තමන් සිටින අඳුරෙන් මිදෙන්නට ආලෝකය නිර්මාණය කර ගත යුත්තේ කවුරුන්ද?

අප සියල්ලෝම නිතරම අඳුරු කුටියක් තුළ දිවිගෙවන්නට කැමැත්තෝද? නැත. අප කිසිවෙකුත් එයට කැමැත්තෝ නොවෙමු. අප සියළුම දෙනා උත්සහ කරනුයේ මෙන්ම කැමැති වන්නේ ආලෝකයෙන් යුතු මෙන්ම අලංකාරයෙන් ගැවසීගත් පරිසරයක දිවි ගෙවන්නට පමණි. ඒ මන්ද යත්? අප සියළුම දෙනාට වටපිට බලා සතුටු වන්නට මෙන්ම එකිනෙකා හා නොයෙකුත් සම්බන්ධතා පවත්වන්නට අවැසි නිසාවෙනි. එහෙත් ඒ පරිසරය අපට නිර්මාණය කර දෙන්නට අපගේ දෙමව්පියන් හෝ යහළු මිතුරෙකු මෙන්ම අසල්වැසියෙකු සමත් වන්නේද? නැත. එය ප්‍රථමයෙන් තමන් විසින්ම ධෛර්යෙන් යුතුව නිර්මාණය කරගෙන පරෝපකාරයෙන් යුතුව තමන්ද භුක්ති විදිය යුතුය. එසේම ඒ භුක්ති විඳීම නිර්ව්‍යාජ භුක්ති විඳීමක් වියයුතුය. එසේ නොවන්නේ නම් කෙතරම් වෙහෙසක් දරා අත්‍යාලංකාරයෙන් ගොඩනඟන ලද පරිසරයක් උවත් එය නැවතත් අඳුරෙන් ගැවසීගත් පරිසයක් විලසින් නිර්මාණය වන්නට එතරම් කාලයක් ගත නොවනු ඇත. එය ලෝකයේ කිසිදු මොහොතක වෙනස් නොවන්නා වූ ධර්මතාවයකි. ඒ නිසාම ආලෝකයෙන් යුතු පරිසරයක් මැනවින් නිර්මාණය කරන්නට මහන් වෙහෙසක් දරන්නටම නිර්ව්‍යාජත්වයෙන් තොරවම සිදුවනු ඇත. ඒ නිසාම අප නැණසින් මෙහෙය වන ලද මනසකින් කටයුතු කළ යුතුම වෙයි.

මිනිස් ලොව උත්පත්තියෙන්ම අඳ, ගොළු, බිහිරන් මෙන්ම මන්ද බුද්ධිකයන්ද දිවි ගෙවන බව අප දනිමු. මෙන්ම දැකද ඇත. එවැනි පුද්ගලයන් හා අප ඇසුරු කරද නැත්තේම නොෙවි. නමුත් අප ඒ පුද්ගලයන්ගේ චර්යා
රටාවන් දෙස හෝ රූපය දෙස බලා හාස්‍යක් හො කනස්සල්ලක් හෙලන්නට පෙලඹුනත් මෙය මොහුට සිදු වන්නට කවර නම් අකුසලයක් සිදු කර ඇත්දැයි විමසා බලන්නේද? නැහැ නේද? එහෙත් අප එවැන් අවස්ථාවකදී කළ යුතු එයද?

