සිංහලයා නරක බෞද්ධයින් කළේ මෙලෙසිනි

පෘතුගීසී හා ලන්දේශීන් හා ඉංගී‍්‍රසීන්ගේ එකම අභිලාසය වූයේ මේ රට තමන් යටතට ගෙන තම දෙවියන්ගේ අණසකට යටත්වූ කි‍්‍රස්තියානි රාජ්‍යයක් බවට පත්කිරීමය.  එහෙත් එය එසේ කරන්නට නොහැකි නම් සියලුම සිංහලයින් නරක බෞද්ධයින් බවට පත් කරන්න ඔවුන් උපදෙස් දී ඇත. එය අද ඒ අයුරින්ම සිදුවුන නිසා අද මෙසේ සිදුවිය.තව ටික දිනකින් සිංහලයාට සිදුවන්නේ සියල්ලම අතහැර දමා විහාර මහා දේවිය විලසින් මුහුදට බිලිවන්නට මිසක් අන් කිසිවක් නම් නොවේ. මුදලට යටවූ සමාජයක් තුළ යුක්තිය සොයන්නේ කෙලෙසින්ද?ඉහත සදහන් කියමන් සියල්ලම සදහන්ව ඇත්තේ පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් විසින් රචිත් දේශය සුරකින රන් අසිපත නැමති ග‍්‍රන්ථයෙහිය. ගෝලාකාරවූ ලෝකයේ විවිධ විෂමාකාරී කි‍්‍රයාවන් කරමින් අධර්මයෙන් රජ කරන්නට යන්නවුන්ට සිදුවන්නේ විනාශය මිසක් යහපතක් නම් නොවේ. බුදුන් වැඩි රට තුළ දහම් කරුණු මුවින් තෙපළමින් එයට අනුගත නොවන්නවුන්ට විනාශය මිසක් යහපතක් නම් සිදු නොවේ.

අදමිටු දහම් හෙළ දීපෙන් වියැකේවා
සදහම් දීපෙ නැවතත් මෙහි බැබලේවා
විරුවන් විලස මහ සග ඝණ වැජබේවා
සිහලුනි නැවත හෙලදිව වෙත පණ දේවා

අපායට බියෙන් මත් පැන් නොබිව් මට
උපායෙන් පොවා යලි මා ගෙන සතුට
පපාදර සිටින සුරතල් කුමරු සෙට
කපාදැමු බැවින් විය සතුරන්ට යට

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::