:: ලතැවිල්ලෙන් යුතු අතීතය ::

ලතැවිල්ලෙන් යුතු අතීතය දෙස බලා ඔබ තවත් ලතැවිල්ලකටම පත්වන්නට වෙර නොදරන්න ඒ මන්ද යත්? ඒ තුළින් ඔබට කිසිදු යහපතක් සිදු නොකරයි. එහෙත් ඔබට අයහපතක් සිදු කරයි. ඒ කුමක්ද? ඔබ සිතන පතන සියලූම දෑ මැනවින් සිදු කරන්නට නොදී සියල්ලම සිහිනයකට පමණක් සීමා කරනු ඇත . අප සියල්ලෝම සිතන පතන දෑ මැනවින් ඒ අයුරින්ම සිදු වන්නේ නම් අපගේ මනස කෙතරම් නිරවුල්ද? එහෙත් ඒ අයුරින් නිමවන්නට වෙර දරන්නේ මේ සමාජගත සත්වයින්ගෙන් බොහොම සීමිත ප්‍රමාණයකි. ඔබ මුලූ විශ්වයෙන්ම අයදින්නේ දුකක් ඇති විටදි සතුට දෙන්න යනුවෙන් පමණි. සතුටින් ඇති විටදි දුකක් දෙන්න යනුවෙන් අයදිනවාද? නැහැ. ඒ මන්ද මානසික සැහැල්ලූවටම ඔබගේ මනස නිමවා ඇති නිසාවෙන්මය. අතීතය අනාගතය මැනවින් නිමවා ගැනීමට යහපත් ගුරුවරයෙක් අයුරින් මැනවින් ඔබ හමුවේ තබාගෙන කටයුතු කරන්න. එසේ නොවන්නේ නම් ඔබ සෑම මොහොතකම කරදර පැටලෙන මනසක් ඇති පුද්ගලයෙකුම වනු ඇත . එහෙත් අප ඒ අයුරින් දවි ගෙවන්නට කැමැත්තො නොවෙමු. එබැවින් ඔබ මේ අයුරින් කටයුතු කරන්නට වෙර දරන්න

ලැතැවිල්ලෙන් යුතු අතීතය දෙස කදුලූ සලන සෝසුසුම් හෙලන පෙලෙන මනසකින් ඔබ නොබලන්න. එය ඔබට අයහපතක් මිස යහපතක් ඉටු නොකරයි. එහෙත් ඔබ සැනසිල්ලෙන් යුතු දිවියක් ගෙව්න්නට අවැසි මැනසිකත්වයක් සදහා ලතැවිල්ලෙන් යුතු අතීතය ගුරුවරයෙකු අයුරින් ඔබ හමුවේ තබාගෙන අන් සියල්ල අතීතය තුළම වලලන්නට වෙර දරන්න. ඔබ කසල ගොඩක් තිබූ තැනක් සාරන්නේ නම් ඒ තුළින් කසලම මිසක් වෙන කිසිවක් පැතිය නොහැකිය. ඔබ සතුව යම් කුඩා හෝ දැනුමක් ඇති පුද්ගලයෙකු අයුරින් වැඩෙන්නට වෙර දරන්න. එවිට ඔබ මහා ඝණ වනාන්තරයක සිටියමුදු ඔබ සමීපයට මගක් ඉබේටම නිමැවෙනු ඇත . ඒ මන්ද දැන උගත් දෑ අවශ්‍ය වන කවරෙකු හෝ මේ ලෝකය තුළ දිවි ලෙවනා බැවිනි.


Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::