Postingan

Menampilkan postingan dari Desember, 2012

::: වසරකින් පසු වසරක් සමරන්නට නම්? :::

Gambar
සැනසුම් සුසුම් පිරි දිවියක් මිස වැනසුම් කදුලෙන් මුසු දිවියක් ගතකරන්නට හෝ නිම කරන්නට අප කිසිදු මොහොතක කිසිදු උත්සාහයක් නොගනිමු. එසේම නොකැමැත්තෙමු. එහෙත් අප අද මේ ගෙවන ලද දිවිය දෙස ආපසු හැරී බලන්නේ නම් අපට පෙනෙන්නේ අප සැනසීමෙන් යුතු මනසකින් අන්‍යයන්ගෙන් මෙන්ම තමන්ගෙන් පැසසුම් ලද දිවියක්ද? එසේත් නැති නම් අන්‍යයන්ගෙන් මෙන්ම තමන්ගෙන්ද නින්දාවන් හා අප්‍රසාදයන් ලබමින් ගතකළ දිවියක්ද යන්න පිළිබද විමසන්න. එවිට ඔබ මේ වසර තුළ සිදු කරන්නට යෙදුනු සියලූ වැරදි ක්‍රියාවන් මොනවාද?

::: යුක්තියට ගරු නොකරන්නේ ඇයි? :::

Gambar
" ලාපූනි සීදන්ති සිලාප්ලවන්ති මණ්ඩූකියො කණ්හ සප්පො ගිලන්ති" මේ පාඨයෙන් පැහැදිලි කරන්නේ කුමක්ද? ලබු කබල් දියේ යට යනව.මහා ගල් කුලූ දියේ මතුපිට පාවෙනව . ගෙම්බන් නයින්ගේ පසුපස ගොස් ගිලිනව. මේ අදහස් තුළින් අපට පෙන්වා දෙන්නේ කුමක්ද? ලෝකයේ සිද්ධවන අධාර්මික කි්‍රයාපටිපාටිය නිසා සිදුවන ප්‍රතිඵලයෝම නොවේද? මේ සිහිනයන් දුටුවේ කොසොල් රජු විසින්. එයට පිළිතුරු සපයන ලද්දේ ලොව්තුරා බුදු පියාණන් වහන්සේ විසිනි. අවිනීතිය දුරාචාරය රජයන සමාජයක හැම මොහොතකම සැනසීමෙන් දිවි ගෙවිය නොහැක. එසේම සුදුස්සාට සුදුසු තැන හිමි නොවන්නේ නම් නුසුදුස්සාට නුසුදුසු තැන් හිමි වන්නේ නම් එවිට ලෝකයේ සිදුවන සෑම කි්‍රයාවක්ම කනපිට පෙරලෙන බව බුදුන් වහන්සේ විසින් මැනවින් දේසිතය. එයට ඉතිහාස කතා ගෙනහැර පාන්නට කාලය නොවේ. 

::: සැබෑ ලෝක විනාශය යනු කුමක්ද? :::

Gambar
මින් වසර 2600 කට පෙර ලෝ වැසි සියලු සතුන් දුක් විඳින සසර කතරට අමා වැසි වැස්සවූ මහා කරුණාවෙන් ලොව අග්‍ර වූ මෛත්‍රියෙන් ලොව තෙමූ, කල්ප ගණනක් ඇවෑමෙන් ලොවට පහළවන ශාස්තෲවරයෙක් සිව්රඟ සෙනගින් පිරිපුන් මාර බලය බිඳ දමා පහළ වූ සේක් ද ඒ සිද්ධාර්ථ ගෞතම නම් වූ මේ මහා භද්‍ර කල්පයෙහි සිව්වනුව බුදු පදවිය ලැබූ ශාස්තෲවරයාණන් වහන්සේගේ ලොව පහළ වීම සිදු විය. හේ කෙසේද යත්,

::: ඔබ මැනවින් ආලෝකමත් දිවියක් ගතකරන්නට නම් :::

Gambar
සෑම පුද්ගලයෙකුම මනා සැහැල්ලූවෙන් හා සැනසීමෙන් යුතු දිවි පෙවෙතක් ගත කරන්නට වෙර දරන්නෙමු. නමුදු ඒ සැනසීම ලබන්නට ඔබ විසින් සිදු කරන්නේ කුමක්ද? ඇති අය මරා ඒ අය සතු දෑ පැහැර ගනිමින් ස්වකීය චින්තන සතු අතෘප්තිකර ආශාවන් සපුරන්නටම නොවේද? එසේම ඒ ආශාවන් සියල්ලම තාවකාලික යැයි ඔබ නොසිතයි. අද දින බොහෝ පිරිසක් ලෝක විනාශයක් ගැන කතා කරයි. එහෙත් බුදුන් වහන්සේවිසින් දේශණා කළේ කුමක්ද බඹයක් පමණ වූ අපගේ ස්වකීය ශාරීරික හා මානසික ක්‍රියාකාරීත්වය මැනවින් මෙහෙයන්න. එවිට අප ලෝකය ගැන නොසොයව්වට ගැටලූවක් නැත. ඒ මන්ද? වැරදි නොකරන පුද්ගලයට ලෝකය විනාශ වුවත් ගැටලූවක් නැත.

::: වැනසෙන්නට නොව සැනසෙන්නට වෙර දරන්න :::

Gambar
න වායමෙය්‍ය සබ්බත්ථ නාඤ්ඤස්ස පුරිසො සියා නාඤ්ඤං නිස්සාය ජීවෙය්‍ය ධම්මෙන න වණිං චෙ කරන්න පුලූවන් කියල හිතුනට හැමදේම කරන්න හිතන්නෙපා. එසේම අනුන්ගෙ අතකොලූවක් නොවන්න. අනුන් නිසා ජීවත්වන්නටද නොයන්න. බුදුන් විසින් දේශිත උතුම්  සද්ධර්මය වෙළදාම පිණිස පරිහරණය නොකරන්න.