හෙළදිව දැන් සිද්ධ වෙන්නෙත් මේ වගේ වැඩ තමා

ලෝකය තුළ යම් පුද්ගලයෙක් සත්‍යවාදීව කටයුතු කරනන්නේ නම් ඔහුට කිසිවෙකුගෙන් කිසිදු උවදුරක් හෝ නින්දාපවාදයක් විදින්නට සිදු නොවේ. එහෙත් යමෙක් ලෝකයේ පැවැත්මෙන් පිට පනිමින් විරුද්ධවූ කි‍්‍රයාවන් සිද්ද කරන්නේ නම් එතනදී ඔහුට කායික මානසික පීඩාවන් රාශියක් විදින්නටම සිදු වන බව අප දැක ඇත. රජෙක් යනු මුලූ මහත් විශ්වයේම මනා කි‍්‍රයාකාරීත්වයන්ට අනුව මැනවින් නිමැවිය යුතු කෙනෙක් මිසක් ස්වකීය චින්තනයන්ට අනුව හා අන්‍යයන්ගේ වදන් වලට නතුව කටයුතු කරන්නෙක් නම් නොවිය යුතුය. එසේ වන්නේ නම් ඔහුට මහා විනාශයන් සිද්ධ වන්නේ කෙසේදැයි බෞද්ධ කතා පුවත් තුළින් මැනවින් දත හැකිය. එහෙත් අප බුදු දහමට අනුවමයි කටයුතු කරන්නේ හා අපේ රාජ්‍ය ආගම බුද්ධාගම ආදී වශයෙන් මිනිසුන් රවටන්නට පමණක් වදන් තෙපලීමෙන් කිසිදු ඵලයක් නැත. සිදුහත් කුමරු බුදු නොවූවා නම් චක‍්‍රවර්ති රජවන බව අප දනිමු. එහෙත් බුදුවීම නිසා මුලූ විශ්වයටම රජෙක් පහලවූවා හා සමානය අදත් හෙටත් ඉදිරියටත්. එසේම උන්වහන්සේ විසින් ඒ දේ්ශණා කරන්නට යෙදුනු දේශණාවන්ගෙන් අදත් එදත් සියල්ලෝම ලැබූ සහ ලබන පන්නරය මෙච්චරයි මෙපමණයි කියා නිමවිය නොහැක. සෑම රාජ්‍යයක්ම යම් සොර දෙටුවන් ඇති බව ...