Friday, April 06, 2012

යහගුණ දැනුම ඇති හින්දලූ මිනිස්සූ


දුක් ගිනි නොබොන්නට මං පෙත්    සැලැස්සූ
ලැව්ගිනි වගේ කම්සැප නොම          ඇවිස්සූ
සත්ගුණ දහම හද මැදුරෙහි               ගැවිස්සූ
යහගුණ දැනුම ඇති හින්දලූ              මිනිස්සූ

ආශා නැමති වනරොද මැද වැතිර         හඩා
කම්සැප විඳී දුක්විඳිමින් වෙමින්          විඩා
දුක්විදි සතුට එළියක් කළ අඳුර           කඩා
හිමි දෙසු දහම සැපදෙයි  කම් සැපට    වඩා

කමිසැප   විඳින්නට මනුසත ගිජුම           වෙලා
සම්පත් සොයන්නට  සැමදින වෙහෙස    වෙලා
කමිපා කරන් තවමත් හඳ පොළාව        නොලා      
දුක්ගිනි විදිති මනුසත පැත්තකට             වෙලා


ගිය විට සසර කතරේ මම                  ඇවිදගෙන
ආවා අනේ වෙහෙසක් මා වෙතට              පැන
තව මට නොහැක දුර යන්නට          ඇවිදගෙන
එවිටදි  මෙලොව නැවතුනි දුක නොම    හැඳින

ගියවිට සසර කතරේ මම ඇවිද              ගෙන
ආවා අනේ වෙහෙසක් මා ගතට            පැන
කෙලෙසක වුවත් නොහැකිය දුරයනු    තුටින
නවතින්නටම කීවා ආශා                    හැඳින

තණ්හා තිමර පටලය ළඟ වැතිර             හඩා
මංමාවත නොදැන දුක වෙයි වෙමින්      විඩා
සන්තාපයත් හද පතුලෙන් නොකර       කඩා
දම් මඟ නොයා දුක් විඳිනවා සැපට        වඩා

සම්බුදු පියා දෙසූ ඒ පිරිසිදු                  දහම
සම්පත් සදන්නට ඉඩ දෙයි           හැමදාම
සදහම් අසා ඒ මඟ ඔබ             නොගියාම
දුක්ගිනි මිසක් සැපයක් නැත        හැමදාම

සසරේ ඇවිද යති අපසැම දෙනම      ලොවේ
මිතුරේ එලෙසමුත් මෙය දන්නවද    ලොවේ
අප සැම කරපු කුසල් මේ සසර          වැවේ
ඵලදීමකිනි ලැබ ගත්තේ  මිනිස්         භවේ

මිනිසත් භවය ලැබගත් මනුලොව       සැවොම
පියපත් සැලූම ලෙස කරවති පව්          කෙරුම
පියපත් සලා වෙහෙසක් ගත              දැනුනාම
නවතින කලට මෙන් කුසලත් වෙයි    කෙරුම

යුධ ගිනි මැදින් අප ආ මේ දිගු                  ගමන
දුක්ගිනි කදුළු කැට ඇත තව හද                 දවන
ලැව්ගිනි වගේ ඇවිලෙන හද ගිනි             නිවුන
දිනයක් කොයි දිනක පෙනෙතිද සිතනු    මැන

නොමැතිය පෙනෙන මානයෙ තුටු කඳුළු    කැට
පෙනෙනව එසේ මුත් දුක් ගිනි කඳුළු           කැට
පවසති කවුරු කවුරුත් සාමයෙ                 සතුට
පැවසුව වදනකින් ලැඛෙතිද සැප              සතුට

සසරේ ඇවිද ඇත දුක්ගිනි             විඳින්නට
අම්බලමක්ය හමුවුනෙ දුක         නිවන්නට
මනුලොව වසන ජීවිත ගැන       කියන්නට
සිතනා විටදි විය සිතුවිලි        නැගෙන්නට

සසරම දුකයි රෝදය ලෙස         කැරකෙනවා
ලෝසත වසයි දස දෙසටම        පෙරළෙනවා
මාරය කෙදින හෝ අප වෙත    පැමිණෙනවා
යනුවෙන් සිතන මනු  තව පව්       කරවනවා

වැළපෙති ලොවම දෙනෙතේ දුක් කඳුළු     සලා
සැතපෙති අඳුරු යහනක් තුළ වෙමින්       මුලා
මංපෙත මෙයයි මිදෙනා කොතැනකද       බලා
නොබලන නිසා වැළපෙති තව කඳුළු       සලා

සීලය ලොෙවි මිනි පහනකි නිති       දිලෙන
කාලය ගඟකි නිති සැනෙකින් ගලා         යන
ජීවය මලකි හැමදා ලොව            නොපවතින
පාපය දුකකි හැමදාමත් සැප                 නසන

පිංවත එපා පව්වැඩ ඔබ               කරගන්න
පව්වැඩ කලොත් සිදුවෙයි එය     විඳවන්න
විඳවනු හැකියමුත් නොහැකිය     ඉවසන්න
යනුවෙන් සිතා පව්වැඩ ඔබ   නොකරන්න

නැවතම නැවත ඉපදුම වෙයි දුකට     මුල
ඉපදුමෙ ඵලය දෙසුවා හිමිසඳ          එකල
ආශා නැමැති කෙළෙසුන් ඇති වී    විකල
ඉපදුනි දුකින් වෙළුමට අප සැම   මෙකල

නැවතම නැවත ඉපදෙති අප මෙලොව     තලේ
එවිටදි කුසල නැතිනම් දුක් ගොඩක       වෙලේ
දම්පද   අසා     ඒ දුක්        කඳු නැතිම     කලේ
එය නොඇසුවොත් තවමත් දුක් කඳුළු    හැලේ

