අවමන් කලත් ධෛර්යය සම්පන්න තැනාත්තාගේ බුද්ධිය පිරිහෙයිද?

උපන් දිනයේ පටන් ගෙවන ජීවිතය තුළ අපගේ දිවියට ගැටුම් වැටුම් හා හැලහැප්පීම් වලින් ලැඛෙන පන්නරය තරම් වටිනා ආලෝකයක් වෙන කිසිදු  අයුරකින් නොලද හැකිය. ඒ මන්ද යත්,

පුංචි අවධියේ අප දණගාමින් ඇවිදින විට බිම වැටුනොත් එතන සිටින කවරෙකු හෝ අපට උජෝ  වඩන්නේ නම් එවිට අප වහා නැගිට ගොස් ඔහු හා ගැටෙන්නට වෙර දරයි. එසේම දෙමව්පියන් යමක් නොදෙයි නම් හා බිම පෙරලී හෝ එය ගන්නට වෙරදරයි. ඒ කුමක් නිසාද? පුංචි අවධියේදී පසු බසින්නට අකමැති නිසාවෙන්මය. අප සියලූම දෙනා නිතරම දිනනන්ට කැමැත්තෝම වෙමු. පිරිසක් මැද කෙලින් හිටගෙන පෞර්ෂයකින් යුතුව කතා කරන්නට, එසේම විශාල ආයතනයක අධිපතිකම දරාගෙන සේවකයන් පිරිසක් මැනවින් පාලනය කරන්නට කැමැත්තෝම වෙමු. එහෙත් මේ සියල්ල කළ යුත්තේ කෙලෙසකද? අප එය සිතා බලමු. අපට එය සිදුකළ නොහැකිද? නැහැ අපට ඒ සියල්ලම සිදුකිරීමට හැකියි. එසේනම් අපට අවශ්‍ය වන්නේ කුමක්ද? නොසැලීමෙන් යුතු ධෛර්යය පමණි.


දණගාමින් හිද නැගී සිටින්නට වෙරදරන කල දෙතුන් වතාවක් හෝ සියදහස් වරක් නැවත නැවත බිම ඇදවැටී අපගේ සිරුරේ නොයෙකුත් කැලළි පවා මතුවන්නට ඉඩකඩ ඇත. එහෙත් එය මුල් කරගෙන අප හැමදාම දණගාමින් හා බඩගාමින්ම ඉන්නට කටයුතු කරනවාද? නැහැ නේද? ඒ අයුරින්ම අපගේ සෑම කාර්යක්ම පළමු අවස්තාවේදී අඩපණ වූයේ යැයි අප පසු නොබැසිය යුතය. නැවත වතාවක් නොසැලෙන ධෛර්යය යුතුව පෙරට යන්නට කටයුතු කළ යුතුය. එවිට තමන් යන සියලූම ඉලක්කයන් වෙත ඉතා ඉක්මනින් හා වේගයෙන් ලඟා වන්නට තියෙන හැකියාව ශක්තිමත් වනු ඇත.

අප සමාජය තුළ කරන යම් යම් යහපත් ක්‍රියාකාරකම් දැක එයට ගරහන්නට දුර්ජනයන් බලා සිටී. එහෙත් ඒ දුර්ජනයන්ගේ එක වදනකින් අප සතුවන ධෛර්යය වනසාලිය නොහැක. කෙතරම් නින්දා අපහාස ලැබුනත් ධෛර්යය සම්පන්න පුද්ගලයා අධෛර්යමත් නොවී පෙරට යන්නට උත්සාහ දැරිය යුත්තේ කුමක් මෙන්ද යත්? යටිකුරු කරන ලද ගිනි සිලූවක් නැවත උඩුකුරුම වන්නාක්මෙනි. මෙවැනි ආදර්ශ සම්පන්න අදහස් අපගේ දිවියට ආලෝකයක් මෙන් ලබා ගනිමින් ඒ අනුවම කටයුතු කරන්නට වෙහෙස මහන්සි විය යුතුය. ඒ වෙහෙස මහන්සිය අපගේම අනාගතය තුළ ගෙලෙහි බබළන දියමන්තියෙන් කල ආභරණයක් හා සමානව කෙදිනක හෝ දිළෙනු ඇත. ඒ දිලීම කිසිවෙකුටවත් වළකාලිය නොහැක. එහෙත් ඒ දිලීම තමන්ටම වලක්වාගත හැකිය. ඒ කෙසේද යත්? තමන් නැවත අනුන්ගේ අවමන් අසා අධෛර්ය සම්පන්න පුද්ගලයෙකු වීමෙනි. ඒ නිසාම අප අධෛර්ය සම්පන්න නොවිය යුතුයි.

සෑම මොහොතකම සෑම ස්ථානයක් තුළම රත් වූ ගිනි හුයක් මෙන් දිලෙන්නට හැකිනම් ප්‍රඥාව නමැති ආයුධය තුළින් එය අප සතු මහඟු සම්පතකි. අප සතු ජීවිතය කෙදිනක වියැකී යන්නේදැයි කිසිදු මොහොතක තීරණය කිරීමට නොහැක. ඒ නිසාම අප දිවි ගෙවන කාල පරාසය තුළදී තමන්ට මෙන්ම අනුන්ටද යහපතක් වන අයුරින් දිවි ගෙවන්නට හැකිනම් එය මහා ආභරණයකි.

දියබිඳු පිරීම තුළින් කළය කෙමෙන් කෙමෙන් පිරෙයි. ටිකෙන් ටික ඉගැනීමෙන් ශාස්ත්‍රඥයෙකු වෙයි. නිතර නිතර ශ්‍රවණය කර හා අනුගමනය කර ධර්මය මැනවින් ප්‍රගුණ කරයි. එසේම ටික ටික එකතු කොට ධනයද රැස් කරයි. ඒ අයුරින්ම අපගේ දිවියද කෙමෙන් කෙමෙන් නිවැරදි මැවතක් තුළ පෙරටම රැගෙන යන්නට වෙහෙස විය යුතුයි. ඒ වෙහෙසවීම එකවරම කළ යුතු නොවේ. කුඩා අවධියේ මුලින්ම බඩ ගා දෙවනුව දණගාමින් හෙමින් හෙමින් නැගී සිටින්නට වෙර දැරුෙවි යම්සේද? ඒ අයුරින්ම අප වෙහෙසිය යුතුයි.

මනා සිත්තම් කරන ලද සහ සිත්තම් කිරීමෙහි නිපුණයෙකු සමතලා වූ සිතුවම් පුවරුවක් තුළ සිතුවමක සතුවියයුතු කඳු, හෙල්, තැනිතලා, ඇළ දොළ, ගංඟා මැනවින් නිර්මානය කරයිද, ඒ අයුරින්ම මනා දඬතාවයන්ගෙන් පරිපූර්ණ වූ තැනැත්තා නැතිදෙයක් වුවත් ඇතිදෙයක් අයුරින් පෙන්නයි. ඒ අයුරින් කටයුතු කරන්නට අප සතුව මනා දඬතාවයක් තිබිය යුතුමයි. එසේම සෑම දඬතාවයක්ම අප සතුව තබාගෙන යමෙකුගේ අවමන් නිසා අප සතු වූ කිසිදු ධෛර්්‍යයක් අධෛර්යමත් කර ගත යුතු නැත.
         









Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::