Saturday, May 14, 2016

හදවත නැතිව දරුවන් ලොව වැදුව නිසා




දුටුවම දසුන බැහැ නොව ඉවසන් ඉන්න
මේ අම්මටත් වෙසගේ සිරි ගෙන එන්න
කාලය නොමැත දැන්නම් හිමි දැනගන්න
මේ මහ විපත උනෙ කිමදැයි වමසන්න

හදවත නැතිව දරුවන් ලොව වැදුව නිසා
දරුවන් යනවා මාපියො දැක දෙනෙත වසා
මෙත් කරුණාව හදපතුලේ නොමැති නිසා
මේ වැනි විපත් සිදුවෙයි ලොව එළිය නසා

අද නොව බුදුන් සිටි දවසද මෙයම උනා
බිම්සර මහ රජැද සිරගේ සිර කෙරුනා
අකලට මහා වැසි වරුසා බිම වැටුනා
පව්කළ සැවොම ඒ වැස්සට නිති තෙමුනා

අහසේ පොළොවේ දෙවියන් අවදියෙන් ඇත
මේ හැම හැම විපත් එහි අද ලියවිලා ඇත
අප හැමදෙනගේ කළකම් දෙවිවරුන් අත
තිබෙනව එහැම කාලෙට ඵල ලැබෙනු ඇත

හොද අය අතරේ වරදක් කළ අයද ඇත
ගද මල් අතර සුසුවද මල් පිපෙනු ඇත
අව් වැසි සුළග හා සදු වෙන වෙනම ඇත
මේ හැම එක්ව මහ විපතක් කරනු ඇත

හොද හා නරක කරමින් අප සසර පුරා
ඉපදුනි මෙමනු ලොව පිංඵල පෙරට දරා
හොද මත නරක ගෙන දැමුවොත් වෛ දරා
දුකදුලු මිසක සතුටක් නැත සිතග පෙරා

No comments:

Post a Comment