උත්පත්තියෙන්ම අඳ, ගොළු, බිහිරි හෝ මන්ද බුද්ධික තත්වයකින් යුතු විරූපී දේහ සම්පත්තියක් ලබන්නට හේතු වූ මූලිකම හේතුව වනුයේ පෙර ආත්මභාවය තුළදී ඔහු විසින් සිදු කරන ලද අකුසල කර්මයකි. ඒ අකුසල කර්මයේ මනා පල දීම නිසා එවැනි උපතක් සිදුවුනි. එහෙත් ඒ උපත ලද මොහොතේ ඒ ගැන වටහා ගන්නට එහුට හැකි පුද්ගලයන්ද ඇත. නොහැකි අයද ඇත. ඒ ගැන මනා වැටහීමක් ලබාගත හැකි අඳ, ගොළු, බිහිරි ගතිය ඇතියවුන් පමනක් තමනගේ නැණස මෙන්ම මනසද මෙහෙයවා තමන් ඉහත ආත්මභාවය තුළදී කරන ලද කුසල කර්මයන් නිසා මෙවැනි තත්වයක් උදා උනා නම් තව තවත් එවැනි අකුසල කර්මයන් මා සිදු කළහොත් මට මෙයට වඩා දුක් මෙන්ම පීඩාවක් විදින්නට සිදුවෙයි. ඒ නිසා මම ආගමට දහමට අකුකූලව කලයුතු කුමක්ද? නොකළ යුතු යමක්දැයි නැණසින් විමසා බලා කටයුතු කරන්නට පෙලඹෙන පිරිසකද ඇත. එසේම ඔවුන් ඒ කාර්්‍ය මැනවින් සාර්ථකද කර ගනී. ඒ සඳහා ස්වභාව දහමද මනා උපකාරයක් සිදු කරනු ඇත. එහෙත් ඒ ගැන මැනවින් විමසන්නට නොහැකියාව ඇති තත්වයක උපත ලබා එලෙස නොකර දුක් විඳින උදවියද නැත්තේම නොෙවි. ඒ ඔවුන් විසින් සිදු කරන ලද බරපතලම අකුසල කර්මයක් නිසාමය.

අප සතුටින් දිවි ගෙවන්නට අවශ්‍යය යැයි සිතුවාටම අප හමුවට සතුට පැමිණෙනවාද? නැත. ඒ ඇයි? අපට අවශ්‍ය සතුට විඳින්නට මූලිකවන කටයුතු නිර්මාණය කිරීම අප විසින් සිදුකර තිබිය යුතුය. එයට මූලික උදාහරණයක් ලෙස මෙය බලමු. අපට වන්දනා ගමනක් යන්නට අවශ්‍ය නම් ඒ ගමන යන්නට අවශ්‍ය කරන ඇදුම් පැළදුම් ඛෙහෙත් ආහාරපානාදී සියල්ලකම මැනවින් ප්‍රථමයෙන් සම්පාදනය කරගත යුතුයි. ඒ අයුරින් සම්පාදනය නොකරගෙන අපට ඒ ගමන යන්නට කිසිදු හැකියාවක් ලැඛෙනු ඇතිද? නොහැකී නේද? අපට කිසිදු මොහොතක එයට අදාල කි්‍රයාකාරකම් සියල්ල මැනවින් සම්පූර්ණ නොකරගෙන පසෙකට වී බලා හිඳින්නේ නම් අප සිතන්නා වූ කිසිදු අරමුණක් සඵල නොවනු ඈත. අපගේ ජීවිතය ලැබුනේ කුමක් නිසාද යන වග අප සියල්ලෝම මැනවින් දන්නා හදුනන කරුණකි. එහෙත් ඒ දැනුම් තේරුම් කෙසේ උවත් එය නාඳුනන අයුරින් කටයුතු කරමින් දුක් කම්කටොළු පමණක් විඳිමින් දිවි ගෙවන පිරිසක් ද ඇත. ඒ මන්ද යත්? වරද වරද බව මැනවින් දැන හැඳින ඒ වරද තුළම නැවත නැවතත් නියැලෙන නිසාවෙනි.

