ලෝකය දකින්න, ලෝකය ගැන කතා කරන්න

ලෝකය දකින්න, ලෝකය ගැන කතා කරන්න වගේම ලෝකය ගැන අහන්න ආශා කරන උදවිය කෙතරම් නම් මේ ලෝකය තුළ හිදිනවාද? එහෙත් ඒ අයට මේ ලෝකය දෙස දකින්නටත් කතා කරන්නටත් මේ ලෝකය ගැන අසන්නටත් වරම් නොලැබෙන කල නෙතට මෙන්ම සිතටද කෙතරම් දුකක් හා පීඩාවක් දැනෙනවාද යන වග වැටහෙන්නේ මේ ලෝකයේ කෙතරම් සීමිත පිරිසකටද?


( පර දුක්ඛේ සති හදය කම්පනන් කරෝතීති කරුණා )

අනුන්ගේ දුකක් දැක හදවත කම්පා වීම කරුණාව නම් වේ.

ලොවේ දුක දැක දයබර වී නෙතින් කදුලක් නොහෙලුවේ නම් කුමට සත්සර රාව නන්වා හිදිමි ගොලුවී මන්.

සුපුරුදු ලෙසින් හෙටටත් හිරු    නැගෙන්නටයී.
විකසිත පැතුම් මල් පිපිලා             දිලෙන්නටයී.
සුබවූ අනාගත සේයා                   ඇදෙන්නටයී.
මපැතුම මෙදුක් කිසිවෙකු හට  නොවෙන්නටයී.

සුන්දර වූ ලෝකයක් තුළ අසුන්දර දසුන් නෙත ගැටෙන විට කම්පාවන සිත් කෙතරම් දුරලභද මේ ලෝකය තුළ? ඔබ ඔබගේ හදවතට එකගව විමසන්න ඔබට කිසිදු ආබාධයකින් තොරව ලැබුනු මේ ශරීරාවයවයන්ගෙන් ඔබ මේ ලෝකයට මෙන්ම ඔබට සිදු කරගෙන ඇත්තේ කාරාකාර නම් යහපතක්ද? අයහපතක්ද? අද මේ මුලු මහත් විශවය තුළම දිවි ගෙවන්නාවූ බොහෝ පිරිසක් සිදු කරන්නේ තමන් ලැබූ ඇස, කණ හා අනිකුත් අවයවයන් උපයෝගී කරගනිමින් වැර්දි ක්‍රියාවන් සිදු කිරීමම නොවේද?

ඔබ දිවි ගෙවන කාලය බොහොම සීමිත කාල
පරාසයකි. එනම් දින වශයෙන්  ගත්තොත් අවුරුදු 120ක් ජීවත් වන්නේ නම් දින 43800කී. එහෙත් ඔබ අද දිවි ගෙවන්නේ අවුරුදු 60ක් හෝ 80ක් නොවෙද? එසේ නම් ඔබ දිවි ගෙවන්නේ දින කොපමණ ප්‍රමාණයක්ද? දින 21000ක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක් නොවේද? එහෙත් එපමන සීමිත දින ගණනක් දිවි ගෙවන්නට වුවත් ඔබ කෙතරම් සිහින මායා ලෝකයන් ප්‍රමාණයක් ඔබේ විඤ්ඤාණය නැමති මායාකාරයා තුළින් නිමවාගෙන සිටිනවාද? ඒ අයුරින් ඔබ සිදු කරන්නේ කුමක් අරමුණු කර ගනිමින්ද? ඔබේ දිවියේ සැනසීම පසක් කරමින් යැයී ඔබ සිතුවත් එය ඔබගේ දිවියේ සැනසුම නොවේ වැනසීම මුදුන් පමුනුවන එකම ක්‍රියා පටිපාටියක්ම වනු ඇත.

අපි සියල්ලෝම සන්සාරය නැමති සාගරය තුළ උපදිමින් මැරෙමින් දිවි ගෙවන කාලය තුළ අනුගමනය කරන ප්‍රතිපදාව කුමක්ද? ඒ ප්‍රතිපදාවන් තුළින් ඔබ ලබන සැනසීම කෙබදුද? ඔබ අනුගනය කරන්නේ ඔබ සතු මානසිකත්වය සතිටින් තබා ගනුවස් ඵලදෙන ක්‍රියාමාර්ගයක්ද? එසේත් නොමැති නම් ඔබ සහ අනුන් යන දෙපිරිසටම සතුටින් දිවි ගෙවිය හැකි ක්‍රියා කලාපයක්ද?

ඔබ දිවි ගෙවන හැම මොහොතකම ඔබට මෙන්ම අනුන්ටත් යහපතක්වන ප්‍රතිපදාවකම නියැලෙන්න. එවිට ඔබ යන මාවත තුළ නොපිපුන සුසුවද වන මල්ද පිපෙනු ඇත. එසේම ඔබ පිය මනින මාවත තුළ ඔබේ ගමන තවත් සැහැල්ලුවෙන් පිය මනින්නට අවැසි විඩාබර නොවූ මාවතක්ද නිමැවෙනු ඇත. එය ඔබ වෙනුවෙන්ම ඔබ අනුගමනය කරන ප්‍රතිපදාවන්ට ස්වභාව දහමින් පිදෙන තුටු පඩුරරක් අයුරින් පිදෙනු ඇත. එයට උදාහරණයක් මෙලෙසිනි.
 

යම් සත්වයෙකු ඝාතනය කරන පුදගලයෙකු නීතිය හමුවට පමුණුවන්නට කටයුතු සලසන්නේ ස්වභාව දහම විසින්මය. ඒ ඔහු ස්වභාව දහමට විරුද්ධව කාර්යක් සිදු කළ නිසාවෙනි. එලෙසමය ඔබ නිවැරදිව දි ගෙවන කාලය තුළ ඔබට යහපතක්ම සිදුවෙවී.

සන්යත නොවූ සිත් සියල්ල අප සියල්ලෝම සන්යත කරගනිමින් පෙරට යන්නට වෙර දරන්නේ නම් අප ලැබූ දිවියේ මනා සැනසීමක් ලද හැකිය. එසේ නොවනතාක් අප සියල්ලෝගෙම දිවියේ වැනසීමක් ලද හැකිය. අපට ලැබුනු කිසිදු ශාරීරික අපහසුවකින් තොර මේ ශරීරය යහපත් අයුරින් හසුරවන්නට වෙර දරන්න. මේ ඉහතින් දක්වා ඇති නිර්මලා නැමත්තියගේ දෙනෙත පෙනුනට ඇයගේ ශ්‍රවනය හා කතනය සිදු කැළ නොහැක. ඒ නිසා ඇය එය ලබා ගන්නට මහත් වෙහෙසක් දරනු ඇත. ඔබට හැකි අයුරින් ඇයට උපකාර කරන්න. සුන්දර වූ ලෝකය තුළ ඒ සුන්දර දසුන් දකින්නට දෙනෙතක් නැත්තාටද සුන්දර වූ ලෝකය තුළ සුන්දර වූ ශබ්ද අසන්නට නොහැකි තැනැත්තාද මහත් වෙහසක් දරනු ඇත ඒ සියල්ල දකින්නට හා අසන්නට. එය ඔබට සිදු වූවායැයී සිතා ඔබ සතු කටුක ජීවිතයෙන් ලබන සන්වේදන තුළින් මිහිරි ආත්ම විදනයක් ලද හැකි නම් සත්තකින්ම ඔබගේ දිවිය ඒ තුළින්ම සාරතක වනු ඇත.

Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::