Posts

Showing posts from June, 2012

:: කිසිදු මොහොතක කිසිදු අයුරකින් තෘප්තියකට පත් නොවන්නා වූ ::

Image
කිසිදු මොහොතක කිසිදු අයුරකින් තෘප්තියකට පත් නොවන්නා වූ මනුෂ්‍යය නැමති සත්වයා විසින් ගෙවන්නා වූ ජීවිතය තුළ ලබන්නට අවැසි යැයි සිතන්නා වූද පතන්නා වූද බොහෝ සැප සම්පත් ඇත. එසේම ඒ සියල්ලම ස්වකීය චින්තනයට අනුකූලව ඉටු නොවුනු සද සියදිවි හානි කරගන්නටත් අන්‍යයන් හා ගැටෙන්නටත් සමහරෙක් ඝාතනය කරන්නටත් බොහෝ ලෙස පෙළඹෙනු ඇත. ඒ පෙළඹීම සිදුවන්නේ කවරාකාරයෙන්ද යන වග අප සිතින් විමසුම් ඇසට යොමු කරන්නට සුදුසුම කාලයයි.

:: පුද්ගලයෙක් මව් ගැබින් පිටවන්නේ ::

Image
පුද්ගලයෙක් මව් ගැබින් පිටවන්නේ කෙසේවත් මිනීමරුවෙකු ලෙසින් නොවේ. ඒ තත්වය තෙක් ඔහු හෝ ඇය ආ ගමනේදී ඔවුන් ඇසුරු කළ යහලූ යෙහෙලියන් ඔවුන්ට පිටදුන් ජනමාධ්‍ය සංදේශාවලිය රූපවාහනී ගවන් විදුලිය ඇතුළ සත්‍ය හා මිථ්‍යාවෙන් යුක්ත වූ නොයෙක් දේ ඔවුන්ගේ ජීවිතය කෙරෙහි හරි හෝ වැරදි ලෙස වරින් වර බලපෑම් කරන්නට ඇත . ප්‍රගමනය වන සමාජ ක්‍රමයට අභියොග යනු අපේක්ෂිත මානුසික සංකල්පයකි. අභියොග මතින් නූතන සාජයට අවතීරණය වීමේදී ස්වාදීනව හා අචලව සියලූ අභියොග ජය ගත යුතු වේ. නූතන සමාජය අභිමුවේ අභිප්‍රේරිත ගමනක යෙදීමට නම් නූතන සාමජය පිළිබද මනාලෙස ඇති තතු එලෙසින්ම වටහාගත යුතු වේ. එසේ නොවන්නේ නම් ඔරොත්තු නොදෙන සමාජ කි්‍රයාකාරිත්වය හමුවේ පසුබෑමට මෙන්ම අතරමං වීමට අපට සිදුවනු ඇත . එසේම හුදෙක් ඇතමෙක් නිවැරදි ලෙස තේරුම් ගන්නාමුත් තවත් අයෙකු මුලූ ජීවිත කාලයටම තේරුම් නොගන්නා සංකල්පය ජීවතයයි. නමුත් කටුක ජීවතයෙන් ලබන සංවේදනා තුළින් මිහිරි ආත්ම වින්දනයක් ලද හැකි නම් ජීවතේ සැබවින්ම සුන්දරය. ජීවිතය සැබවින්ම මනසින් දකින්නට ඔබත් නිරන්තරයෙන්ම වෙර දරන්න.

:: ලතැවිල්ලෙන් යුතු අතීතය ::

Image
ලතැවිල්ලෙන් යුතු අතීතය දෙස බලා ඔබ තවත් ලතැවිල්ලකටම පත්වන්නට වෙර නොදරන්න ඒ මන්ද යත්? ඒ තුළින් ඔබට කිසිදු යහපතක් සිදු නොකරයි. එහෙත් ඔබට අයහපතක් සිදු කරයි. ඒ කුමක්ද? ඔබ සිතන පතන සියලූම දෑ මැනවින් සිදු කරන්නට නොදී සියල්ලම සිහිනයකට පමණක් සීමා කරනු ඇත . අප සියල්ලෝම සිතන පතන දෑ මැනවින් ඒ අයුරින්ම සිදු වන්නේ නම් අපගේ මනස කෙතරම් නිරවුල්ද? එහෙත් ඒ අයුරින් නිමවන්නට වෙර දරන්නේ මේ සමාජගත සත්වයින්ගෙන් බොහොම සීමිත ප්‍රමාණයකි. ඔබ මුලූ විශ්වයෙන්ම අයදින්නේ දුකක් ඇති විටදි සතුට දෙන්න යනුවෙන් පමණි. සතුටින් ඇති විටදි දුකක් දෙන්න යනුවෙන් අයදිනවාද? නැහැ. ඒ මන්ද මානසික සැහැල්ලූවටම ඔබගේ මනස නිමවා ඇති නිසාවෙන්මය. අතීතය අනාගතය මැනවින් නිමවා ගැනීමට යහපත් ගුරුවරයෙක් අයුරින් මැනවින් ඔබ හමුවේ තබාගෙන කටයුතු කරන්න. එසේ නොවන්නේ නම් ඔබ සෑම මොහොතකම කරදර පැටලෙන මනසක් ඇති පුද්ගලයෙකුම වනු ඇත . එහෙත් අප ඒ අයුරින් දවි ගෙවන්නට කැමැත්තො නොවෙමු. එබැවින් ඔබ මේ අයුරින් කටයුතු කරන්නට වෙර දරන්න

::: ජීවත් වන්නට :::

Image
ඔබ ජීවත් වන්නට කෙතරම් වෙහෙසක් දරනවාද? එහෙත් ඒ වෙහෙස සාර්ථක වෙහෙසක්ද? අසාර්ථක වෙහෙසක්ද? යන වග අප අපගේ නැණසින්ම විමසා බලන්නට පෙළඛෙනවාද? මේ පුංචි කිරිකැටියා මේ ලෝකය ගැන කුමක් දන්නවාද? එහෙත් ඔහු අපට පවසන්නේ කුමක්ද? ඔහුට යමක් තේරුම් ගන්නට ඇති හැ කියාවත් අපට යමක් තේරුම් ගන්නට ඇති හැකියාවත් අතර ඇති පරතරය කෙබදුද යන වග ඔබ ඔබගේ නැණසින් මෙන්ම මනසින්ද මදක් සිතන්න. ඔබ ලෝකයට එන්නට ප්‍රථමයෙන් කෙතරම් දුක්ඛිත මානසිකත්වයක් තුළ නියැලෙන්නට ඇතිද? එසේම අද ඔබ මේ ලොව තුළ උපදින්නටද මහත් වෙහෙසක් දැරිය යුතුව ඇත. එහෙත් ඒ ඉපදීම සිදුකරන්නට මේ ලෝකායේ මේත්තා , කරුණා , මුදිතා ,උපේක්ඛා යන සිවිබඹ විහරණයන්ගෙන් යුතු මව් කෙනෙක් කොතැනක වාසය කරන්නේද යන වග සොයන්නට සිදුව ඇත .