අප සියළුම දෙනා අතර දිවි ගෙවන සියල්ලෝම දුප්පතුන්වත් පොහොසතුන්වත් නොවන බව අප දනිමු. එසේම ඒ සියළුම දෙනා නිවැරදි ජීවිත හා වැරදි ජීවිත ගත කරන බවද අප දනිමු. සුළුවෙන් නමුදු එහෙත් ඒ සියඑම දෙනා ගැන විමසමින් දිළිදු තත්වයකට පත්ව සිටි පුද්ගලයෙකුට එකවර මහා ධනස්කන්ධයක් හමු වුවහොත් ඔහුගේ මානසික ක්‍රියාපටිපාටියම වෙනත් අතකට පෙරලෙන සුළුයි. ඔහු කළ යුතු කුමක්ද නොකළ යුතු කුමක්ද යන වග මැනවින් වටහා ගත නොහැකිව උමතු වූ පුද්ගලයෙතු බවට ඉබේම නිර්මාණය වනු ඇත. අප කිසිවෙකුත් කිසිවිටෙක නොසිතූ නොපැතූ අයුරින් කටයුතු කරන්නට පෙළඹෙනු ඇත. එසේම අප කිසි විටක නොපැතූ අයුරින් ඒ ලැබුනු සියල්ලම හෝ තමන් සතුව තිබූ දෙයක් විනාශ වී යන්නේද? එවිටද අර අයුරින්ම නිර්මාණය වෙයි. එය විශ්වයේ නිර්මාණය වූ දා පටන්ම පැවත එන්නකි. එහෙත් අප ඒ අවස්ථාවන් තුළදී සිතිය යුත්තේ මේ ධනස්කන්ධය තමන්ට ලැඛෙන්නට ප්‍රථම තමන් ගත කළ ජීවිතය කෙබදුද? ඒ පිළිබදව මැනවින් විමසා මා සතුව මේ ධනය නැති කාලය තුළදී මා කෙතරමි දුක් කම් කටොළු වින්දාද? එසේම කොතරම් පිරිසක් සමීපයේ දුගියෙක් විලසින් මෙන්ම යාචකමෙක් විලසින් හා කුලී වැඩ කරන්නෙකු මෙන් දණ නැමුවාද? ඔවුන් මට ඒ අවස්ථාවන් තුළදී ප්‍රතිඋපකාර දක්වන ලද්දේ කෙසේද? මා එවිට කවර නම් අපහසුතාවයන්ට පත් උනාද? පත් කලාද? පත් වන්නට සිදු වුනාද? එවැනි මන්දගාමී ජීවිකාවක් ගෙවමින් සිටි මාහට මෙවැනි තත්වයකට පත්වුනු විට  මා ඒ ගැන නොසිතමින් අප සතු වූ යහගුණ දහම් පසෙකට දැමිය යුතුද? නැත. අප සතු යම් ගුණ දහමක්ද? ඒ හැම ගුණ දහමක්ම අපට කෙතරම් වස්තු සම්පත් ලැබුනත් පසෙකට දැමිය යුතුද? එසේ පසෙකට දමන්නනේ නම් අපගේ ජීවිතයේ වැනසීම මිසක් සැනසීම කිසිදු මොහොතක දැකිය නොහැකිය.
      
මුදල් හදල් බොහෝ ඇති අයගේ දිවිය කෙබදුදැයි අප දැක ඇත. ඔවුන්ගෙන් බොහෝ පිරිසක් පංච දුශ්චරිතය තුළම දිවි ගෙවන්නට උත්සහ දරයි. ඒ උත්සහයේ අනිසි ප්‍රතිඵලයක් ලෙස දුක් කඳුළු විඳිනු ඇත. එහෙත් හැම මොහොතකම විමසිය යුත්තේ කුමක්ද? අපගේ දිවියට අවශ්‍ය කරන ප්‍රධානම අවශ්‍යතා මොනවාද? එය අප විමසා බලමු. එනම්,

    ඇදුම් පැලදුම්
    ආහාරපාන
    වාසයට සුදුසු ස්ථානයක්
    ඛෙහෙත්

මෙම සතරාකාර වූ අවශ්‍යතාවයන් තුළම අප දිවි ගෙවන්නෙමු. එසේම අප විසින් සිදුකරන සියළුම ක්‍රියාකාරකම් සිදු කරන ලද්දේද මේ අවශ්‍යතාවයන් සතර කිසිදු අඩුවකින් තොරව භුක්ති විඳීමේ පරමාර්ථයෙනි. එසේම ඒ සැප සම්පත් වලින් ආඩ්‍ය නොවී තමන් බලාපොරොත්තු වනවාට වඩා ඉදිරියට යන විට ඔහුගේ සිත තුල අතෘප්තිකර ස්වභාවයක් ඇතිවනු ඇත. එහි අනිසි ප්‍රතිඵලයක් ලෙස දුරාචාරයේ හැසිරෙන්නට උත්සහ දරයි. ඒ කෙසේද යත්?

