තමන්ට තමන්ගෙ ජීවිතය තුල විදින්නට අවශ්‍ය

තමන්ට තමන්ගෙ ජීවිතය තුල විදින්නට අවශ්‍ය යැයී තමන්ගෙ මනසට දැනෙන සතුට හා සැනසුම තමන් තුලින්ම ඇති කර ගත යුතුයී. එය ඇති කරගන්නට තමන්ගෙ මනස නිරවුල්ව නිර්මාණය කර ගන්නට වෙහෙස විය යුතුයී. එසේ නොවන්නේ නම් තමන්ගේ මනස නොයෙක් අයුරින් වි‍කෘති කරගත් උම්මත්තකයෙකු අයුරින් කිසිදු සැනසිල්ලකින් තොර දිවියක් ගත කරන්නට නිතැතින්ම සිදු වනු ඇත. එය ස්වභාවයෙන්ම තමන් විසින් උරුම කර ගන්නක් මිසක් වෙන කිසිදු හේතුවක් මත සිදු වන්නක් නොවේ. අප සියලුම දෙනා සමාජය තුල කරන ක්‍රියාකාරකම් සියල්ලම නිවැරදි නම් අපගේ මනසට ඒ හා සමානම සැනසීමක් ලද හැකිය. එසේම සමාජය තුල වැරදි යැයී සම්මත යමක් කරන්නේ නම් ඒ තුලින් අපගේ මුලු මහත් ජීවිතය තුලටම කිසිදු සැනසීමක් ලද නොහැකි වනු ඇත.

Comments

Popular posts from this blog

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