ඔබ දකින සිහිනය මැනවින් සැබෑ කරගත යුතු තැනැත්තා ඔබමය

සසර මග නිතර අප ඇවිදිමින් යනෙන විට නොයෙක් බලාපොරොත්තු සිතුම් පැතුම් පොදි බඳිමින් ගමන් කරයි. එසේම ඒ දකින සිහිනයන් සැබෑ කර ගන්නට සිහිනය දකින මොහොතේ තිඛෙන වෙහෙස මහන්සිය යොදනවාද? නැහැ නේද? අප අපගේ ජීවිතය රෝස මල් යහනයක් අයුරින් නිර්මාණය කරන්නට සිතමින් උත්සහ දරනවා මෙන්ම සිහින දකිනවා. එසේම ඒ රෝස මල් යහන නැත්නම් ලස්සන ජීවිතය නිර්මාණය කිරීම  තුලදී පැන නඟින ගැටළුකාරී පරිසරය ගැනද සිහිපත් කරයි. ඒ සිහිපත් කරමින් අප හමුවට එන ගැටඑ නසන්නට නිවැරදි මග කුමක්දැයි විමසන්නට මනා වෙහෙසක් දරයි. එහෙත් ඒ දරන වෙහෙස මනසට සහ නැණසට වෙහෙස නොවන අයුරින් නිර්මාණය කරගන්නට උත්සහ දැරිය යුතුමය. එසේ නොවන්නේ නම් ප්‍රකෘති මනස සතු වන නිවැරදිව සිතීමේ ශක්තිය කෙමෙන් කෙමෙන් වියැකී ගොස් කිසිදු කාර්යක් මනා සිහි කල්පනාවෙන් කළ නොහැකි පුද්ගලයෙකු අයුරින් නිර්මාණය වනු ඇත. එවිට අපට අපගේ සිත තුල උද්දීපනය වන කිසිදු අරමණක් නිවැරදිව ඉටුකර ගැනීමට හැකි නොවනු ඇත. එසේ නම් ඒ තත්වය ඇතිකර ගත්තේ කවරුන් විසිනද? තමන් විසිනම නොවේද? අපගේ සිත තුල උපදින්නේ යම් අරමුණක්ද? ඒ අරමුණ වෙත මැනවින් පිය නගන්නට අපගේ නොසැලෙන උත්සහය පෙරටු කර ගනිමින්ම වැඩ කළ යුතුයී.

අපගේ සිත තුළ තිඛෙන සියළුම බලාපොරොත්තු සිතුම් පැතුම් නිවැරදිව සඵල කර ගන්නට අප මැනවින් උත්සාහ කළ යුතුයි. ඒ කෙසේදැයි අප මැනවින් විමසිය යුතුයි. අපට කුසගිනි වැලඳුන මොහොතක ඒ සඳහා කළ යුතු ප්‍රතිකර්මය කුමක්දැයි අප දනිමු. එවිට අප සෙමින් සෙමින් ගමන් කරනුයේ නිවස තුළ ඇති ආහාර සකසා ගන්නා ස්ථානය වෙත හෝ ආහාර මේසය වෙතටය. එහි අපට අවශ්‍ය පරිදි ආහාර නැතිනම් හෝ අපගේ කුසගින්න නිවාලන්නට අවැසි යමක් නොමැති නම් අප කවරාකාරයෙන් හෝ ඒ කුසගින්න මකාලන්නට අවැසි ආහාරයක් සොයන්නට වෙහෙසවන්නේ එම කුසගින්න මහත් වෙහෙසක් හා ශරීරයට දැඩි පීඩාවක් ගෙන දෙන බැවින් හා එම කුසගින්න නිසා අප මියැදෙන්නටද තුඩු දෙන හේතු සාධක නිර්මාණය වන නිසාවෙනි. එසේම බුදුන් වහන්සේ විසින් මේ අයුරින් මැනවින් දේශිතව ඇත . එනම්,

ඒක නාම කිං? සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා 

ඒක නම් කිම? සියළු සතුන්ට ආහාර අවශ්‍යයි

ලෝකය තුළ දිවි ගෙවන ලද සියළුම සත්වයින් ආහාරය මුල් කරගෙන දිවි ගෙවනු ඇත. කිසිදු මොහොතක ආහාරයකින් තොරව දිවි ගෙවිය නොහැකිය. එසේම අපට තව නොයෙකුත් අවශ්‍යතාවයන් ඇතිවනු ඇත. ඒ අවශ්‍යතාවයන් මැනවින් සම්පූර්ණ කරන්නට සෑම පුද්ගලයෙකුම නොයෙකුත් ප්‍රයත්නයන් දරන්නාක් මෙන්ම ඒ ප්‍රයත්නයන් සියල්ලම සම්පූර්ණ කරගත් අවස්ථා මෙන්ම එම උත්සාහයන් අසම්පූර්ණ වූ නිසා දුක්ඛිත අයුරින් දිවි ගෙවන්නෝද අප දැක ඇත. එය බුදුන් වහන්සේ විසින් මැනවින් දේශිතය.


