හෙළදිව දැන් සිද්ධ වෙන්නෙත් මේ වගේ වැඩ තමා

ලෝකය තුළ යම් පුද්ගලයෙක් සත්‍යවාදීව කටයුතු කරනන්නේ නම් ඔහුට කිසිවෙකුගෙන් කිසිදු උවදුරක් හෝ නින්දාපවාදයක් විදින්නට සිදු නොවේ. එහෙත් යමෙක් ලෝකයේ පැවැත්මෙන් පිට පනිමින් විරුද්ධවූ කි‍්‍රයාවන් සිද්ද කරන්නේ නම් එතනදී ඔහුට කායික මානසික පීඩාවන් රාශියක් විදින්නටම සිදු වන බව අප දැක ඇත. රජෙක් යනු මුලූ මහත් විශ්වයේම මනා කි‍්‍රයාකාරීත්වයන්ට අනුව මැනවින් නිමැවිය යුතු කෙනෙක් මිසක් ස්වකීය චින්තනයන්ට අනුව හා අන්‍යයන්ගේ වදන් වලට නතුව කටයුතු කරන්නෙක් නම් නොවිය යුතුය. එසේ වන්නේ නම් ඔහුට මහා විනාශයන් සිද්ධ වන්නේ කෙසේදැයි බෞද්ධ කතා පුවත් තුළින් මැනවින් දත හැකිය. එහෙත් අප බුදු දහමට අනුවමයි කටයුතු කරන්නේ හා අපේ රාජ්‍ය ආගම බුද්ධාගම ආදී වශයෙන් මිනිසුන් රවටන්නට පමණක් වදන් තෙපලීමෙන් කිසිදු ඵලයක් නැත. සිදුහත් කුමරු බුදු නොවූවා නම් චක‍්‍රවර්ති රජවන බව අප දනිමු. එහෙත් බුදුවීම නිසා මුලූ විශ්වයටම රජෙක් පහලවූවා හා සමානය අදත් හෙටත් ඉදිරියටත්. එසේම උන්වහන්සේ විසින් ඒ දේ්ශණා කරන්නට යෙදුනු දේශණාවන්ගෙන් අදත් එදත් සියල්ලෝම ලැබූ සහ ලබන පන්නරය මෙච්චරයි මෙපමණයි කියා නිමවිය නොහැක. 
සෑම රාජ්‍යයක්ම යම් සොර දෙටුවන් ඇති බව එදත් අදත් හෙටත් පැවතගෙන එන්නකි. එය වෙනස් කළ නොහැක. එහෙත් එය පාලනය කරන්නට කටයුතු කළ හැකිය. එබදු කතා පුවත්ක් තමයි කුකකුර ජාතකය. 
බරණැස් රජතුමා සතුව තිබූ අශ්ව කරත්තය එක් ගී‍්‍රෂ්ම කාලයක රාජාංගනයේ නවතා තිබිණි. දිනක් රාති‍්‍රයේ ඇද හැලූනු මහ වැස්සකින් එම කරත්තයේ සම් පටියෙන් නිමවා තිබුණු ආසන හා වරපට සියල්ලම පෙගී මොළොක් වුනා. ඒ හම් සුවද දැනුනු මාළිගාවේ රාජකීය සුනඛ රැුල එකිනෙකා ඒ සියල්ලම ඉරා කා දැමුවා. පසු දින උදෑසන ආරක්‍ෂක භටයෝ තමන්ගේ නොසැලකිල්ලෙන් සිදුවූ මේ වරද වසන් කොට රජතුමාට බොරුවක් කීවා. ස්වාමීණි ඊයේ රාත‍්‍රීයේ නගරයේ ඉන්න දඩාවතේ යන බල්ලෝ ටිකක් මාලිගාවේ වතුර ගලා යන කුණු කානුව දිගේ උයනට පැමිණ ඔබ වහන්සේගේ අශ්ව කරත්තය සම්පූර්ණයෙන්ම විනාශ කරල. මෙය ඇසූ කිසිදු වග විභාගයකින් තොරව අශ්ව කරත්තය දැකල හොදටම කිපුණා. කලේ එකම දෙයයි. මාලිගාවෙන් පිටත ඉන්න සියලූම සුණකයින් මරා දමන්නට නියෝග කලා. 
මේ කාලයෙදී බෝසතාණන් වහන්සේත් සුණඛ ආත්මයක ඉපදිලා හිටියේ. මේ විපත ගැන පරිවාර සුණකයින්ගෙන් අසා දැනගෙන බරණැස් රජතුමා මුණගැසෙන්නට ගියා. ගිහින් රජ තුමාට සිද්ධවී ඇති සියලූ පුවත් සැල කලා. එහෙත් රජ තුමාට එය සාක්සි ඇතිව පෙන්වන්නට නියෝග කල නිසා රජතුමාට උපායක් දුන්නා. 
ගිතෙල් මිශ‍්‍ර තණකොල මාලිගාවේ සුණකයින්ට දෙන්න කීවා. ගතවූයේ ස්වල්ප මොහොතකි. කරත්තයේ සම්පට සියල්ලම වමාරන්නට යෙදුනා. ඉන්පසුව රජතුමා සත්‍යාසත්්‍ය නොවිමසා කටයුතු කරන්නට යාම නිසා තමන්ට අත්වූ නින්දාපවාදයන් ගැන පසු තැවෙමින් හිටියා. එහෙත් ඒ නින්දාපවාදයන්ගේ අඩුවක් න්ම් නොවුනි. එලෙසමයි මේ විශ්වය තුළද එවැනි කි‍්‍රයාවන් නොයෙක් අයුරින් සිද්ධ වෙනව. ඒ සිද්ධවූ පසු කිසිදු විමසීමකින් තොරව කි‍්‍රයාත්මක වීම නිසා ස්වකීය ආත්ම ගෞරවයද හීන කරගන්නව.
අප සිතිය යුතු මෙයයි. අප සියල්ලෝම මිනිසුන් මිසක් තිරිසනුන් නොවේ. එබැවින් සියල්ල මැනවින් තෝරාබේරාගෙන විසදන්නට වෙර දරනවා මිසක් කොහේවත් තියෙන කුණු ගොඩවල් අවුස්සල ගද ගස්සගෙන ඇගේ පතේ ස්පර්ශ කරගන්නට ගියොතින් ස්වකීය දිවියම කුණු අතගාමීන්ම ගෙවන්නට සිදුවනු ඇත. එය අද ඒ අයුරින්ම සිදුවී ඇත

ඇති තතු ඇති ලෙසම මැනවින් හදුනගෙන
නැතිබැරි අයට උවටැන් හැම කරාගෙන
හිටියොත් හොදයි යහතින් දිවි ගෙවාගෙන
නැත්නම් ඉතින් වැනසුම වෙයි නැසීගෙන

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::