ආවත් දස අතින් නෙක නව වද බෝම

ආවත් දස අතින් නෙක නව වද බෝම
අතහැර යන්නෙපා කිසිදා සැනසීම
සැපතක් ලබන්නට පළමුව විදවීම
කලොතින් තමයි හදුනන්නේ සැනසීම

සිය නැණ මනස එකටෙක සතපමින් අනේ
විමසා බලා කටයුතු කෙරුවොතින් නැනේ
සැපතක් මිසක දුකදුලු නැත සසර වනේ
එය නම් සැබෑවකි බුදු හාමුදුරුවනේ

අතහැර දමා සක්විති සම්පත් නේක
පියවර තබා ගොරහැඩි මහ දගගේක
විදිමින් නේක දුක් දොම්නස් ලොව නෙක්
සිදුහත් කුමරු සම්බුදු බව ලැබු සේක

අමතක කර දමා බිරිදද රහල් පුතු
යන්නට එපා කීවත් සිය සිතග ගතූ
සංසාරයේ අප හැමදා නිතර පැතූ
ගමනක් ගියා සුද්ධොදන රජුගෙ පුතු

සංසාරයේ ඇතිවන දුක සොයන්නෙමී
ඒ දුක් ගැහට මුලිනුපුටා දමන්නෙමී
පත්වන විපත් හැමදේ ගැන හැදින්නෙමි
මේ හැම දිනන මග හැමටම දෙසන්නෙමි

Comments

Popular posts from this blog

පොපියන චමත්කාරය විඳින සිංහලයා

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න