Posts

Showing posts from October, 2018

යදම් වලින් හිමි වරුන්ව බැද දමන්න තරම් අපේ

Image
යදම් වලින් හිමි වරුන්ව බැද දමන්න තරම් අපේ රජමැතිවරු නිවට වෙලා මොන ගුණයද ඒක තොපේ මේ රට ජාතිය ආගම රැකගන්නට හැමට අපේ කතා කලේ ඒ හින්දද ඇග භැන්දේ උඹල අපේ ජාති ජාති තරහක් නැහැ හෙලයනි මෙය අහපල්ලා උඹලගේ දරුවන් වෙනුවෙන් මෙහෙම උනේ හිතපල්ලා ඡාරයකට නැති එවුන්ව මේ රට තුළ හදපල්ලා ඊට පස්සෙ උඹල හැවොම මුහුදට පැන මැරියල්ලා ජාතිය ආගම නැතිවට කන්න බොන්න තියෙන නිසා කාකිය ඇදගත් එවුන්ට මහ උන්දල කියන නිසා මෙහෙම කරල මදි තොපිලා අපි කවුරුත් සිහල නිසා මරපල්ලා ඉක්මනින්ම අපි පරගැති නොවන නිසා රට ජාතිය රැකගන්නට ආගම දහමින් බැරිනන් කියපල්ලා මොකද අපිට කරන්න ඇති කිරිය බොලන් මේ හැම දේ වැනසෙනකොට ඒ හැමදේ බලා ඉදන් ඉන්නද බොල කියන්නෙ තොප අපිටත් කා නිකන් ඉදන් දානෙ හම්ඛෙනව තමයි දුප්පත් මිනිසුන්ගෙ අතින් ඒ හින්දා තමයි මෙහෙම අපිලට කැක්කුමත් ඉතින් පොඩි මිනිසුන් දා බිදුවෙන් උබලට කත් ඇදල ඉදන් හොයන තුට්ටුවෙන් නොවේද උබල ඉන්නෙ හිතන් බොලන් මෙහෙම ගියොත් ටික කලකින් බත්පත නැති වෙනව ඉතින් කැලේට ගොස් කර කොලයක් කන්න වෙනව ටික දොහකින් අදමිටුවන් දුරැර රටේ මිස දිටුවන් පහල වෙයන් ලෝ පාලක ...