වාසනාව ඔබ කරා පිය මනිනු ඇත ඔබ වාසනාව කරා පිය මැනිය යුතු නැත

දුක් කම්කටොළු වලින් ග්‍රහණය වුණු පරිසරයක දිවි ගෙවන යම් දරුවෙකු ඒ දුක් කම්කටොළු මැනවින් තේරුම් ගෙන තමාගේ ළමා කාලය තුළදී සිදු කළ යුතු යමක්ද, ඒ සිදු කළ යුතු සියළුම ඉගෙනීම් කටයුතු මෙන්ම භාහිර කටයුතුද මැනවින් ඉෂ්ඨ සිද්ධ කළ යුතුය. ඒ සියල්ල මැනවින් කිසිදු අඩු ලූහුඩුකමකින් හා අප්‍රමාදයකින් තොරව මැනවින් සිදු කරයි නම් ඔහු වෙතට වාසනාව ඉබේටම පැමිණෙනු ඇත. මේ සඳහා අප කළ යුතු එකම දෙයක් ඇත. ඒ කුමක් දැයි විමසා බලමු.

අප මේ  දිවිය තුළ උපත ලැබීමෙන් අනතුරුව උපතින්ම අපට හිමි වී ඇති තත්වය කුමක්ද? ඒ තත්වය තුළ හිඳ අපට අපගේ අනාගතය සාර්ථක කර ගත හැකිද? නොහැකිද? අපි මේ සිටින දිවිය තුළ අන්‍යයන් අපට ගරු බුහුමන් කරනවාද? නැත්නම් අවමන් කරනවාද? මේ ආදී කරුණු කාරණාවන් සමඟම අප විමසිය යුතුයි. මගේ අම්මා හා තාත්තා මේ ලෝකයේ රජෙක් ලෙස මා නිර්මාණය කරන්නට කෙතරම් උත්සාහයක නියැලෙනවාද? යන කරුණ පිළිබඳව මේ ආදී සිතුවිලි ගැන විමසන විට අපට අපගේ දිවිය තුළ තිබෙන තත්වයන් සහ ඒ තත්වයන් තුළ තිබෙන අඩුලූහුඩුකම් මකාලන්නට හෝ මැනවින් පරිපූර්ණය කරන්නට අවැසි යම් අඩිතාලමක්ද? එය ගොඩ නඟන්නට අවැසි මානසිකත්වයක් නැණසින් ගොඩ නඟනු ඇත. අනතුරුව අපට ඒ අනුව කටයුතු කරන්නට සුදුසු මානසිකත්වයක් සහ පාරිසරික අවශ්‍යතාවයන් ගොඩනගා දෙනු ඇත.

අප සියල්ලෝම උපතින් මහා ධනවතුන්ගේ හෝ විද්වතුන්ගේ මෙන්ම දුප්පතුන්ගේ දරුවන් වේවා මේ ලෝකයේ දිවි ගෙවන අප සියල්ලෝම අද නොයෙකුත් නම් ගොත් වලින් වෙන්ව කටයුතු කලත් මුලින්ම අප සියල්ලෝම එකම ජීවින් කොටසක් ලෙස නිර්මාණය උනෙමු. එය අග්ගඤ්ඤ සූත්‍රය තුළ මැනවින් පැහැදිලි කර ඇත. ඒ කුමක්ද?

අප සියල්ලෝම එකම සත්ව කොට්ඨාශයක්ව පළමුව විශ්වය තුළ නිර්මාණය වී ඔවුනොවුන්ගේ සිත තුළ හටගත් අසීමිත අතෘප්තිකර ආශාවන් නිසා ශරීරවල ස්ත්‍රී / පුරුෂ වශයෙන් ලිඟු පහළ වී මෛථුන සේවනයෙහි යෙදුනි. එය මුල් කරගෙන මෛථුන සේවනයෙහි යෙදෙන්නවුන්ට අන්‍යයන් විසින් නොයෙකුත් දොස් පරොස් අයුරින් නින්දා කළහ. දඩු මුගුරු වලින් ගසන්නට පටන් ගත්හ. ඒ නිසාම මෛථුන සේවනය විලි බියකින් යුතුව සිදු කිරීම අරමුණු කර ගෙන කුඩාවට නිවාස සකසා ගත්හ. අනතුරුව මෛථුන සේවනය තුළින් ජීවියාගේ තවත් වර්ධනයක් සිදු වී ඇත. ඔවුනොවුන් එකිනෙකා  බෙදී ගොස් දැන් ලෝකය පුරාම නොයෙකුත් ජාති සහ ආගම් අනුගමනය කරන පිරිස් සමූහයක් නිර්මාණය වී ඇත. එහෙත් අප සියල්ලෝම මුලින් එකම ජීවියෙකුගෙන්ම හට ගත්තෝම වෙමු. එහි එන තවත් එක් කරුණක් නම් මෙසේය. ඥාතිත්වය හෙළිවන අවස්ථාවක් මෙසේය.