මුදල් හදල් බොහෝ සෙයින් ඇත්තේ යමෙකුටද? ඔහු එවිට කාමය වරදවා හැසිරෙන්නටත් අනතුරුව ඒ තුළින් ලැඛෙන නින්දාවන්ගෙන් මිදෙන්නට බොරු කියන්නට මෙන්ම හිස් වචන කියන්නටත් අනතුරුව ඒ කිසිත් විඳ දරා ගත නොහැකි තැන සිය පවුල තුළින් සහ සමාජය තුළින් තමන්ට නොයෙක් දෝෂාරෝපණයන් ලැඛෙන කල්හි එයින් මිදී තමන්ගේම ලෝකයක දිවි ගෙවිය යුතු යැයි සිතා මත් වතුර සහ මත් කුඩු පරිහරණය කරන උම්මත්තකයෙකු අයුරින් නිසැකයෙන්ම නිර්මාණය වනු ඇත. ඒ මන්ද? ඔහු සතු වූ ආශාවන්ගේ අතෘප්තිකර තත්වයන් තමන්ගේ තත්වයට වඩා ඉහළ තත්වයකට ගමන් කල නිසා එය දරාගත නොහැකිව ඔහු විසින් සිදු කළ අනිසි ක්‍රියාකාරකම් වල අනිසි ප්‍රතිඵලයක් ලෙස වැරදි කි්‍රයාකාරකම් තුල නියැලූනි. ඒ නිසාම ඒ අයුරින් දුක් විඳින්නට සිදු වුනි. එය ස්වාභාවදහම විසින් වැරදි කරන්නවුන් සඳහාම මැනවින් නිමවන ලද නීති රීති පද්ධතියකි. වෙන කිසිවෙකු විසින් නිමවන ලද්දක් නොවේ. ඒ නිසාම අප හැම පුද්ගලයෙකුම මුලින් සිටින තත්වය හා ඊට පසුව සිටින පරස්පර විරෝධී තත්වයන් ගැන මෙනෙහි කරමින් දිවිමග යහපත්ව ගෙවන්නට උත්සහ කළ යුතුව ඇත. එසේ නොවන්නේ නම් අප සියළුම දෙනාගේ දිවිමග කටුක අයුරින්ම ගෙවා නිම කරන්නට සිදුවනු ඇත. තමන් සතුව කෙතරම් වස්තු සම්පත් තිබුනත් එය තම තමන්ගේ සිතුවිලිවල නිර්මාණයට අනුකූලව දත යුතුයි. ඒ බව බුදුන් වහන්සේ සත්වයාගේ පුනර්භවය දේශණා කරන තැනදී මැනවින් දේශිතය. අප සියළුම දෙනා දිවි ගෙවන කාලපරාසය තුළදී නොයෙක් දුක් කම් කටොළු වලට ගොදුරු වනු ඇත. ඒ  බව අප මැනවින් දනිමු. එසේම එය බුදුන් වහන්සේ විසින් දේශිතය. ඒ කුමක් මුල් කරගෙන දැයි අප විමසා බලමු.               
බොහෝ අය නොයෙකුත් දුක් කම්කටොළු වලට පත් වූ පසු එයට හේතුව ලෙස එක හෙලාම ප්‍රකාශ කරනුයේ මෙය  අපගේ කරුමය යනුවෙනි. එය සැබෑ සත්‍යකි. එසේම බුදුන් වහන්සේ විසින් දේශණා කරන ලද්දේ අපට රෝගයක් වැළඳුනු පසු ඒ රෝගය සුව කිරීමට පළමුව එය බෝවීම වැලැක්විය යුතුය අනතුරුව රෝගය ඇති පුද්ගලයාව සුවපත් කරයි. ඒ නිසාම බුදු දහමද කර්ම විපාකයේදි කලබල වී පිළියම් සෙවීමට වඩා කර්ම සිදු කිරීමේීදී ඒ පිළිබදව මැනවින් සැලකිලිමත් වීමට උපදෙස් දෙයි. ඒ තුලින් අපට විඳින්නට තිඛෙන බොහෝ ගැටළු රාශියක් විසඳා ගත හැකිය. එසේම අප සිදු කරන ලද කර්මයන්ගේ ඵල දීම වලක්වා ගත හැකි අවස්ථාද ඇත. කුසල හෝ අකුසල කර්ම වැලකිය හැකි අවස්ථා සතරක් පිළිබදව බුදුන් වහන්සේ විසින් දේශිතය.