යම්පිච්චං න ලභති තම්පි දුකඛං

යමක් පැතුවා නම් එය පැතූ අයුරින් නොලැබීම දුකකි


සමාජය තුළ දිවි ගෙවන සියළුම දෙනා සතුටම මුල් කරගෙන දිවිගෙවන්නෝද? එසේම දුකම මුල් කරගෙන දිවි ගෙවන්නෝද? නැත ඒ සියළුම දෙනාට සතුටම මුල් කරගෙන දිවි ගෙවන්නට නොහැකි වී ඇත්තේ කුමක් නිසාද? යම් මොහොතක දුගියෙක් හෝ යාචකයෙක් අපගෙන් යමක් ඉල්ලු පසු අප ඒ ගැන අපගේ මනසින් මැනවින් විමසා ඔවුන්ට උපකාරයක් කරන්නට හෝ පිටුපා සිටින්නට පෙළඹෙනවාද? නැත. අප සියළු දෙනා ඒ සියලූම කටයුතු සිදු කරන්නේ යම් අවස්ථාවක් තුළදී නොදැනුවත්කම තුළ හිඳිමින් සහ අපගේ මනස තුළ මනා කාරණයක් ජනිත කර ගනිමිනි. ඒ කෙසේදැයි අප විමසා බැලිය යුතුය.

මේ පුද්ගලයා අප වෙත අතපාන්නට පැමිණියේ අපගේ දුප්පත්කම සලකමින්ද? මොහුට කුලි වැඩක් කරලා කීයක්වත් සොයා සපයා ගන්නට නොහැකිවද අප වෙත එන්නේ? මොහු මගෙන්ම සල්ලි ඉල්ලනවා. මේ ආදී වශයෙන් නොයෙක් සිතුවිලි ධාරාවන් එවැනි අවස්ථා තුළදී අපගේ මනස තුළ පිබිදෙනු ඇත. එහෙත් අප ඒ මොහොත තුළදී අපගේ මනස තුලින් විමසිය යුත්තේ මේ පුද්ගලයා අප වෙත අතපානුයේ කවර හෝ අපහසුතාවයක් නිසාවෙනි. ඔහුද අප මෙන්ම ලස්සන දිවිමඟක් ගෙවන්නට මුල් කාලයේදී සිහින දකින්නට ඇති. එහෙත් කවර හෝ අකුසලයක් හේතුවෙන් ඒ සිහිනයන් බොඳවන්නට ඇත. මේ ආදී කරුණු කාරණා පිළිබදව අපගේ මනස තුළින් විමසන්නේ නම් අපට මැනවින් හෙලිවනුයේ අපටද මෙවැනි තත්වයක් උදාවන්නට ඉඩකඩ  එලඹෙන බවයි.

අප සියල්ලෝම සතුටින් පිරුණු ලොවක දිවි ගෙවන්නට මැනවින් කැමැත්තෝ මෙන්ම ඒ සඳහා උපන් මොහොතේ පටන්ම නොයෙකුත් අයුරින් පෙරුම් පුරන්නෝය. එහෙත් ඒ පුරන ලද සහ මවන ලද සියලූම සිහිනයන් මැකී යන්නේ අප සතු වූ කවර හෝ දුර්වලතාවයක් මතයි. එනිසාම අප අනුගමනය කළ යුත්තේ කුමක්දැයි විමසිය යුතුව ඇත.
   
අප යම් අරමුණක් වෙත යන්නට කුඩා අවදියේ පටන් පෙරුම් පුරයි. ඒ පැතුම් හෙවත් සිහිනය කුමක්ද? අප කුඩාකාලයේ සිතනුයේ හොඳ සාර්ථක අධ්‍යාපනයක් ලබා දෙන ගුරුවරයෙකු බවට පත්වන්නට පෙරුම් පිරුවා යැයි සිතමු. නමුත් අපගේ පවුල තුළ තිබුන යම් යම් ආර්ථීක අපහසුතා නිසා හෝ තමන්ගේ උනන්දුව හීන වී ගිය නිසා හෝ  මොනයම් හේතුවක් නිසා හෝ ඒ සිහිනය  බොඳව ගොස් හොඳට සල්ලි තිඛෙන කඩහිමියෙකු වන්නට ඉඩ තිබේ. එවිට තමාට දරුවන්ද ඇත. හොඳ බිරිඳක්ද ඇත. එකල ඔබ කළ යුතු කුමක්ද? ඔබට දකින්නට නොහැකි වූ සිහිනය ඔබගේ දරුවන් ලවා හෝ දක්වන්නට නොෙවිද? ඔබට ඔබගේ දිවිය තුළ සාර්ථක ගුරුවරයෙකු වන්නට ඉඩ කඩ නොලැබුනේ මුදල් අපහසුතාවයක් නිසා නම් එවැනි අපහසුතාවයන් දැන් ඔබ සතුව හෝ ඔබගේ දරුවන් සතුව නොමැත. ඒ නිසා ඔබ ඔබගේ දරුවන් නිවැරදි මාවතක් තුළ මෙහෙයවා ඔබට පත්වන්නට නොහැකිවුනු තත්වයට ඔවුන්ව පත්කරන්නට වෙහෙස වියයුතුව ඇත. මට පත්වන්නට නොහැකි වූ තැනට මගේ දරුවෙකු හෝ අද පත් වී සිටින බව සිතා ඒ තුලින් ඔබට සතුටු විය හැක.
   
