යුක්තිය නැත ලෝකේ

යුක්තිය නැත ලෝකේ

යුක්තිය නැත ලෝකේ - බලයට සැම යටවේ
දුප්පත් වූ අසරණයා සැමතැන පාගා වනසනවා
අදමිටු මිසදිටු නුගුණය නිවටුන් හදතුළ පුබුදනවා
නැතිබැරි නිලබල නැති හැම ගුණවත්
මිනිසුන් වැලපෙනවා.....//

නැණ ඇතිමුත් හදවත් නැති මිනිසුන් මුදලට යටවෙනවා
මව්පියො ¥දරු සොහොයුරු නාමය පමණක් ලියවෙනවා
ගුණ නැති නුගුණය රජයන ලෝකේ
නිවටුන් රජවෙනවා.....//

දුසිරිත රජයන ලෝකය සැමදා අඳුරට යටවෙනවා
නිසිකල වසිනා වැසිදිය බිඳුවද අපහට නොලැබෙනවා
සුළු පිරිසක් කළ පාපයකින් 
මුළු ලෝකය වැනසෙනවා.....//

Popular posts from this blog

පොපියන චමත්කාරය විඳින සිංහලයා

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න