ගති සම්පත්ති සහ ගති විපත්ති :  කිසියම් කර්මයක් විපාක දීමට තිබියදී එයට සුදුසු උපතක් සිදු නොවන්නේ නම් එය විපාක නොදෙයි. ඒ ගති විපත්තියයි. එයට ගැලපෙන උපතක් සිදු වන්නේ නම් ඒ ගති සම්පත්තියයි.

කාල සම්පත්තිය හා කාල විපත්තිය : දන්දී තිබුනත් දුර්භික්ෂ කාලයක උපන්නේ නම් එහි මනා ඵල ප්‍රයෝජන ලද නොහැක. ඒ කාල විපත්තියයි. එහෙත් එයට සුදුසු කාලයක හෝ ස්වයංපෝෂිතව උපත ලද්දේ නම් එවිට එහි මනා ඵල දීමක් සිදු වෙයි. ඒ කාල සම්පත්තියයි.

උපදි සම්පත්තිය හා උපදි විපත්තිය : බහුශ්‍රැතයෙකු වීමට පින ඇතත් බිහිරිව උපන්නොත් එය ලැබිය නොහැකි වන්නේ උපදි විපත්තිය නිසාවෙනි. එහෙත් එයට අනුව මනා දේහ සම්පත්තියකින් යුතුව උපත ලබන්නේ නම් ඒ උපදි සම්පත්තියයි.

පයෝග සම්පත්තිය හා පයෝග විපත්තිය : තමන්ගේ උත්සහයෙන් යුතුව කර්මයන්ගේ ඵල විපාකයන් අයහපත් අයුරින් ඵල ලබා ගන්නේ නම් ඒ පයෝග විපත්තියයි. යහපත් අයුරින් ඵල ලබා ගන්නේ නම් ඒ පයෝග සම්පත්තියයි.

එයට උදාහරණයක් ලෙස අංගුලිමාල මහරහතන් වහන්සේ ගැන විමසා බැලිය හැක.

මුල් කාලය තුළදී සියදහස් ගණනක් මිනිසුන් ඝාතනය කර පසුව ඔහුම ඔහු විසින් සිදුකළ පාප ක්‍රියාවේ 
බරපතලකම මැනවින් තේරුම් ගෙන බුදු මුවින් දේශිත දහමට අනුකූලව කටයුතු කලේය .ඒ නිසාම නිරයේ වැටී බොහෝ කාලයක් විඳින්නට තිබුණු දුක් ගැහැට තුලින් මිදී සුවසේ විසීය. ඒ පයොග සම්පත්තියය. එය මෙලෙසින්ද දේශිතව ඇත.

යස්ස පාපං කතං කම්මං
කුසලේන පිථීයතී
එවං ලෝකං පභාසේති
අබ්බා මුත්තෝව චන්දිමා


යමෙක් විසින් මුලින් කරන ලද පාපය කුසලයකින් වැසී යන්නේ නම් ඔහු වළාකුලින් මිදි සඳක් මෙන් ලොව බබුළුවන්නේය. ඒ කාරණය අංගුලිමාල මහ රහතන් වහන්සේ විසින් පසක් කරන ලදි. එසේම දෙව්දත් තෙරුන් වහන්සේ විසින් පයෝග විපත්තිය සිදු කර ගන්නා ලදි. උන්වහන්සේ විසින් බුදුන් වහන්සේ අවබෝධ කරගත් බුද්ධත්වය ලබාගැනිමේ චේතනාවෙන් බුදුන් වහන්සේව ඝාතනය කරන්නට නොයෙක් උපායන් යොදන ලදි. ඒ අයුරින් කටයුතුකර නිරය තුළට වී නොයෙක් දුක් ගැහැට විඳින්නට සුදුසු අඩිතාලමක් තමන් විසින්ම නිමවා ගන්නා ලදි. එය පයෝග විපත්තියට මනා නිදසුනකි. මේ අයුරින් විමසා බලන කල්හී අද පමණක් නොව බුදුන් දවසත් කළ යුතු දෑ තිබියදී නොකළ යුතු දෑ කරමින් මුළු ආත්මයම අඳුරු කරගත්තවුන් සිටි බව මැනවින් පසක් වේ. එසේම ඔවුන් මුළු ජීවිතයම අඳුරු කරගන්නා ලදි. මෙවැනි කරුණු කාරණා මැනවින් දැන හැඳින අප ද එවැනි තත්වයකටම පත්විය යුතුද? යන්නට සුදුසු මඟක් තිබේ නම් ඒ මඟ තුළ යන්නට අවැසි අයුරින් දෑසත් පෙනේ නම් අප මේ සිදුකරන්නේ කුමක් දැයි නැණසින් විමසන්නට මේ සුදුසුම කාලයයි. එසේ නොවන්නේ නම් ඔබේ දිවියේ වැනසීමක්ම මිසක සැනසීමක් දැකිය නොහැකිය.

