තමන්ගේ සිත තුලින් සිතන්නේ යමක්ද?

තමන්ගේ සිත තුලින් සිතන්නේ යමක්ද? පතන්නේ යමක්ද? එය ඒ අයුරින් ඉටු නොවෙන හැම මොහොතකම අපගේ සිත තුලට නොයෙක් දුක් ගැහැට විදින්නට සිදු වෙයී.එහෙත් මෙය අප අපගේ සිත තුල මැනවින් රදවාගෙන කටයුතු කරන්නට පෙලබෙන්නේ නම් එතනදි අපගෙ සිතට දැනෙන හැම දුකක්ම මනසේ මෙහෙය වීම තුලින් මැනවින් නිරාකරනය කරගත හැකිය. ජීවිතය නැමති නෞකාව තුල ගමන් යන විට දිය තුල ඇති වෙන නොයෙකුත් හේතු නිසා ආපදාවන්ට ලක් වන්නට සිදු වෙයී. ඒ ආපදාවන් ඇති වෙන බව මැනවින් දැනගෙන නැණස මෙහෙය වීමෙන් දිවි මග ගමන් කරන්නේ නම් හැම ගැටලුවකටම විසදුමක් අපට ඉක්මනින්ම සොයා සපයා ගත හැකිය. එසේ නොවන්නේ නම් අප සියලුම දෙනාට නොයෙකුත් මානසික අසහනකාරී තත්වයන්ට මුහුන පාන්නටම සිදු වෙයී. නිතරම තමන්ගෙ සියලුම වැඩ කටයුතු තනිවම කර ගන්න පුද්ගලයෙකුට ගොඩක් හිතවත්ව ලගින් ඇසුරු කරන්නට කවුරු හරි කෙනෙක් හමු උනොත් එතනදි ඔහු සතු සියලුම තතු ඒ තැනැත්තාට ප්‍රකාශ කරයී. එසේ උවත් එය එතරම් වටිනා කාර්‍ය්ක් නොවේ. එහෙත් නැවත ඒ පුද්ගලයාගෙන් ඒ තැනැත්තා කවර හෝ හේතුවක් මත වෙන් වුවහොත් එතනදි තමගේ සිතට දැනෙන පීඩනය මහා විශාලයී. ඒ නිසාම අප සියල්ලෝම අන්‍යන්ගෙන දිවි මගට ගත යුතූ උපදෙස් පමනක් මැනවින් රෑගෙන මේ දිවි මගේ ඇලීම් ගැලීම් වලින් තොරව දිවි ගෙවන්නට කටයුතු කරනටම වෙහෙසෙමු. එය අපගේ දිවියෙ සාර්ත්කත්වය කරා යන ගමනට මහගු පිටු වහලක් වනු ඇත.

Comments

Popular posts from this blog

පොපියන චමත්කාරය විඳින සිංහලයා

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::