Posts

Showing posts from February, 2016

සසරම දුකයි රෝදය ලෙස කැරකෙනවා

Image
සසරම දුකයි රෝදය ලෙස කැරකෙනවා ලෝසත වසයි නිතරම පව් කරවනවා මාරය කෙදින හෝ අප වෙත පැමිණෙනවා එවිටදි අනේ යනු බැහැ හැම වැලපෙනවා සසරට බදින ලද පව්මුල් සිදිනු මැන මෙසසර සියලු දුකදුලු කැට සිදුනු මැන නිසසල සසර සිරිසර කර සිටිනු මැන නැතිනම් සසරේ නිතරම දුක් විදිනු මැන උපතත් සමග මරණය නිති පැමිණෙනවා කළ හොද නරක අප පසුපස පැමිණෙනවා අම්මත් පියත් සොහොයුරු හැම හැමුවෙනවා සැප දුක පෙරදි කළකම් ලෙස විදවනවා සත්වග විදින දුක් ගිනිදැල් අතැර දමා සන්තක සිතින් දම්මග යනු මැනවි සැමා පත්වන විපත් බියකරුමය සැමට පමා සංවර වෙලා සැනසුම් සුව විදිනු අමා