මෙවැනි කරුණු කාරණා අප නැණසින් මැනවින් විමසා බලා ජීවිතය නැමති අමා දිය දහර ජීවත් කර විය යුත්තේ අන් සියළුම දෙනාට මහත් ආලෝකයක් මෙන්ම තමන්ටද ආලෝකයක් වන අයුරින්මය. ඒ සඳහා අපගේ නැණස මෙන්ම මනසද උපයෝගී කර ගනිමින් තමන්ගේ ජීවන ක්‍රි
යාවන් නිවැරදි අයුරින් සිදු කළ යුතුයි. එසේ නොවන්නේ නම් මේ ලැබූ මනුෂ්‍ය ජීවිතයෙන් කිසිදු ඵල ප්‍රයෝජනයක් ලබා ගත්තා යැයි නිගමනය කළ නොහැක. මේ හැම කරුණක්ම මැනවින් විමසා බලා අපට නිගමනය කළ හැක්කේ කුමක්ද? අප කරන ලද ක්‍රියාවටම අනුකූලව අප විඳින සියළුම සැප සම්පත් තීරණය වන බවයි. ඒ නිසාම අප නැණසින් විමසා සිතින් සිතා සියළුම කටයුතු සාර්ථකව සිදු කරමින් දිවි ගෙවන්නට වෙර දැරිය යුතුමය. ඒ තුලින් අපට අපගේ ජීවිතය තළ නොයෙක් උසස් අවස්ථාවන්ට ලක් වීමේ හැකියාව පවතී.

අඳුර තුළ හිඳ අඳුර අඳුර යැයි හඬගා කියනවාට වඩා ඒ අඳුරෙන් මිදෙන්නට නිවැරදි මඟක් මැනවින් නිර්මාණය කරන්නට උත්සහ දරන්නේ නම් මැනවි. එවිට දිවිය තුළ නොයෙක් සැප සම්පත් විඳිය හැකිම වනු ඇත. එසේම එය වැලැක්වීමට කිසිවෙකුට හැකියාවක් නොමැත.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                   

Komentar

  1. අදුරට ශාප කරනු වෙනුවට පහනක් දැල්වීම උතුම්..

    ජයෙන් ජය !

    BalasHapus
  2. When I looked at this post reminded me what the Buddha once said:

    "1 There are people who travel from darkness to darkness
    2 There are people who travel from darkness to light
    3 There are people who travel from light to darkness
    4 There are people who travel from light to light"

    "1 People who are traveling from darkness to darkness are the people who do bad actions continue to do bad actions without realizing the consequences in this life or the lives to come.
    2 People who are traveling from darkness to light are the people who do bad actions and continue to do good actions realizing the consequences of the bad actions in this life or the lives to come.
    3 People who are traveling from light to darkness are the people who do good actions and continue to distant from good actions and do bad actions without realizing the consequences in this life or the lives to come
    4. People who are traveling from light to light are the people who do good actions and continue to do good actions with mindfully realizing the consequences of good actions in this life or the lives to come.“

    So let us hope that this website help the one to travel from light to light and continue benefit from the website while encouraging Ven. Medirigiriye Somananda to console the society.

    BalasHapus

Posting Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::