::: ජීවත් වන්නට :::

ඔබ ජීවත් වන්නට කෙතරම් වෙහෙසක් දරනවාද? එහෙත් ඒ වෙහෙස සාර්ථක වෙහෙසක්ද? අසාර්ථක වෙහෙසක්ද? යන වග අප අපගේ නැණසින්ම විමසා බලන්නට පෙළඛෙනවාද? මේ පුංචි කිරිකැටියා මේ ලෝකය ගැන කුමක් දන්නවාද? එහෙත් ඔහු අපට පවසන්නේ කුමක්ද? ඔහුට යමක් තේරුම් ගන්නට ඇති හැකියාවත් අපට යමක් තේරුම් ගන්නට ඇති හැකියාවත් අතර ඇති පරතරය කෙබදුද යන වග ඔබ ඔබගේ නැණසින් මෙන්ම මනසින්ද මදක් සිතන්න. ඔබ ලෝකයට එන්නට ප්‍රථමයෙන් කෙතරම් දුක්ඛිත මානසිකත්වයක් තුළ නියැලෙන්නට ඇතිද? එසේම අද ඔබ මේ ලොව තුළ උපදින්නටද මහත් වෙහෙසක් දැරිය යුතුව ඇත. එහෙත් ඒ ඉපදීම සිදුකරන්නට මේ ලෝකායේ මේත්තා , කරුණා , මුදිතා ,උපේක්ඛා යන සිවිබඹ විහරණයන්ගෙන් යුතු මව් කෙනෙක් කොතැනක වාසය කරන්නේද යන වග සොයන්නට සිදුව ඇත .

Comments

Popular posts from this blog

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