සත්‍යය ලොවේ සඟවාගෙන මනසේ

සත්‍යය ලොවේ  සඟවාගෙන මනසේ


සත්‍යය ලොවේ  සඟවාගෙන මනසේ පස්කම් සුව විදිනා
යුක්ති දරුමෙ මුදලට යට කරමින් අනියත රස සොයනා
භවය පුරා ඉපදී මැරෙමින් අප ඇවිදින මේ සසරේ
කෙළවර කොතැනද නෑ අප දුුටුවේ මොහඳුුර මැද ලතවේ

මේ රුදුු ලෝකේ සැනසුම කොතැනද නැහැ අප තව සෙව්වේ
වැනසුම පසුපස පියමනිමින් ලොව 
සුසුම්ලමින් වැනසේ..........//
සත්‍යය ලොවේ  සගවාගෙන මනසේ පස්කම් සුව විදිනා....

යුක්තිය දරුමය සත්‍යය සගවා සැනසෙන්නට සිතනා
මනුසත අද මේ ලෝතුළ තැවෙමින්
දිටුදම් ඵල විදිනා.........//

Popular posts from this blog

පොපියන චමත්කාරය විඳින සිංහලයා

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න