එසේම Honda නමැති ජපන් ජාතිකයා කුඩා අවධියේ පටන් සිහින මවා ඇත්තේ තමන්ගේ නාමයෙන් යුතු වාහනයක් ජපානය පුරා ධාවනය වනු දැකීමටය. නමුත් ඔහු බොහොම දිළිඳු පුද්ගලයෙකි. එහෙත් ඔහු මවන ලද්දේ දිළිඳුකමේ තරමට ගැලපෙන සිතුවිල්ලක්ද? නැත. ඔහු එවැනි සිතුවිල්ලක් සිතුවා මෙන්ම ඒ සිතුවිල්ල සඵල කර ගන්නට මැනවින් උත්සාහ ගත්තා මෙන්ම එය සඵල කර ගෙන මුළුමහත් ලෝකය පුරාම තමන්ගේ නාමයෙන් යුතු යතුරු පැදි සහ මෝටර් රථ ධාවනය වන දෙස බලා මහා සතුටක් භුක්ති වින්දේය. ඒ ඔහුගේ නොසැලෙන අධිෂ්ඨානය මත නොෙවිද? ඔහුට ඒ කාර්ය සිදු කර ගැනීමට මුලදිම කිසිදු පුද්ගලයෙක් අත හිත දෙන්නට මැලිකමක් දක්වන ලදී. නමුත් ඔහු ඒ කිසිදු දෙයකින් සැලීමට පත් නොවී මම මෙය මැනවින් කරම් යැයි සිතා ඒ සිතුවිල්ලෙන් යුතුව තමන් දුටු සිහිනය සඵල කර ගැනීමේ මහඟ= කාර්ය ඉටු කරගන්නා ලදී.

අප සියල්ලෝම සෑම මොහොතකම දකින සිහිනයන් සඵල කර ගත යුත්තේද එලසිනි. අපට නැහැ බැහැ යන සිතුවිලි තිබුනත් එය ප්‍රකාශ කළ යුතු නැත. එසේම ඒ සිතුවිල්ල වචනයක්ම පමණක් බවට සලකා අපගේ දිවිය තුළ දකින සෑම සිහිනයක්ම සැබෑ කර ගන්නට වෙහෙස විය යුත්තේ මලින් රොන් ගෙන ගොස් මනා රසැති මී පැණි සකසන මී මැස්සෙකු විලසිනි.

ජීවිතය කටුක අයුරින් මුල් කාලය තුළ ගෙවන්නට ඉඩකඩ බොහෝ ඇත. ඒ තුළින් අපට පැහැදිලි කරනුයේ මේ කටුක ජීවිතය ඔබ කෙලෙස හෝ සොඳුරු කර ගත යුතු බවයි. එසේම ඒ දිවිය සොඳුරු දිවියක් ලෙසම නිර්මාණය කර ගත යුතව ඇත. කුඩා කල නැලවුනු දඟලපු සමහර දූදරුවන්  අද ඉන්නේ කවරාකාර නම් සිරියහන් තුළද? සිරියහන් තුළ දිවි ගෙවූ අය අද ඉන්නේ කවර නම් දුක්ඛිත ස්ථාන තුළද? එසේ වන්නට හේතුවූ මූලික කරුණු කාරණා මොනවාද? මේ ගැන අප සියල්ලෝම මැනවින් විමසා බලා එයින් මනා පන්නයක් ලබා දිවිය මුවහත් කරගත යුතුව ඇත.

Komentar

  1. This is my Good luck that I found your post which is according to my search and topic, I think you are a great blogger, thanks for helping me out from my problem..
    1993 Mazda B-Series Truck AC Compressor

    BalasHapus
  2. Very nicely put together post with plenty of superb points. I must say, extremely well done and all the very best moving forward
    1993 Mazda B-Series Truck AC Compressor

    BalasHapus

Posting Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::