වසලිය නැහිය - කෙසේ නම් සතෙකුට සතෙක් මෙවැන්නක්  සිදු කරන්නේද ?


මෙය අද ද අප පරිහරණය කරන්නෙමු. නිවෙස තුළ හිඳින සොහොයුරෙකු සහ සොහොයුරියක් මෛථුන සෙවනයෙහි යෙදෙන්නේ නම් එය නින්දා කටයුත්තක් ලෙස දක්වන්නේ ඒ අයුරින්මය. එය එකල පටන් පැවත ආවකි. ඒ නිසාම අප එකම ජීවියෙකුගෙන් පැවත එන්නේ යැයි නිතර සිහි කළ යුතුවාක් මෙන්ම ධෛර්්‍යය සම්පන්නද විය යුතුයි. අප සතු අතෘප්තිකර ආශාවන් නිසාම අප සතු වූ බොහෝ වස්තූන් නැති වී ගොස් ඇත. ඒ සියල්ල ගැන අප නැවත නැවත කල්පනා කරමින් සිටින්නේ නම් නැවත එය අප කරා නොපැමිණෙයි. එහෙත් අපට එයටත් වැඩි ලස්සන අනාගතයක් හෝ එයට සමාන වූ අනාගතයක් නිර්මාණය කරගත හැකිය. එය අපගේ ධෛර්්‍යයෙන් සිදු කළ යුතුය. අප වාහනයක් ගන්නේ නම් ඒ වාහනය නිතර නිතර පිරිසිදු කරන්නටත් කැඩුනු බිඳුනු විට ප්‍රතිසංස්කරණය කරන්නටත් උත්සාහ කරන්නෙමු. එසේම අපගේ සිරුරද ලෙඩ වන මොහොත තුළදී මෙන්ම කුසගිනි වැලදෙන යම් යම් අවස්ථා තුළදී කෙසේ හෝ පෝෂණය කරන්නට උත්සාහ ගනිමු. එසේම ඒ උත්සාහයන් සාර්ථක කර ගන්නට මහා පරිශ්‍රමයක්ද දැරිය යුතු හා දරන අවස්ථාද ඇත. ඇයි අප මේ සියල්ල සිදුකරන්නේ අපගේ දිවියට වාසනාව කැන්දා ගැනීමේ පරමාර්ථයෙන් නොවේද? එහෙම නේද?
   
අප සියලූම දෙනා කරන කියන සෑම කාර්යකම මෙන්ම වචනයකම සැඟවුනු යම් අරමුණක් ඇත. සමහර අවස්ථා තුළදී අප ඒ යම් අරමුණු ගැන අවබෝධයෙන්ම කටයුතු කරන්නෙමු. එහෙත් සමහර අවස්ථා තුළදී එය බලාපොරොත්තුවෙන් එම කාර්යය සිදු කලත් තමන් බලාපොරොත්තු නොවූ අයුරින්ම එය සඵල වන නිසා මහත් සතුටක් තමන්ගේ මනසට දැනෙනු ඇත. අප සතුව පවතින සැබෑ වාසනාව සහ තෘප්තිය වනුයේද එයයි.
   
සමහර අවස්ථාවන් තුළදී අපට මහා විශාල අනතුරක් වන්නේය. ඒ අනතුර නිසාම අපගේ ඉදිරි දිනය තුළදී අප හමුවේ සිදුවන්නට තිබුණු ඊට වඩා විශාල කරදරයක් වුවත් වළකින්නට ඉඩ තිබේ. ඒ නිසා අප වෙත එන සෑම දුකක් මෙන්ම සතුටක්ද එකම අයුරකින් බාරගත යුතුයැයි මනාව සිහියෙහි පිහිටුවා ගත යුතුව ඇත. එය අපගේ දිවියේ සාර්ථකත්වයට මනා පිටු වහලක් වනු ඇත. කියවීම හා ලිවීම මෙන්ම ගුරුවරුන් කියා දෙන දෙය අසා හිඳ ඉගෙනීම තුළින්ම අපගේ වාසනාව නොලැඛෙයි. එසේම අපගේ නැණස නොපෑදෙයි. අපගේ නැණසේ සහ මනසේ රළු වූ මටසිලූටු නොවූ යම් යම් ස්ථානද ඇත. සමහර යකඩ කෙතරම් තැලූවත් නොතැලනන අවස්ථා ඇත. එවිට ඒ යකඩය මනාව ගිනියම් කොට තැලිය යුතුයි. ඒ ගිනියම් කරන්නට එයට අවැසි ප්‍රමාණයට ගින්දර සැපයිය යුතුයි. එසේම අපගේ නැණස සහ මනස මනාව පෝෂණය කරන්නට ධෛර්්‍යය තිබිය යුතුමයි. අප ඒ ධෛර්්‍යය තුළින් අමාරු කාර්යයන් සිදුකොට මැනවින් පුහුණුවන්නේ නම් එයට රළු වූ ස්ථාන පවා ඉබේම මටසිලූටු වන්නේමය.
   
