Posts

Showing posts from October, 2012

::: ඔබ යහපත්දෑ පමණක් සිදුකරන්න ඉන් ඔබට සැනසිය හැකිය :::

Image
ලබු කබල් දිය මතුපිට පාවෙනවා යැයි යමෙක් කියන්නේ නම් අප එය පිළිගනිතත් එය ජලයේ ගිලුනායැයි කියන්නේ නම් එය විශ්මයක් ලෙස සිතන්නාක් මෙන්ම එය සැබවින්ම විශ්මයකි. එසේම මහා ගල්කුළක් ජලය මත පාවූවායැයි කියන්නේ නම් එයදම හා පුදුමයකි. එහෙත් අද මේ විශ්වය තුළ එබදු විශ්මය ජනක සිදුවීම් කොපමණ නම් සිදුවනවාද යනවග ඔබ මදක් විමසන්නේ නම් එය මැනවින් උදාහරණ සහිතව ප්‍රත්‍යක‍ෂ කරගන්නට ඇති හැකියාව විරල නොවේ.

෴෴ නොපසුබටව නැගෙන්නටනම් ෴෴

Image
** යන්නට අවැසි නම් දුරක් උනන්දුව ඇතිනම් ඒ ගමන කෙළවර දක්වා ගොස් නැවත සිටි තැනට පැමිණිය හැකිය. ** රළ වැදී මහා ගල්කුලූවල ඒ ගල්කුල් කොරල් පර හා ගල්පර අයුරින් නිමවමින් අන් අයගේ නෙත්සිත් පිනවයි. අපගේ දිවිය වෙතටද නොයෙක් බාධක හැලහැප්පීම් පැමිණ අපව මන්දගාමී කරන්නට වෙර දරයි.එහෙත් අප එයින් දිරිය ගත යුතුයි.

::: මැනවින් දල්වන ලද පහන් සිල කෙතරම් යටිකුරු කළත් උඩුකුරුම වේ :::

Image
මෙය විශ්වයේ සැබෑම වූ කාර්යකි. යම් පහන් සිලක් මැනවින් දැල්වෙන්නේ නම් එය කෙතරම් කාලයක් යටිකුරු කරන්නට වෙර දැරුවද කිසිදු මොහොතක එය ඒ අයුරින් සිදු කළ නොහැක. ඒ මන්ද එය මැනවින් දැල්වෙන නිසායෙනි. එහෙත් මැනවින් නොදැල්වෙන ලද පහන් සිලක් නම් ඒ අයුරින් දැල්වෙන්නට ඉඩක් නැ. ඒ මන්ද එයට මනා දැල්වීමේ ශක්තියක් නොමැති නිසාවෙනි. මේ විශ්වය තුළ දිවි ගෙවන්නාවූද යම් යහපත් ගුණ ධර්මන්ගෙන් පෝෂිතවූ බොහෝ පුද්ගලයින් පිරිසක්ද ඇත. ඔවුන්ටද ඒ අයුරින් කෙතරම් ගැටළු කාරී පාරිසරික තත්වයන් මුන ගැහුනත් ඒ පාරිසරික තත්වයන් ගැන කිසිදු තැකීමකින් හෝ කැළඹීමකින් තොරව ස්වකීය විමුක්තිය හෙවත් සැනසීම ලබන මොහොත දක්වා නොසැලී ගමන් කරන්නට වෙර දරයි. ඒ ඔවුන් සතු නොසැලෙන මානසිකත්වයෙන් දියුණු කරන ලද ප්‍රඥාවේ දියුණුව තුළින් ලබන ලද සැනසීමයි.  

