ඔබ ධාර්මිකව ජීවත්වන තාක්කල්

ඔබ ධාර්මිකව ජීවත්වන තාක්කල් ඔබට නිවැරදි සතුටින් පිරි දිවියක් ගතකළ හැකිය. ඔබගේ පිහිට පිණිස සිටින්නේ ඔබම පමණි. එය අප මේ අයුරින් දත යුතුය.

තමහට පිහිට තමන්මය. තමන්ට පිළිසරණත් තමන්මය. එය මැනවින් දැන අශ්ව වෙළෙන්දෙකු යහපත් අශ්වයෙකු සුරකින අයුරින් තමාද සුරෑකිය යුතුයී.


මේ අයුරි කටයුතු නොකරන තාක්කල් ඔබට නිවැරදි මානසිකත්වයකින් පිරිපුන් දිවියක් ගත කළ නොහැකිය. එසේ නොවනතාක් ඔබට ශාරීරිකව මෙන්ම මානසිකවද නොයෙක් හිංසනයන්ට හා පීඩනයන්ට ලක්වන්නට සිදුවනු ඇත.

ඔබ දකින සිහිනයන් ඔබ සිතන පතන අයුරින්ම් සඵල කර ගන්න වෙර දැරිය යුත්තේද ඔබ විසින්ම බව ඔබේ සිහියෙහි තබා ගනිමින් සියලුම බලාපොරොත්තු සඵල කර ගන්නා මානා ශක්තිමත් පුද්ගලයෙකු අයුරින්ම ගොඩ නැගෙන්න. ඔබ තනියම ගොඩ නැගෙන විට ඔබට යහපත් මිතුරන්ද එකතු වේ. එසේම ඔබ අයහපත්ව ගොඩ නැගෙන විට අයහපත් සතුරන්ද එකතුවනු ඇත.ඒ ගැනත් ඔබ සිතමින් කටයුතු කරන්නේ නම් යෙහෙකි.

Comments

Popular posts from this blog

පොපියන චමත්කාරය විඳින සිංහලයා

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::