භවයෙන් භවය ආශා       පොදි    බඳිමින්නේ
ගව්වෙන් ගව්ව තව      සසරේ දිව     යන්නේ
දිව්ෙවි නමුත් කෙළවර නැහැ හමු    වන්නේ
එනමුත් තවත්     දුක් කඳුලැලි     විඳවන්නේ

මිනිසත් බවක් ලැඛෙනුයෙ කලකින්    ඔන්න
මිනිසත් බවක් ලැබු පින්කම්         කර ගන්න
සව්සත පෙළෙන පව්කම් ඔබ    නොකරන්න
කරනා පවින් දැන්වත්       ඔබ     වලකින්න

සිතුමට හැකිම මනසකි         අපහට    ඇත්තේ
පැතුමට හැකිය පැතුමන් නම් එක     රොත්තේ
කියුමට හැකිය          වචනත් මුවගට    ගත්තේ
එනමුත් සැමට       පළමු   මෙය සිත    යුත්තේ


යහපත් දෙයද අප මේ දැන්     කර ගන්නේ
පැහැපත් ලෙසද සිතුවිලි හද     ඇතිවන්නේ
නුවණක් යොදා මිනිසා එය       විමසන්නේ
ඒ මනු මිනිස්කම නණසින්     රැකගන්නේ


නුවණක් තිබුනමුත්  පව් වැඩ     කරගත්තා
රළකඳ ලෙසට   දුක්ගිනි කඳු     හැඩගත්තා
මිනිසෙක් නමුත් දුක්ගිනි රැස්     කරගත්තා
දුක් විඳවන්න       සුදුසුම දේ    කරගත්තා


දුක්ගිනි බිබී ඇයි       සසරේ දිව     යන්නේ
ලැව්ගිනි වගේ   කම්සැප ඇයි    විඳවන්නේ
සත්ගුණ දහම ළගටම ඇයි නොම  ගන්නේ
එනිසා තමයි ඔබ     තවමත්     දුක්වන්නේ


සත්ගුණ සුවඳ මුළු ලෝතල     පැතිරෙනවා
දුසිරිත් ගුණය එලෙසට නොම පැතිරෙනවා
සත්ගුණ සුවඳ දෙවියන්    රුචි    කරවනවා
දුෂ්ඨම දුගුණයකට      ලෝසත    ගරහනවා


දුසිරිත් නොවුනි පෙරදින මේ  ලෝක     තලේ
සුසිරිත් වලින්මයි මේ    ලොව එළිය     කලේ
මනසින් උසස්      මින්සුන්මයි එසැම    කලේ
එනමුත් කිමද දැන් වන්නේ මෙලොව    තලේ


සුසිරිත් දහම වඳ        වී ඇත ලෝක    තලේ
දුසිරිත් දහම ඒ         වෙනුවට පහළ     කලේ
කවුදැයි කියන එක සිතගින් සිතන    වෙලේ
මෙලෙසට මගේ සිතුවිලි දැන් කඩා    හැලේ


මනු ලෝ සතුන් සැම මත්වෙති තරුණ    කල
හොඳවැඩ මොනවදැයි නොදනිති ඔහු    එකල
පස්කම්     සැපතකින්    මත් වී   ඔහු     විකල
සුරුකම් ලෙසට     අකුසල්     කරවති    දුබල


ආශා වනයේ මනුසත් කැල     වෙමින්     මුලා
දුක්ගිනි විදිති   කම්සැප    ගැන   නිතර    බලා
සන්තක ධනය වැය කොට හද සතුටු     වෙලා
ගේ තුළ නිතර දුක්වෙති හිස    වෙනත    බලා

භවයෙන් භවයෙ      අම්බලමට    දිවයනවා
කලකම් ටිකත් අපගේ       පසුපස     එනවා
ඉපදී නොයෙක් ලෙස  දුක් වී   මොරදෙනවා
මෙය දැන දැනත් අප   පව්කම්    කරවනවා


දුක නැති කරන මග       ලෝසත සැම    දනිතී
එනමුත් කිසිම         දාකදි    ඒ මග    නොයතී
සැප සොයමින්ම සැමදින එහෙ මෙහෙ    දුවති
ඒ සැප නොමැති     කල හද     දුක්ගිනි    විඳිතී

සැපතක් රැඳුනු විට දුකකුත් අසල     වෙතී
දුකකුත් ඇති විටදි සැපකුත් ළඟම    වෙති
දුක්විඳි කලට සැපතක් ගැන නිති    සිතති
එනමුත් සැපත විඳි කල දුක නොම සිතති


දුක්ගිනි කඳුළු ගැන නොසිතුවෙ   මෙලෙසින්න
කුමටද කියා    එය ඔබ        සැම     දැනගන්න
ආශා    නැමැති     දම්වැල         දික්කරගන්න
සතුටක්   ඇති විටදි දුක ගැන     නොසිතින්න


මහණෙනි ඔබත් මා හා දුක නොම    හැදින
ඇවිදින්නටම  සිදුවිය     සසරේ        දුකින
දුක්ගිනි   විඳින     අඳුරේ     පැටලී    දුකින
මිනිසට    දෙසයි දම් පද දුක    හැඳිනගෙන


පිංවත් මහණ දැන් මම දුක නැණින්    දැන
සකසා දෙසමි දම්පද       ලැබුමට     නිවන
ආශා නැමැති        කටුපඳුරුම    සිඳලමින
මේ දම අසා සැනසෙනු ඔබ     නිවනකින