සිතන පතන ඔබ

නිවැරදිව සිතන්නටත් නිවැරදිව පතන්නටත් ඇති මනසට වැරදියට සිතා වැරදියට පතා දුකදුලුම පමණක් විදින්නට ඉඩ ප්‍රස්ථාව සැලසූයේ කවුරුන්ද යන්න අප මැනවින් සිතිය යුතුයි. ඒ මන්දයත්? අප හැම මොහොතකම කටයුතු කළයුත්තේ ඇසට කනට නාසයට දිවට හා ශරීරයට දැනෙන අයුරින් නොව මනසට දැනෙන්නේ නම් මෙය හොදයි මෙය නරකයි යනුවෙන් අන්න ඒ අදහස මැනවින් තෝරා බෙරාගෙන සිදුකරන්නටය. එහෙත් අද සිදුවන්නේ එවැනි සිදුවීමක්ද? නැහැ. අද සිදුවන්නේ එකිනෙකා අතර වෛරයෙන් හා ක්‍රෝධයෙන් ක්‍රියාත්මක වන වට පිටාවකි. ඔබ හෝ මම කේන්තියෙන් සිටින මොහොතක නිවැරදිව කටයුතු සිදු කරන්නට හැකියාවක් තිබෙනවාද?නැතිද?අප කේන්තියෙන් හා ආවෙගශීගීව සිටින විට කිසිදු ක්‍රියාවක් මැනවින් සිදු කළ නොහැක. එහෙත් අපට එවිට අන්‍යයන් හමුවෙදී ලැජ්ජාවට හා පරිභවයට පත්විය හැකිය. එහෙත් මෙය නොසිතන්නාවූ විප්ලවවාදී මානසිකත්වයක් ඇත්තාවූ සිංහල යන නාමයෙන් හෙළදිව දිවිගෙවන්නාවූ බොහෝ පිරිසක් විනාශ මුඛයට පිය මනී. මෙ පිය මැනීම විනාශය කරාම ගමන් ගන්නවා මිසක් යහපත උදෙසා නම් ගමන් නොකරන බව මනසෙහි තබා ගත යුතුමයි. අද හිර ගෙදරට යන්නාවූ සියලුම දෙනා මෙන්ම හෙට සිරබත් කන්නට සැරසෙන්නාවූ පුද්ගලයාදඋපතින...