Monday, January 16, 2012

අප උපදින්නේ...

අප උපදින්නේ හඩා වැටෙමින් හයක් හතරක් නොතේරෙන්නවුන් පරිද්දෙනි. එහෙත් යමක් කමක් තේරුම් ගත හැකි කාල පරාසයකට එලබි පසු ඔබ විසින් සමාජ ගත අන්‍ය සත්වයින්ට සලකන්නේ කවරාකරයෙන්ද? අප සියල්ලෝම එකොලොස් ගින්නකින් දැවි දැවී පිච්චෙමින් අලු දූවිලි බවට පත් වන්නට මෙතරම් වෙර දරන්නේ මන්ද? ඇයි අපට හිතන්න බැරි මේ ජීවත් වෙන කාලය තුල නිවැරදිව ජීවත් වීමට වෙර නොදරන්නේ කවර මානසික ගැටලුවක් නිසාද? ඔබගේ  මනස තුළ ඇති නොදැනීම නිසා බව නොදන්නේහිද? ඔබ එය මැනවින් දනී. එහෙත් ඒ ගැන් කිසිදු අවබෝදයක් ලබා ගන්නට වෙර නොදරන නිසාම දුකදුලුම හද තුල තුරුලු කරමින් එකොලොස් ගින්නක් තුලම වෙලෙන්නට වෙර දරයී.ඔබ මොහොතක් සිතන්න ඔබ ඉපදෙනකොට මේ කෘර,දරුණු, අදම සිතුවිලි ඔබේ මනස තුළ ගැබ් වී තිබුනා? ඒ ගැන මොහොතක් සිතා මනසින් හා නැණසින් කටයුතු කරන්න.එවිට ඔබට සැනසීමෙන් දිවි ගෙවිය හැකිය. එසේ නොවන්නේ නම් ඔබෙ නෙතු අග කදුලක්ම පමනක් රැදේ.

 

 

 පිරිසුදු බුදු දහම වැරදිව අවබෝධ  කරගනු ලබන්නේ

පිරිසුදු බුදු දහම වැරදිව අවබෝධ කරගනු ලබන්නේ යමෙක්ද ඔහු නයෙකුගේ වලිගයෙන් ඇල්ලුවාක් වැනිව විනාසයට පත් වෙයී. එය මැනවින් දැන හැදින් අප සියල්ලෝම බුදුන් වහන්සේ ස්විසින් දෙසිත දහමට අනුකූලව හැඩගැසිය යුතුය. බොහෝ පිරිසක් මහා වැරදි සිතුවිල්ලක බැදෙමින් අන්ධ මානසිකත්වයක් ගොඩනගාගෙන හිදින්නේ නිවැරදි බුදු දහම මැනවින් වටහ ගත්තු නිසාම නොවනු ඇත. මහා පරිණිර්වාන සූත්‍රයට අනුව අප මෙය මැනවින් විමසා බලමු. ඒ කෙසේද යන වග අප මැනවින් විමසා බලමු.

චුන්දකර්මාර පුත්‍රයා බුදුන් වහන්සේට දානයකට ආරධානා කලේ මහා ආශාවකිනී. එසේම බුදුන් වහන්සේද එයට භික්ෂු සංඝයා පෙරටු කරගෙන වැඩියහ. අනතුරුව බුදුන් වහන්සේ ඇතුලු භික්ෂු සංඝයා පැනවූ ආසන මත වැඩ හිද පිලි ගැන්වූ දානය වළදා අවසන බුදුන් වහන්සේ මෙසේ දෙසිතය. චුන්දකර්මාරය ඔබ විසින් මා සදහාම පිලියෙල කරන ලද සූකර මද්දව වැලදීමට එකම සුදුස්සා මෙන්ම වළදවා ජීරනය කිරීමට හැකි දෙව් බඹුන් මෙන්ම මරුන් ඇති ලොවේ සමත් වන්නේ ලොව්තුරා බුදුන් වහන්සේම පමනී. ඒ නිසා ඒ සූකර මඩ්ඩව දැන් වලලන්න. එය වෙන කිසිවෙකුට දිරවිය නොහැකී.


මෙහිදී පැහැදිලි වන්නේ එය මස් මාංශයක් නොවන බවම නොවේද..? ඌරු මස් උනා නම් එය ලොකයේ  ඕනෑම කෙනෙකුට අනුභව කර ජීරණය වන්නට තිබුනා නොවේද ? මේ ගැන මැනවින් වටහා ගත යුතුව ඇත. බුදුන් වහන්සේ විසින් මස් මාංශ අනුභව කරන්නට එපා යැයී කිසිදු මොහොතක දෙශණා කොට නැත. එසේම අකුසල්ද කරනට එපා යැයී නොදේශිතය. උන්වහන්සේ විසින් දෙශිත කුමක්ද එහෙනම්? මේ වරදි කලහොත් මෙවනි දුක්ඛිත විපාක විදින්නට සිදු වෙයී. එහෙනම් ඒ දුක් විපාක විදින්නට අකැමත්තෝ එය නොකරත්වා. දුක විදින්නට කමත්තෝ එසේ අකුසල් කරත්වා. පින් සහ පව් ද මේ අයුරින්ම දේශිතය.   

ලොව්තුරා බුදු පියානන් වහන්සේ අසීමිතා කරුණාවක් මෙන්ම දයාවක් හා මෙත පතුරමින් තවෙකෙකුගේ මසක රස බලන්නට තරම් පාපයට නැබුරු වූවෙකු නොව. උන් වහන්සේ නමට ගැලපෙන අයුරින්ම සම්මා සම්බුදු රජානන් වහන්සේමය. තුන් ලොවට මෙත් පතුරන මහා අවිහිංසා වාදියානෝය. මෙය අප මැනවින් සිත දර නිවැරදි බුදු මගට පිය මනිමු.

 

 

2 comments:

  1. බොහොම වටිනවා අපේ හාමුදුරුවනේ

    ReplyDelete
  2. බොහොම අගේ හාමුදුරුවනේ

    ReplyDelete