Monday, July 16, 2012

::: ජීවිතයෙන් හා දේශපාලනයෙන් වෙන්කරන ලද අධ්‍යාපනය :::

ජීවිතයෙන් හා දේශපාලනයෙන් වෙන්කරන ලද අධ්‍යාපනය බොරුවක් හා කුහක කමකි
 
දේශපාලනය යනු නිවැරදිව නිසියාකාරයේ සිදු කළ යුත්තක් මිසක් ස්වකීය චින්තනයකට පමණක් නතු වූ වින්දනයක් සදහාම සිදු කළ යුත්තක් නම් නොවේ. යමෙක් එසේ සිදු කරන්නේ නම් ඒ මොහොතට පමණක් එහි තෘප්තිය ඔහු අභියස ගැවසෙනු ඇත. අනතුරුව ඒ තෘප්තිය කදුලක් හා සුසුමක් හමුවේ මිලින වන්නේය. මෙය එදත් අදත් මේ විශ්වය තුළ වූ සාධාරණම කි්‍රයාවලියයි. එහෙත් එය මැනවින් තේරුම් ගෙන කටයුතු සිදු කරන්නේ කවරෙක්ද යන වග අද අප දිවි ගෙවන්නා වූ සමාජ පසුබිම තුලින්ම උකහාගෙන කටයුතු කරන්නට වෙර දරන්නේ නම් මනා සැනසීමෙන් යුතු දිවි පෙවෙතක් ගෙවන්නට හැකිය.



Monday, July 09, 2012

~~ වෛරී සැම සිත් මෙත් සිත් වෙත්වා ~~




                                                  



 

ජයං වේරං පසවතී
දුක්ඛං සේති පරාජිතෝ
උපසන්තො සුඛං සේති
හිත්වා ජය පරාජයං
යමෙක් තවෙකෙකු සමග වෛරයෙන් යුතුව යුද්ධ කරන්නට පිවිසෙන්නේද? ඔහු ඒ තුළින් ජය ගනිද? එහෙත් පසුව දුක් වනු ඇත. එසේම පරාජ වන තැනැත්තා මහත් ගෙස දුකට පත් වේ. එහෙත් මේ සියල්ලේම වෙනස මැනවින් දන්නා වූ උපශාන්ත වූ සිත දමනය කළ පුද්ගලයා මහත් සැනසිල්ලෙන් යුතු දිවියක්ම ගෙවනු ඇත.
 



Sunday, July 08, 2012

මිනිසුන්ගේ චින්තනය තුළ සිදුවන නොයෙකුත් විකෘර්ති චින්තනයන්

මිනිසුන්ගේ චින්තනය තුළ සිදුවන නොයෙකුත් විකෘර්ති චින්තනයන් හමුවේ ඔවුනොවුන් විසින් විදින ලද සැප සම්පත් මෙන්ම දුක්ඛිත මානසිකත්වයන්ද වෙනස් කළ හැකිය

එක් දවසක් කොසොල් රජ්ජුරුවෝ රාත්‍රීයෙහි නිද්රාවට පැමිණි පශ්චිම යාමයෙහි සොළොස් සවප්නයක් දැක භයින් ත්‍රස්තව පිබිඳ මේ සවප්නයන් දුටු බැවින් මට කුමක්වේදෝහෝයි මරණයින් භයපත්ව යහන්පිට හිඳම පාන්කොටපූය ඉක්බිත්තෙන් පාන්වූකල්හි ශාන්ති බ්‍රාහ්මණයන් හා පුරෝහිත බ්‍රාහ්මණයෝ රජ්ජුරුවන් කරා පැමිණ සවාමීනි රජ්ජුරුවන් වහන්ස රාත්රියෙහි සැපසේ විසූ සේක්දැයි විචාළෝය, ආචාරිවරයෙනි මට සැපයෙක් නම් කොයින්ද අද මම අළුයම් වේලෙහි සොළොස් සවප්නයක් දුටිමී.


Saturday, July 07, 2012

අප සියලූම සත්වයින් මේ ලෝකය තුළ

අප සියලූම සත්වයින් මේ ලෝකය තුළ ලෝකය විනාශ වන මොහොත තෙක්ම නොමැරී ජීවත් වන්නට උපතක් ලබා නොමැත. ඒ මන්ද? මේ විශ්වය තුළ තිඛෙන අනියත ධර්මය සියලූම සත්වයින්ට පසක් කරලීම අරමුණු කර ගෙනය. මේ ලෝකයේ උපත ලැබුවා වූ යම් සත්වයෙක් නොමැරී දිවි ගෙවන්නට සිතන්නේ නම් ඔහු මෙලොවදී සිදුකරන ලද ඊට සමානවන තව එකදු අනුවන කටයුත්තක් නොමැති තරම්ය.