෴ ෴අප සියල්ලෝම මනසින් උසස් මිනිසුන් වෙමු ෴෴

Image
ලෝකයේ උපත ලබන අප සියල්ලෝම උත්පත්තියෙන් හිමිකරගත් එකම දායාදය නම් කුමක්ද? මැනවින් යහපත හා අයහපත සිතා විමසා තීරණ ගැනීමේ චින්තන ශක්තියයි. එහෙත් අද වන විට ඒ චින්තන ශක්තිය විකෘති වී ඇත. ඒ මන්ද? සත්වයාගේ මානසික අවශ්‍යතාවයන් නොතිත් ආශාවන් සමූහයකින් දැවෙන කල්හී ඔවුනොවුන් ඒ ආශාවන් සපුරන්නට නොකරන ක්‍රියාවක් නැත. ඕනම කාර්යක් සිදු කරයි. එහෙත් ඉන් ලැඛෙන ප්‍රතිඵලය මහා ඛේදජනක වූවකි.

::: වැරදි මග නොව නිවැරදි මග දකින්න :::

Image
සරු දේ නොලැබ නිසරුමදේ                            ලැබගන්න හේතුව මන්ද නැණසින් ඔබ                                විමසන්න පෙනුනත් දෙනෙත නොපෙනෙන ලෙස           හැසිරෙන්න හේතුව   ඔබේ    මනසයි     මැලිවී                            ඉන්න

::: ඔබ ලොවට අවැසි කුමක් හෝ අතැතිව දිවි ගෙවන්න :::

Image
ඔබ හැම පුද්ගලයෙක්ම යම් යම් දක‍ෂතාවයන් සමූහයක් අතැතිව උපන්නෝමය. එහෙත් ඒ දක‍ෂතාවයන් කිසිවක් සමාජයට දායාද නොකර ඔබ පසෙකට වී සුදුසුකම් ලිපි ගොන්නක් තබාගෙන සිටින්නේ නම් ඔබේ මුලූ ජීවිත කාලයම ඒ අයුරින් සිටියත් ඔබේ හැකියාවට සරිලන කිසිදු කාර්යක් සඵල නොවේ. එය ලෝක සම්මත ධර්මතාවයකි.    

::: ඔබට මුළු ලෝකයම වෙනස් කරන්නට අවැසි නම් :::

Image
ඔබට මුළු ලෝකයම වෙනස් කරන්නට අවැසි නම් ප්‍රථමයෙන් ඔබ වෙනස් වෙන්න. එවිට ඔබ දෙස බලා අන්‍යයන්ද වෙනස් වනු ඇත. අප දිවි ගෙවන මුළුමහත් සමාජයේම පරිහානියට පත්වී ඇතිබව අප දිනිමු. එය දැක දැකත් ඒ පිරිහීමට පත්වන කි්‍රයාවන් තුළ නියැලෙන පුද්ගලයන්ට දුඩුවම් කරන්නට සිර මැදිරි තුළ රැදවීමෙන්ම සමාජය නිවැරදි අතට හැරවිය හැකිද? නැහ එය කිසිදු මොහොතක සිදුකළ නොහැකිය

::: ඔබ ඔබ සතු කාර්ය පමණක් මැනවින් නිවැරදිව සිදු කරන්න :::

Image
ඔබ ඔබ සතු කාර්ය පමණක් මැනවින් නිවැරදිව සිදු කරන්න. එවිට ඔබට මනා සැනසිල්ලෙන් යුතු දිවියක් ගත කළ හැකිය. එහෙත් ඔබ ඉන් එපිටට යන්නේ නම් ඔබේ දිවියේ වැනසුමක් පමණක් දැකිය හැක. ඒ මේ අයුරිනි    

ඔබට මුළු ලෝකයම වෙනස් කරන්නට අවැසි නම් ප්‍රථමයෙන් ඔබ වෙනස් වෙන්න

Image
          ඔබට මුළු ලෝකයම වෙනස් කරන්නට අවැසි නම් ප්‍රථමයෙන් ඔබ වෙනස් වෙන්න, එවිට ඔබ දෙස බලා අන්‍යයන්ද වෙනස් වනු ඇත අප දිවි ගෙවන මුළුමහත් සමාජයේම පරිහානියට පත්වී ඇතිබව අප දිනිමු. එය දැක දැකත් ඒ පිරිහීමට පත්වන කි්‍රයාවන් තුළ නියැලෙන පුද්ගලයන්ට දුඩුවම් කරන්නට සිර මැදිරි තුළ රැදවීමෙන්ම සමාජය නිවැරදි අතට හැරවිය හැකිද? නැහ එය කිසිදු මොහොතක සිදුකළ නොහැකිය.

