සසරම දුකයි රෝදය ලෙස කැරකෙනවා


























සසරම දුකයි රෝදය ලෙස කැරකෙනවා
ලෝසත වසයි නිතරම පව් කරවනවා
මාරය කෙදින හෝ අප වෙත පැමිණෙනවා
එවිටදි අනේ යනු බැහැ හැම වැලපෙනවා

සසරට බදින ලද පව්මුල් සිදිනු මැන
මෙසසර සියලු දුකදුලු කැට සිදුනු මැන
නිසසල සසර සිරිසර කර සිටිනු මැන
නැතිනම් සසරේ නිතරම දුක් විදිනු මැන

උපතත් සමග මරණය නිති පැමිණෙනවා
කළ හොද නරක අප පසුපස පැමිණෙනවා
අම්මත් පියත් සොහොයුරු හැම හැමුවෙනවා
සැප දුක පෙරදි කළකම් ලෙස විදවනවා

සත්වග විදින දුක් ගිනිදැල් අතැර දමා
සන්තක සිතින් දම්මග යනු මැනවි සැමා
පත්වන විපත් බියකරුමය සැමට පමා
සංවර වෙලා සැනසුම් සුව විදිනු අමා

Comments

Popular posts from this blog

පොපියන චමත්කාරය විඳින සිංහලයා

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න