::: පුංචි කළට පුංචි නෙතට :::


පුංචි කළට පුංචි නෙතට බුදු හිමි රුව ගැටුනා
සෙනෙහස ගැන නොසිතා මට මහන වෙන්න සිතුනා
පන්සල වෙත පිය නිගමින් කහ සිවුරක් ගතලා
සිටියත් දැන් මට නිතරම මව්පියො සිහි වෙනවා

බුදු කුටියේ බුදු හිමියන් නෙතට ගැටෙනවා
එවිටදි මගෙ මුළු ලෝකයෙ සතුට පිරෙනවා
හැම දිනකම බුදුහිමි පා සිඹිමි සිතෙනවා
ඒ සිතුවිලි මොහොතින් සිති සිදී හැලෙනවා


හය හතරක් නොතේරෙනා වයසෙ හිදගෙන
කොහොමද මම පියමනින්නෙ මුණිදු මග දැන
කහවත ගතළු පමණින් සිතෙ අටියෙන
මම නොදනිමි බුදු හිමි වැඩි සසර මග ගැන

අවිදු අදුර මැද අප හැම උපදින හින්දා
විදින සියළු දුකදුරු පෙර කරුමය හින්දා
විඤ්ඤාණේ මායාවෙන් රූපය බන්දා
විදින්නෙ මේ හැම සැපතම ආශා හින්දා

ඒ ගැන මා අසන නමුදු නැහැ තේරෙන්නෙ
ලොව ඇති හැම දේ ඉපදී යළි වියැකෙන්නෙ
නිතර නිතර අසන නමුදු නැහැ තේරෙන්නෙ
බුදු හිමියණි හනිකට මට කියලා දෙන්නෙ

Comments

Post a Comment

Popular posts from this blog

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