වෙරළෙහි මෙන්ම මුහුද මැද තිඛෙන යම් යම් ගල්පර තුළ නිතර නිතර දිය කඳ ගැටෙන නිසාම එය රළු වූ ගල් පරයක් වුවත් ටික ටික කැඩී බිඳී ගොස් මනා දැකුම්කළු වු ගල්පරයන් හා කොරල්පර බවට නිර්මානය වන්නේය. ඒ බොහෝ පිරිසකගේ නෙත් සිත් පිනවමිනි. එසේම බොහෝ මත්ස්‍යයින් පිරිසකට වාසස්ථානද සලසමිනි. නමුත් මම මේ උත්සාහ දරන්නේ මේ ගල් තලාව ගල්පරයක් බවට පත් කරන්නට කියා අර රළ පහර මුලින් සිතුවාද? නැහැ ඒ කිසිත් සිතාමතා කළ කාර්යයක් නොවේ . ඒ සියල්ල ඉබේම සිදු වූ සිදුවීම් තුළින් ලැබූ මහා  විශ්මය දනවන නිර්මාණයක්  බඳුය.
   
අපගේ දිවිය තුළද අපගේ නොදැනීම තුළින් හිඳගෙන සිදු කරන යම් යම් කාර්යයන් සාර්ථක වී නැත්තේම නොෙවි. සාර්ථක වී අප මහා පුදුමයට පත් කර ඇත. ඒ නිසාම අපගේ ඒ ඒ කාල පරාසයන් තුළදී අප විසින් සිදු කළ යුතු යැයි සම්මත යමක් ඇත්ද ය සිදුකරන්නට උත්සාහ දරන්න.  ඒ තුළින් ඔබගේ දිවිය සාර්ථක වනු ඇත. ඒ සාර්ථකත්වය කිසිවෙකුට අසාර්ථක කළ නොහැක. එය තමන්ගේ ක්‍රියාකාරකම සඳහා ස්වභාව දහමෙන් දෙනු ලබන මනා තිළිණයකි. එය මැනවින් ආරඬා කරමින් පෙරට යන්නට අප උත්සාහ දරනු මිසක් ඒ තිළිණය දෙස බලා එතනම නැවතී සිටින්නට නොසිතිය යුතුය. ජීවිතය මහ සයුරක් මැද පදවන්නට අවැසි ශක්තිය අප මැනවින් ලබා ගෙන නැණසින් මෙන්ම මනසින් කටයුතු කළ යුතුමයි. 
   
එසේ කටයුතු කරන්නේ නම් අපගේ දිවිය වෙතට පැමිණෙන බාධක සියල්ලක්ම  ස්වභාව දහම විසින් වලකා ලන්නට සමත් වනු ඇත. එය ස්වභාව දහම තුළින් අපට දෙනු ලබන දායාදයකි. අපගේ දක්ෂතාවයට රුකුලක් වශයෙනි. එහෙත් එය දැන අප නිහතමානීව කටයුතු කළ යුතු මිසක් උඩඟු කමින් කටයුතු නොකළ යුතුව ඇත.
   
වාසනාව අපකරාම පිය මනිනු ඇත. එය වලකාලන්නට කිසිවෙකුට කිසිදු හැකියාවක් නැත. එහෙත් වලකාලන්නට අප සතුව මනා හැකියාවක් ඇත. ඒ අපගේ කම්මැලිකමයි. අප සියල්ලෝම කම්මැලිකම නමැති සිරගෙය තුළට පත්වන්නේ අප විසින්මයි. එහෙමනම් අප කම්මැලිකම නමැති සිර ගෙය තුළ දිවි ගෙවීම තුළින් කවරනම් සැපයක් ලැඛෙන්නේදැයි විමසා බලා ඒ තුළ කිසිදු සැපයක් නොලැඛෙන නිසා සැපයක් විඳීමේ මනා අධිෂ්ඨානයෙන් යුතුව ධෛර්්‍යය සම්පන්නව කටයුතු කළ යුතුය.
   
රෝස මල් යහනක් නොවූ දිවිය රෝස මල් යහනක් කළ හැකිය. අන්ධකාරයෙන් පිරුණු නිවස ආලෝකමත් කළ හැක. දුගී පැලිපත සිටුමැදුරක් කළ හැකිය. නොපෙනෙන දෑස පෙනෙන්නට සැලැස්විය හැකිය. විරූපී සිරුර සුරූපී සිරුරක් කළ හැකිය. මේ සියල්ල සිදු කරන්නට අප සතුව නොසැලෙන ධෛර්්‍යය සම්පන්නකම තිබිය යුතුයි. එසේම නොසැලෙන මනසක් තිබිය යුතුයි. එවිට නැති වාසනාව අවාසනාව මකා අප වෙත පැමිණ අප සදා සතුටින් තබනු ඇත.   

Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::