හෙළදිව සිහලුනේ මේ දෙය අහපල්ලා

හෙළදිව සිහලුනේ මේ දෙය අහපල්ලා
උඹලා පිරිහුනේ ඇයිදැයි සිතපල්ලා
අතපය හකුලගෙන තව තව නිදපල්ලා
ඉන්පසු මුහුද වෙතටම හැම පැනපල්ලා

ජාතිය කුලය ආගම කොයි අතද කියා
බැලුමට කාලයයි පිරිපුන් මනස අයා
රහමෙර බිබී හිටියොත් තව දෙනෙත පියා
යන්නට වෙන්නේ පරලොවමයි දතම නියා

දුසිරිත අගය කොට සුසිරිත පසෙක තියා
හෙළ කුල සිරිත් දැම්මා කුණු ගොඩට නියා
සවිබල නැතිව පිටි ගිලිමින් දෙනෙත පියා
කොහොමද සියලුනේ ඉන්නේ දෙකන අයා

අම්මල අප්පලා අක්කල නංගිලට
අයියල මල්ලිලා හැම සොහොයුරන් හට
ඉන්නට හිටින්නට බිම්කඩ නොමැත හෙට
නැගිටිව් වරෙව් යුද කොට රට රකින්නට

ගහ ගන්නට නොවේ බැන ගන්නටද නොවේ
හෙළ කුළ සිරිත් සිහිකර එය සිහිළ දිවේ
ගාගෙන එයම ජප කරමින් නිතර දෙවේ
හිටියොත් ඇහැකි සුරකින්නට සිහල බවේ

ආයුෂ වැඩෙන්නට ආසිරි මුලින් පැතූ
අපි අද පතන්නේ කිමදො සිතනු මිතූ
දහසක් නයින් තැනුවත් ලොව අනගි බිතූ
ඒ ලස්සනට වහ නොවැටෙන් සිහල මිතූ

සුරකින් පුතේ හෙළදිව කුළ සිරිත් අනේ
සුපතන් ආයුබෝවන් හෙළ දිවට අනේ
කළකම් හොදට කළහොත් යහපතකි උනේ
එහෙනම් සැමට තිසරණ සරණයම ගෙනේ

Comments

Popular posts from this blog

පොපියන චමත්කාරය විඳින සිංහලයා

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න