අම්මෙක් තාත්තෙක් නොමැති ජීවිතයක් ජීවත් කරවන්නේ කෙසේද? ඒ ජීවිතයට අවැසි ආදරය, කරුණාව, දයාව, ආරක්ෂාව, ආදර්ශය, ලබා ගන්නේ කොහොමද? ඒ කවරාකාරයෙන්ද? අප සියලුම දෙනා මේ සැප සම්පත් ලබන්නට නිතැතින්ම කැමැත්තෝ වෙමු. එහෙත් ඒ සැප සම්පත් ලබන්නට නොහැකි කෙතරම් ජීවිත ප්‍රමාණයක් මේ ලෝකය තුල මානසිකව මෙන්ම කායීකව දුක් විදිනවාද? ඒ දුක් වේදනාව නිමා වෙන්නේ කවර නම් මොහොතකද? ඒ අයුරින් දෙමවුපියන් අහිමිව උපදින්නේ ඇයී? ස්වභාව දහම විසින් ඇයී ඒ අයුරින් මිනිසුන් නිර්මාණය කරන්නේ? කවර නම් කරුණක් පදනම් කරගෙනද?ඒ අයුරින් දෙමවුපියන් අහිමිව ලොවට දායාද වන සමහර පුද්ගලයින් සමාජය තුල මනා පිලි ගැනීමකට පාත්‍ර වන චරිතයන් අයුරින් මෙන්ම අප්‍රිය චරිත අයුරිනද නිර්මාණය වනු ඇත. ඒ ඔවුනොවුන්ගේ මානසිකත්වය අනුවමය. ජීවිතයක් තනන්නෙකු මිසක් ජීවිතයක් වනසන්නෙකු වන්නට අප කිසිදු මොහොතක නොසිතිය යුතුයී. ඒ මන්ද යත් අප මේ ලෝකයට තනිවම ඉපදුනා නම් ඒ තනිවම ඉපිද තනිවම දිවි ගෙවන්නට අවැසි වන වස්තු සම්පත් අපට ස්වභාව දහම විසින්ම දායාද කොට ඇත. එයද උපයෝගී කොට ගනිමින් ජීවිතය ඉදිරියට ගෙන යන්නට වෙර දැරිය යුතුයී. එහෙම නැතුව මට දෙමවුපියො නැහැ යැයි සුසුම් හෙලමින් ...