව ජීවත්වෙන්නට මිනිසුන්ට හුරු පුරුදු කරන මහත් වියතෙකු අයුරින් කටයුතු කරන්නට ඔබ වෙරදරන්න. එය ඔබ සතු මුලුමහත් ජීවිතකාලයම ආලෝකමත් කරාවී ඔබට දෙනෙත් හා ශාරීරීක නොයෙක් අංගයන් අහිමි වූවත් නොසැලෙන අධිෂ්ඨානය වනාහී නැණසේ දියුණුවට මග පෙන්වයී.

Komentar

  1. ෙගාඩක් වටිනා ලිපි ඒකතුවක් අෙප හාමුදුරැව ෙන්

    BalasHapus

Posting Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::