සිතන පතන ඔබ

නිවැරදිව සිතන්නටත් නිවැරදිව පතන්නටත් ඇති මනසට වැරදියට සිතා වැරදියට පතා දුකදුලුම පමණක් විදින්නට ඉඩ ප‍්‍රස්ථාව සැලසූයේ කවුරුන්ද යන්න අප මැනවින් සිතිය යුතුයි. ඒ මන්දයත්? අප හැම මොහොතකම කටයුතු කළයුත්තේ ඇසට කනට නාසයට දිවට හා ශරීරයට දැනෙන අයුරින් නොව මනසට දැනෙන්නේ නම් මෙය හොදයි මෙය නරකයි යනුවෙන් අන්න ඒ අදහස මැනවින් තෝරා බෙරාගෙන සිදුකරන්නටය. එහෙත් අද සිදුවන්නේ එවැනි සිදුවීමක්ද? නැහැ. අද සිදුවන්නේ එකිනෙකා අතර වෛරයෙන් හා ක්‍රෝධයෙන් ක‍්‍රියාත්මක වන වට පිටාවකි.

ඔබ හෝ මම කේන්තියෙන් සිටින මොහොතක නිවැරදිව කටයුතු සිදු කරන්නට හැකියාවක් තිබෙනවාද?නැතිද?අප කේන්තියෙන් හා ආවෙගශීගීව සිටින විට කිසිදු ක‍්‍රියාවක් මැනවින් සිදු කළ නොහැක. එහෙත් අපට එවිට අන්‍යයන් හමුවෙදී ලැජ්ජාවට හා පරිභවයට පත්විය හැකිය. එහෙත් මෙය නොසිතන්නාවූ විප්ලවවාදී මානසිකත්වයක් ඇත්තාවූ සිංහල යන නාමයෙන් හෙළදිව දිවිගෙවන්නාවූ බොහෝ පිරිසක් විනාශ මුඛයට පිය මනී. මෙ පිය මැනීම විනාශය කරාම ගමන් ගන්නවා මිසක් යහපත උදෙසා නම් ගමන් නොකරන බව මනසෙහි තබා ගත යුතුමයි.

අද හිර ගෙදරට යන්නාවූ සියලුම දෙනා මෙන්ම හෙට සිරබත් කන්නට සැරසෙන්නාවූ පුද්ගලයාදඋපතින් එකම මානසික චින්තනයකින් පරිපූර්ණ වූවෙකි. එහෙත් ඔහු ඒ මානසික චින්තනය විකෘති කරගන්නේ ස්වකීය පංචඉන්ද‍්‍රියන්ට නතුව කටයුතු කරන්නට යාම නිසාවෙන්මය. ඒ චින්තනය හා කි‍්‍රයාවලියට නතු නොවන්නේ නම් ඔහු එතනදී මහත් දියුණුවට පත්විය හැකි සත්වයෙකි. එහෙත් ඉක්මනින් කෝපවී ගැටලුවකට විසදුම් සොයන්නට යන්නේ නම් එතනදී ඒ ගැටලුව විසදන්නට අවශ්‍ය වන ලගම ඇති විසදුමත් නොපෙනී ඔබ නොමගට යන අවස්ථා කොපමණ ඇතිද?

ලෝකයේ සියල්ලම නිර්මානයවී ඇත්තේ හිරු සදු වාතය හා ජලය එකතුවීම තුළින් බව අප දනිමු. එහෙත් අප එය දැන දැනත් නොදන්නවුන් අයුරින් කටයුතු කරන නිසා මානසික විකෘති තාවයන්ට නතුව නොයෙකුත් ආශාවන් පසුපස දිව ගොස් මානසික ආතතීන් මතම දිවි ගෙවයි. ඒ නිසාම නිල බල සොයමින් එකිනෙකා පාගමින් හෝ පෙරට ගොස් තමන් රජා බව පවසන්නට වෙර දරන්නවුන් බොහොමයක් නිර්මාණය වී ඇත. එහෙත් එය නිවැරදිවම සිදුකළයුත්තේ තමන් නිවැරදිව දිවිගෙවීමෙන් බව නොසිතයි. ලෝකය වෙනස් කරන්නට නම් ඔබ නිවැරදිව වෙනස් වඋීමෙන් ඔබ දෙස බලා අන් සියල්ලෝම වෙනස් වනු ඇත. එහෙත් ඔබ වැරදි නම් ඔබ දෙස බලා කිසිවෙක් හැඩ නොගැසෙයි. එහෙත් ඔබට පරිභව කරන්නටත්  විනාශ කරන්නටත් හෙලා දකින්නටත් කටයුතු කරයි. ඒ සියල්ල සිදුවන්නෙ ඔබ වැරදි නම් පමණි.

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::