Posts

Showing posts from May, 2017

මහ වැස්සක් නිසා ගිං ගන් කොමලිය පිටාර ගලා කල විපතක මහත.මිනිසුන්ගේ සියලුම දේපල විනාශ කර දමා ඇත.

Image

යනවා අම්මේ රජ මැතිවරු දෙනෙත පියා

Image
දැනුනම කුසගින්න නිමවන මගක් සොයා යනවා සැවොම මහමග වෙත දෑත අයා එනමුත් කුසේ කුසගින්නක් නොමැති නියා යනවා අම්මේ රජ මැතිවරු දෙනෙත පියා පෙරදින අම්මේ අප කළ පව්කම් හින්දා අදදින මෙහෙම පාරට බැසගත් හින්දා විදිනට උනා නොව අම්මේ දුක් නින්දා නාඩන් අම්මේ නාඩන් නුඹ ඉකිබින්දා ජීවන ගමන කටුකයි නොව මගෙ අම්මේ පාවෙන සිතේ සිතුවිලි මත හද නැම්මේ ඉවසාදරාගෙන සිටි නම් පෙර අම්මේ මේවැනි දුකක් විදිනට නොමැතිය අම්මේ පෙර අත්භවේ මසුරුව අප වසපු නිසා මෙලෙසට වෙන්න ඇති සසරෙ කරුම නිසා මතු අත්භවේ කදුලැලි සහ මුලින් නසා සැනසුම පතා නාඩන් පුත ඉකිම ගසා රචනය-මැදිරිගිරියේ සෝමානන්නද හිමි

පරගැති විරිත් හෙළ සිත් තුල මවාගෙන

Image
සම්බුදු සසුන වනසන්නට බලාගෙන කම්මුතු කරන්නට වෙහෙසෙන මහ සගන සුරකින්නට සිතා දිවියෙන් වැඩකරන හිමිවරු අපේ සුරකිනු මැන දෙවිවරුන පරගැති විරිත් හෙළ සිත් තුල මවාගෙන යනවා අපේ ඉතිහාසය ගසාගෙන හෙළ රජවරුන් කහ සිව්රෙන් වසාගෙන රජකල අයුරු මතකද දිවි නසාගෙන දස රජදහම් මුවගින් නිති දොඩාගෙන නරිහම් ගොඩක් සිය සිරුරෙහි පොරෝගෙන සුරකිමි මෙඅප බුදුදම් දිව මහෝගෙන කියවපු එවුන් ඇයි අද කට කසාගෙන පෙර රජ දරුවො සිය පන මෙන් මහ සගන රැුකගත් අයුරු මතකයෙ නැත මෙඅද දින අතුගා දමා ඉතිහාසය පෙනෙන තැන වෙහෙසෙයි නසන්නට හැමදෙන බුදු සසුන තලනා විටදි කඩු මුවහත වැඩෙන ලෙස වනසන විටදි වැජඹෙයි බුදු සසුන් කෙත සිටිනා තැනක ලොව දෙවියන් සදන් සෙත උරදෙනු මැනවි රැුකගන්නට සසුන් කෙත හිරුගේ එළියමෙන් කහවත බැබලේවා සියවස් දහස් ගණනක් ලොව පවතීවා වනසා දමන්නට එන හැම වියැකේවා සම්බුදු සසුන හිරු සදු මෙන් සුරැුකේවා රචනය- මැදිරිගිරියේ සෝමානන්ද හිමි