පස් කම් සැපයකට යටවූ මිනිස් කය

පස් කම් සැපයකට යටවූ මිනිස් කය විස්කම් පෙන්නමින් කාමයෙ හැසිරෙතිය දස්කම් කියා හැසිරී ඒ මිනිස් කය වනසට සැමට උරුමයි මේ දහම් කය සිටියා අදුරු පෙදෙසක් තුළ පලගැටියා දුටුවා දුරම අවලෙන ගිනි ගොඩක් මෙයා සිතුවා එදෙස පියඹා නෙතු පිනමි තියා අයියෝ පහන් සිලුවෙන් ඌ දැවී ගියා තුඹසින් එළිය වෙත නිතරම නොයෙන නයා ඇසුනොත් නලා නාදය දෙසවනම අයා කද බඩ කෙලින් කරමින් සිය පෙනය අයා නටනා නාගයා හසු උනෙ සැපය සොයා මල් වල රොන් උරන සිතුවිලි සිතේ තියා ඇත්මද වැගිරෙනා ඇතෙකුගෙ මදය සොයා මල් රොන් උරන විලසින් දෙනයනම පියා ඇත්මද බොනා මීමැසි පරලොවම ගියා දමනා විටදි ජලයට ඇම කටුව නිති හමනා සුළග විලසින් මාලුවෝ එති දිවයට පිනන රසයට සිත ලොබය ඇති මාලුව නමුදු දිව පිනවා එලොව යති ඇත්මද වැගිරෙනා කාලය එලඹි විට හස්තිය මෙල්ල කරගන්නට නොහැකි කොට ඇතිනිය ලගට කැදවා ඇතු වසග කොට සිව්පා විලගුලා හනිකට බදිති වැට ඇස කන නාස දිව සිරුරද පිනවගෙන රිය සක පෙරලමින් අප සැම යන ගමන පියවර අනුව දුක සැප අප හද දවන එන බව සිතා පිනවන හැම පිනනු මැන