නිසල බුදුු නෙත නෙතට ගැටෙනා විටදි සැනසුම සොය සොයා

නිසල බුදුු නෙත නෙතට ගැටෙනා
විටදි සැනසුම සොය සොයා
අසල ඇති අන් සියලු සැපයන්
අත්හරින්නට සිතෙනවා

කසල මඩ දිය මතද නිලූපුල්
කුසුම් නෙක පිපෙනවා
විකල කෙලෙසුන් සපිරි සතහට
නියත අනියත දෙසනවා

ලතෙත් නොවෙනා මහා ගල්කුලු
තුළද රූසිරි මවමිනේ
තිලොව සනසන එකම නැණ නෙත
මුනිදු නෙත් යුග යාවුනේ

දැවෙන තැවෙනා තිලොව මන නෙත
තුළට සැනසුම සොය සොයා
දිලුනි යනමග විලස පුන්සද
මුනිදුු බුදු බව ලැබුවදා

සසර කතරේ නොදුටු පරතෙර
දකින මංපෙත නැණ අයා
දෙසූ ගීතය මිහිරි ස්වරයකි
සසර වෙදැදුුරු නැණ අයා

ඉපිද සසරේ ගෙවන දිවියේ
මනින පිය අග මරණය
දුුකින් අනියත අත්බවක් නැති
තිපදයකි ලොව වැනසුම

Popular posts from this blog

පොපියන චමත්කාරය විඳින සිංහලයා

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න