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::

Image
ලොව ජීවී අජීවි සෑම දෙයක්ම ක්‍රියාත්මක වන්නේ පදනම් අටක් තුළයි. එය අෂ්ඨ ලෝක ධර්මතාවය හෙවත් අටලෝ දහමයි. ලෝකයේ නිවැරදි යථාර්තය දුටු එකම ශාස්තෘ වරයාණන් වූ සම්මා සම්බුදු රජානන් වහන්සේ යා යුතු මග නිවැරදිව පෙන්වාදුන් සේක. එහෙත්, මෝහයේ අදුරු තිමිර පටලය තුළ වැතිරෙමින් වාණිජත්වයේ කුරිරු හස්තයට හසව වත්මන් මිනිසා යන මාවතේ නැවතුම කොතැනකදැයි ප්‍රශ්ණාර්ථයකි.

~~~ සැනසුම සොයමින් ලයට තුරුල් කර ~~~

Image
සැනසුම සොයමින් ලයට තුරුල්කර පැසසුම් පැතුවේ     නැහැ ඔබ අම්මේ කුසගිනි විදිමින්         දුක්ගිනි වින්දද අප සැනසූයේ           ඔබමය අම්මේ වරදක් කළහැම මොහොතෙම මා ළග හිදිමින් ඔවදන්             පැවසූ අම්මේ ඒ මග නොගියොත්   තරවටු කරමින් මා සැනසූයේ             ඔබමය අම්මේ මිහිරි රසට   රස       ඵලා නෙලාගෙන කන්නට බත්   පත       සැකසූ අම්මේ පුතේ හනික මේ බත් කට කන්නකො සෙනෙහයෙන්     අප දැඩිකළ අම්මේ අපගේ විපතෙදි        හෙව්වේ කවුරුද අප      ලග    සිටි ඒ        මිතුරුන්ද? නැහැ අපෙ අම්මා නොව අප හෙව්වේ එය අමතක කර            ...

෴෴ ආදර අම්මා ෴෴

Image
ලෙඩක් දුකක් හැදුනත් මාලග     හිද හිස අතගෑවේ ඔබමයි           අම්මේ හිරු සදු නැති ලොව අදුර නසන්නට ඔබමයි මට එළියක් දුන්     පුන් සද සෙනෙහස පාමින් හිස    අතගාමින් මා නැළවූයේ ඔබමයි           අම්මේ කන්නට බොන්නට නැති හැම විටදී රත්පැහැ රුධිරය කිරිකළ     අම්මේ සැනසුම සැදුමට වීරිය            දෙවමින් පැසසුම් ගෙනදුන්නේ        ඔබ අම්මේ ලෝකයෙ හොදමිනිසෙක් අයුරින් මට පියවර තැබුමට පුරුදු          කළේ ඔබ

::: ඔබ ඔබට පහනක් වන්න :::

Image
දුරක  හිද ළිදක් දෙස හා එය ආවරණය කළ බැම්මක මතුපිට අලංකාරය දෙස බලා ඒ ළිදේ ජබුර හෝ එහි ඇති ජලයේ ස්වභාවය ගැන තීරණය කිරීමට ලෝකයේ කිසිවෙකුටත් නොහැක. එය යමෙකුට තීරණය කරන්නට හැකි නම් ඒ තීරණය සත්‍යය නොවූ අසත්‍යය තීරණයක් විය හැක. එයට හේතුව කුමක්ද? කිසිදු මොහොතක හෝ කිසිදු දිනක පොදුවූ ළිදක බැම්මක් පමණක් දුරක හිදිමින් දැක එය අලංකාර වූ පමණින් එහි ඇතුලත ජලය තිඛෙන්නට මෙන්ම නොතිඛෙන්නටද ඉඩකඩ ඇත.