Monday, December 15, 2014

මගේ ලොකු හාමුදුරුවන්ගේ ආදාහන පූජෝත්සවය

 සසරම දුකයි කැරකෙයි රෝදුක ගාව
පැහැසර මලත් මැලවෙයි හිරු රුස් නෑව
සවසට දිලෙන පුරපෝ සද වෙත ආව
රහු මුව පත් වුනා වැනි හිමි මරු ගාව

සසරේ විදින දුකදුලු හැම සිදලේවා
මෙකලේ කරපු පිංකම් හැම පළදේවා
ලොකු හිමියනේ ඔබ මතු මෙත් බුදු ගාවා
අසමින් දහම් මතු නිවනින් සැනසේවා


Add caption